(නාලක සංජීව දහනායක )
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය නිමිත්තෙන් පැවති දානමය පිංකමේදී වේඬරුවේ උපාලි අස්ගිරි පාර්ශවයේ අනුනාහිමියෝ කළ සම්පූර්ණ අනුශාසනාව නොඇසූ පිරිස් රාජපක්ෂවරුන්ට හා මහා සංඝරත්නයට මඩගැසීමේ ව්‍යාපාරයක් ආණ්ඩුව විසින් අරඹා තිබෙන බව ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අද (24) පැවසීය.
එහෙත් එම ප්‍රකාශය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය විරෝධය නොදක්වන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
එහිදී මන්ත්‍රීවරයා මෙසේ ද කීය.
හිටපු ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ මහතාගේ ජන්ම දිනයේදී වේඬරුවේ උපාලි හිමියන් විසින් සිදුකළ ප්‍රකාශයක් පදනම් කර ගනිමින් මහා සංඝරත්නයට මඩගැසීමේ ව්‍යාපාරයක් ආණ්ඩුව විසින් අරඹා තිබෙනවා.
මේ වනවිට ඇතිවී තිබෙන අර්බුදවලින් රට ගොඩ ගැනීම සඳහා දැහැමි ඍජු ගතිගුණ තිබෙන පාලකයෙක් රටට අවශ්‍ය බව උන්වහන්සේ අවධාරණය කළා. වේඬරුවේ උපාලි හිමියන්ගේ මෙම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම ඇහුවේ නැති උදවිය මහා සංඝ රත්නයටත්, රාජපක්ෂවරුන්ටත් විරුද්ධව විවිධ ප්‍රකාශ සිදුකරනවා.
මෙම ප්‍රකාශයෙන් වැඩියෙන්ම කළබලයට පත්ව සිටින්නේ බුදු පිළිම වහන්සේලාගේ බෙල්ලෙන් අල්ලන් සිටි බවට චෝදනාවට ලක්වූ මංගල සමරවීර අමාත්‍යවරයායි. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා හැරුණු විට යුද්ධය නිම කිරීමේ විශිෂ්ටතම කාර්යයක් කළ අනෙක් තැනැත්තා ගෝඨාභය රාජපක්ෂයි.
උම්බලකඩ කෑල්ලක්වත් නොකන ඉතාම සාමකාමී ජීවිතයක් ඔහු කිසිසේත්ම හිට්ලර් පන්නයේ කෙනෙක් නෙවෙයි. ගෝඨාභය රාජපක්ෂගේ නාමය කිසිසේත්ම ඉතිහාසයෙන් මකා දැමිය නොහැකි යැයිද කීය.
ඒකාබද්ධ විපක්ෂය විසින් බොරැල්ල, වජිරාස‍්‍රම විහාරයේදී අද (24) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විරුද්ධ වුණානම් තමයි පුදුමේ. ජනාධිපති සිහිනයට අනුනායක හාමුදුරුවන්ගෙන් තල්ලුවක් වෙනුවට මුල්ලුවක් නේද වැදිලා තියෙන්නේ? දැන් කොච්චර නිවේදන නිකුත් කළත් වෙන්ට ඕන හරිය වෙලා අවසානයි. ඕකනේ කියන්නේ "ගිය නුවණ ඇතුන් ලවාවත් ඇද්දවිය හැකි නොවේ" කියලා.
උම්බලකඩ කන්නේ නැති සමහර උදවිය මිනී මස් කනවානේ..............
වෙන මොනව කරන්නද? කාලගෝලයන්ටත් ගෝඨාභය සරණයි කිව්වලු..
ඔබ නොදන්නවට හිට්ලරුත් සම්පූර්ණයෙන්ම වෙජිටේරියන් කෙනෙක් එයත් උම්බලකඩ කෑල්ලක්වත් කාල නැහැ.
