ආගම් අතර ගැටලු ගැන පැමිණිලි 21ක් ආගම් අතර ගැටලු ඇති කිරීම් ගැන පැමිණිලි 21 ක් සම්බන්ධයෙන් විමර්ශන අරඹා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රියන්ත ජයකොඩි මහතා පවසයි. 21 June 2017
ඥානසාර හිමිට ඇප කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද(21) පෙරවරුවේ බාරවූ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ඇප ලබාදීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. 21 June 2017
බ්‍රසල්ස් දුම්රිය ස්ථානයක පිපිරීමක් බෙල්ජියමේ බ්‍රසල්ස් අගනුවර මධ්‍යම දුම්රිය ස්ථානයේදි මරාගෙන මැරෙන ප්‍රහාරයක් සිදු කිරීමට පැමිණි බවට සැක සහිත පුද්ගලයකු ආරක්ෂක අංශ විසින් වෙඩි තබා ඝාතනය කරනු ලැබ ඇතැයි වාර්තා වේ. එම අවස්ථාවේ කුඩා පිපිරීමක් සිදු වූ බවත් කිසිවකුටත් හානි නොවූ බවත් බලධාරීහු පවසති. 21 June 2017
පළාත් පාලන මැතිවරණ කොට්ඨාස ගණන 4500කට අඩුවෙයි නව සීමා නිර්ණයන්ට අනුව පළාත් පාලන මැතිවරණ කොට්ඨාස සංඛ්‍යාව 4500 දක්වා අඩුකළ බව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පළාත් පාලන ඡන්ද විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පතේ දැක්වේ. 21 June 2017
ඥානසාර හිමියෝ උසාවියට බාරවෙති බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ මීට ස්වල්ප වේලාවකට පෙර කොටුව මහේස්ත්‍රාත් අධීකරණයට බාර වූහ. 21 June 2017
නවක වදය දුන් සිසුන් නවයකට පන්ති තහනමක් නවක වදය ලබා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අග්නිදිග සරසවියේ කළමණාකාර පීඨයේ සිසුන් නව දෙනෙකුට මාසයක සරසවි තහනමක් පැනවූ බව එම විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එම්.එම්.එම්.නාජිම් මහතා ලංකාදීපයට පැවසීය. 21 June 2017
දඹුලු විහාරයේ ප්‍රවේශපත්‍ර බලය සංස්කෘතික අරමුදලට ලෝක උරුමයක් වන රන්ගිරි දඹුලු ලෙන් විහාර සඳහා ප්‍රවේශපත්‍ර නිකුත්කිරීමේ බලය මධ්‍යම සංස්කෘතික අරමුදලට පැවරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. 20 June 2017
කොස්ගම ගෑස් කඩයක ගින්නක් කොස්ගම කනම්පැල්ල හන්දියේ ගෑස් අලෙවිසලක හා ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළෙඳසලක ඇතිවූ ගින්නකින් කොළඹ-අවිස්සාවෙල්ල මාර්ගයේ දැඩි වාහන තදබදයක් හටගෙන තිබේ. 20 June 2017
උතුරු පළාත් අධ්‍යාපන ඇමති ඉල්ලා අස්වෙයි උතුරු පළාත් අධ්‍යාපන හා සංස්කෘතික ක්‍රීඩා අමාත්‍ය ටි. ගුරුකුල රාජා මහතා අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අද (20) සවස උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වි. විග්නේෂ්වරන් මහතා වෙත භාරදී තිබේ. 20 June 2017
රජයේ ගිණුම් විගණනය කිරීම ප්‍රතික්ෂේප කළා-විගණකාධිපති මුදල් අමාත්‍යංශය සකස් කළ 2016 වර්ෂයට අදාළ ශ්‍රී ලංකා රජයේ ගිණුම් විගණනය කිරීම සහ ඒ සම්බන්ධයෙන් මතයක් පළ කිරීම තමා ප්‍රතික්ෂේප කළ බව රජයේ විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා පැවසීය. 20 June 2017
