(සිරංගිකා ලොකුකරවිට )
ගාලු උරුමයට හානිකර සියලු අනවසර ඉදිකිරීම් ඉවත්කරන ලෙසත් කොටුවේ ඇති සියලුම රාජ්‍ය ආයතන කඩිමින් එම ස්ථානවලින් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙසත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කළේය.
අග්‍රාමාත්‍යවරයා මේ නියෝගය කළේ ගාල්ල කොටුව ලෝක උරුමයේ අනවසර හා නොගැලපෙන ඉදිකිරීම් සම්න්ධයෙන් තීරණ ගැනීම සඳහා ගාල්ල සමුද්‍ර කෞතුකාගාර පරිශ්‍රයේ අද (24) සවස පැවැති රැස්වීමක දී ය.
අගමැතිවරයා එහි දී මෙසේ ද කීවේය.
''ගාල්ලට නව නගර සැළැස්මක් යෝජනා කරලා තියෙනවා. සංචාරක කර්මාන්තය ඉලක්ක කරගෙන ලෝක උරුමය ආරක්ෂා කරගනිමින් මේ සංවර්ධන සැළසුම් ක්‍රියාත්මක විය යුතුයි. එක් එක් ආයතනවලට අවශ්‍යවලට ඉදිකිරීම් කරන්න බැහැ. රජයේ ආයතන වුණත් නගර සැළැස්මට අනුව ඉදිකිරීම් කළ යුතුයි. සියල්ල එක් සැළැස්මකට අනුව ක්‍රියාත්මක වෙන්න අවශ්‍යයි. ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් අනවසර ඉදිකිරීම් නිසා ඒවා ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගත යුතුයි. එක් එක් ඉදිකිරීම්වලට වෙන වෙනම නීති තිබෙන්න බැහැ."
මෙම රැස්වීම සඳහා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා, තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා, තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේ මහතා, ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා ඇතුළු මැති ඇමැතිවරු රැසක් සහ රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපති තුමා ඕවර් රූල් කරයිද මන්ද?
යාපනය , මන්නාරම සහ කිලිනොච්චිය යන දිස්ත්‍රික්ක හැර අනිත් දිස්ත්‍රික්ක වල විතරක් ද එහෙම කරන්නේ?
හොඳ තිරණයක්.සංචාරක කළාප ඇති කරනවා වගේම සංචාරකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් වැඩපිළිවෙළක් සකස් කල යුතුයි මොකද හොරු නිසා ඔවුන් පීඩාවට පත් වෙනවා වගේම රටටත් කැළලක් ඇති වෙනවා.
එහෙනම් ඉතින් මෙයාව තමයි ඉස්සෙල්ලම ඉවත් කරන්න ඕනේ.
"කොටුවේ ඇති සියලුම රාජ්‍ය ආයතන කඩිමින් එම ස්ථානවලින් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙසත්" " ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් අනවසර ඉදිකිරීම් නිසා" ඒවා ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගත යුතුයි. මේ හදන්නේ රාජ්‍ය ආයතන පිහිටා ඇති භූමියත් විකුනල අපේ උරුමයත් විකුනල දාන්න නේද ?
ගාලු උරුමයට ගෞරවයක් ලැබෙන සේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම ඉතාම හොඳ නියෝගයක්. එහෙත් දේශපාලන බලවතුන් මෙයට අවහිර කිරීමට ඉඩ තිබෙනවා. පොලිතින් තහනම වගේ නො වේවි පතමු.
මීට පෙර අගමැති වුණු වෙලාවේ විදේශිකයින්ට දේපල මිලදීගැනීමට පනවා තිබු බද්ද ඉවත් කරලා ගාලු කොටුව විදේශිකයින්ට නතු කළෙත් මෙයාම තමයි.
කොටුව ඇතුලේ තියන රාජ්‍ය අයතන ටික අහක් කරලා ඒ ගොඩනැගිලි ඔක්කොම කොමිස් කුට්ටිවලට තමුන්ගේ හෙන්චයියලාට දෙයි...