හාමුදුරුවෝ දේශනා කලේ කාලීන අවශ්‍ය තාවයයි සංහල නොතේරෙන බූරැ රැලට කඵාවේ යථාර්තය තෙරුම් ගන්න අමාරැයී
වෙල්ගම මහත්තය නම් ඉන්නේ වෙන අදහසක,
අගමැති රනිල් මයා කීවානම් ඔය කතාව අම්මට සිරි ඒකාබද්දෙ අද එහනම් රටම කුලප්පු කරනවා ඔන්න වෙනස
අස්ගිරි අනුනාහිමියන්ගේ ප්‍රකාශයට ඒකාබද්ධ විපක්ෂයේ විරෝධයක් නෑලු ඒක හරි ඒකාබද්ධ විපක්ෂයේ ගොන් තකතීරුවො නැහැනේ. නැතිනම් මොන බූරුවාද උපමාවකට ගත් වචනයට වාද කොරන්නේ. හාමුදුරුවෝ කීවානම් වසවර්තියා හරි කමක් නැහැ රට හරිමගට ගන්නවානම් කීවානම් වසවර්තියා ගැනත් වාද කරාවි. එහෙම ගොයියෝ මෙතන ලියන්නේ
අගමැති තුමා කියපු සරදියෙල් කරපු විදිය එතුමාට අමතක උනේ අපේ වාසනාවකට,
හිට්ලරුත් උම්බලකඩ කෑල්ලක්වත් කෑවේ නැති වෙජිටේරියන් තමයි.. නමුත් මිලියන ගානකගේ ජීවිත අහිමිකළා. ගෝටා කළ හරිය ඩලස් වගේම අපිත් දැක්කනේ..
ඩලස් කියනවා හිට්ලර් වෙජිටේරියන් කියලා. ඉතිහාසෙ ඉගෙන ගන්න.
හැකිනම් ගෝඨාභය විසින් අනුගමනය කළයුතු හිට්ලර්ගේ එකම හොඳ ගුණයක් හෝ කියන්න හාමුදුරුවනේ...
ඒකාබද්ධ විපක්ෂයේ විරෝධයක් නෑ ඔය ප්‍රකාශ වලට! අනික ඕවා ගැන හිතන්න වෙලාවකුත් නැහැ! අපි මේ කලපනා කරන්නේ 2020න් පස්සේ කුට්ටි බෙදා ගන්න විදිය ගැන!
බුදුදහමයි රටයි, දෙකම ඉවරයි... දැන් මොනවා සුද්ද කරන්නද?
හිට්ලර් කියන්නේ හොදම වෙජිටේරියන් කාරයක්. හැබැයි එයා මිනිසුන් මිලියන ගානක් මැරැව. ඩලස් මහත්දතය ඒකවත් දන්නේ නැහැ.
ඔවු ඔවු විරුද්ධ වෙන්න එපා. ඕක පතුරවල ඇරියෙත් ඇතුලේ ඉන්න උදවියමනේ. වැඩේ හිතුවට වඩා බරපත්ලයිනේද?
මේ වනවිට ඇතිවී තිබෙන අර්බුදවලින් රට ගොඩ ගැනීම සඳහා දැහැමි ඍජු ගතිගුණ තිබෙන පාලකයෙක් රටට අවශ්‍ය බව උන්වහන්සේ අවධාරණය කළා. වේඬරුවේ උපාලි හිමියන්ගේ මෙම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම ඇහුවේ නැති උදවිය මහා සංඝ රත්නයටත්, රාජපක්ෂවරුන්ටත් විරුද්ධව විවිධ ප්‍රකාශ සිදුකරනවා.
ඔබ කියන්නේ කොහොමද එකබද්දය ඔය කතාවට විරුද්ද නැහැ කියා කුමාර වෙල්ගම මහතාත් වාසුදේව මහතාත් වෙඩරුවේ හාමුදුරුවන්ගේ කතාව හෙලා දකිමින් ඊට විරුද්දව අදහස් ප්‍රකාස කල.
දැනුත් මේ රටේ ඉන්නේ අහිංසක හිට්ලර් කෙනෙක් . එයා බණ කිය කියා, යටින් කපල දානවා හැමෝමව. බලය උදෙසා. ඒක නම් හරි බයානකය්. ජනතාවත් දන්නේ නැහැ මොකද වුනේ කියල. හිට්ලර් කොච්චර හොදද.
ධනුෂ්ක මහතාණනි, හිට්ලර් ඔස්ට්‍රියානු ජාතිකයෙක්.
කබරගොයා තලගොයා කරගෙන හරි කන්ටයි බලන්නේ. හිට්ලර් කියන්නෙත් කුඩා දරුවන්ට ආදරය කරපු වෙජිටේරියන් කෙනෙක්...
චණ්ඩි මල්ලිලා එක්ක ජනාධිපතිවරු හිටියා, කුඩු කාරයෝ එක්ක ආරක්ෂක ලේකම්ලා හිටියා, අයි.ආර්.සී. ලා බිහිකරපු රටක, මේ කතා මොනවද? අනිත් එක ඩලස් කියන්නේ කවුද?
එතැනම වැරදියිනේ... ධනුෂ්ක හිට්ලර් ඔස්ට්‍රියානු ජාතිකයෙක්. පියා අැලොයිස් හිට්ලර්...