( පුෂ්පා වීරසේකර )
වාරියපොළ මලගනේ වැවේ ඔරු පැදීමට ගිය මිතුරන් පස්දෙනකු ගමන් කළ ඔරුවක් පෙරැළිමෙන් තිදෙනකුගේ දිවි බේරාගෙන ඇති අතර ඉන් දෙදෙනකු අතුරදන් වී ඇතැයි වාරියපොල පොලීසිය පවසයි.
වාරියපොළ කිවුල ප්රදේශයේ තරුණයින් පිරිසක් මෙසේ ඔරු පැදීමට ගොස් ඇති අතර වැව මැදදදී ඔරුව පෙරැළිමෙන් මෙම අනතුර සිදු වී තිබේ.
අතුරුදන් වු දෙදෙනා ගම්පහ ප්රදේශයේ 45 වියැති හා 26 හැවිරිදි දෙදෙනකි.
අතුරුදන් වුවන් සොයා මේ වන විට පොලීසිය මෙහයුම් අරඹා තිබේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරියට පීනන්න බැරි මිනිස්සු ජීවිත ආරක්ෂක කබායක් දාගන්නේ නැතිව බෝට්ටු පදින එක භයානකයි.
මමත් මේ වැවේ අනන්තවත් ඕලු අල ගලවන්න ගිහින් තියෙන්නෙ. අවුරුද්දෙන් වැඩි කාලයක් වතුර නැහැ. නමුත් වැව පුරාම මඩ. පතුලට අඩිය තිබ්බොත් අනිවාර්යයෙන්ම එරෙනවා. නොදන්නා තැනක නාන්න යනවනම් ගම්වාසීන් නාන මංකඩකට යන්න ඕන. කොහොමත් ඕලු නෙළුම් ගහණ මලඟනේ වැව වගේ වැව් ඔරුපදින්න සුදුසු නැහැ. පිහිනන්න පුළුවන් උනත්, ඕලු ගස් නිසා පිහිනන්නට බැහැ.
අනේ අපේ දරුවෙකුත් ඉන්නවාෙ... !!!
මිනිසුන් ජලයට බිලිවෙන්නේ ජලය මිනිසුන් බිලිගන්නා නිසා නොව මිනිසුන්ගේ මෝඩකම සහ නුගත්කම නිසාය.