උතුරු පළාත් සභාපතිට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගන්නවා-විග්නේෂ්වරන් උතුරු පළාත් සභා මන්ත්‍රීන් 21 දෙනකු විසින් තමන්ට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාස භංගය පළාත් සභාවේ සභාපති සී.වී.කේ.සිවඥානම් මහතා විසින්ම ආණ්ඩුකාරවරයා වෙත බාර දීම නීතියට පටහැනි ක්‍රියාවක් බවත් ඔහුගේ එම ක්‍රියාව සම්බන්ධයෙන් පළාත් සභාවේදී විවාද කර ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදුවන බවත් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා පවසයි. 20 June 2017
ආයෝජන මණ්ඩලයේ සභාපති අසාද් සාලිගෙන් වන්දි ඉල්ලයි කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී තමාගේ කීර්තිනාමයට සිදුකළ අපහාසය වෙනුවෙන් හිටපු පළාත් සභා මන්ත්‍රී සහ ජාතික සමගි පෙරමුණ නායක අසාද් සාලි ගෙන් රුපියල් කෝටි 10ක වන්දි මුදලක් අය කර දෙන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල සභාපති නීතීඥ උපුල් ජයසූරිය මහතා කොළඹ දිසා අධිකරණය හමුවේ පැමිණිල්ලක් ගොනු කළේය. 20 June 2017
‘ඥානසාර හිමිගේ හැසිරීම අනුමත නොකළත් මතවාද වැදගත්‘ ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුවගේ ආවේගකාරී හැසිරීම් රාටව හා අදහස් ප්‍රකාශන ශෛලිය අනුමත නොකරන නමුත් ඒ හිමියන්ගේ මතවාද බැහැර නොකරන බව අස්ගිරි මහා විහාරීය කාරක සංඝ සභාව කියයි. 20 June 2017
බාලවයස්කාර විත්තිකරුවකුට මරණ දඬුවම දිය නොහැකියි වයස අවුරුදු 18ට අඩු බාල වයස්කාර විත්තිකරුවකුට යාපනය මහාධිකරණය විසින් නියම කරනු ලැබූ මරණ දඬුවම ඉවත් කරමින් දෙන ලද අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව නීතිපති ගොනු කළ මෝසමක් අභියාචනාධිකරණය විසින් අද (20) නිෂ්ප්‍රභ කළේය. 20 June 2017
සිරුරට ගිනි ඇවිලී වතුකම්කරුවෙක් මරුට බගවන්තලාව ෆෙටිරසෝ වතුයායේ වතුකම්කරුවකුගේ සිරුරට ගිනි ඇවිලිමෙන් ජිවිතක්ෂයට පත්වි ඇතැයි බගවන්තලාව පොලිසිය පවසයි. 20 June 2017
පිළියන්දල වෙඩි තැබීමට ගෙන ආ ගිනිඅවියක් සොයා ගැනෙයි පිළියන්දලදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන්ට වෙඩි තැබීමට රැගෙන ආ බව කියන මිලිමීටර් නවය ගිනි අවියක් සහ උණ්ඩ අටක් ඉංගිරියේ හඳපාංගොඩ නිවසක් පිටුපස ගල් දෙබොක්කාවක සඟවා තිබියදී සොයාගත් බව මිරිහාන පොලිසිය කියයි. 20 June 2017
පර්පෙචුවල් ට්‍රෙෂරීස් පෙත්සම සලකා බැලීම කල් යයි ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය මඟින් තමන්ට පනවා ඇති ගනුදෙනු සීමා කිරීමේ තීරණයෙන් තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බැවින් එම තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා පර්පචුවෙල් ටේරෂරීස් පෞද්ගලික සමාගම සහ ඊට අනුබද්ධ සමාගම් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම ලබන ජූලි 26 වැනිදා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (20) තීන්දු කළේය. 20 June 2017
බස්ගාස්තු වැඩිවෙයි බස් ගාස්තු 6.28%කින් වැඩි කිරීමට කැබිනට් මණ්ඩලය එකඟ වී ඇත.ඒ අනුව ජූලි 01 වැනිදා සිට අවම බස් ගාස්තුව රුපියල් නවයේ සිට රුපියල් 10 දක්වා වැඩි වෙනු ඇත 20 June 2017
දූෂණ සෙවූ කමිටුවට නඩු දමන්න යයි දූෂණ වංචා සම්බන්ධයෙන් විමර්ෂණය කළ ත්‍රිපුද්ගල කමිටුව තමා සම්බන්ධයෙන් පදනම් විරහිත සාවධ්‍ය චෝදනා හා කරුණු ඇතුළත් කරමින් වාර්තාව සකස් කර ඇති බවත් මෙම කමිටුවට එරෙහිව අධිකරණය හමුවේ නඩු පවරන බවත් උතුරු පළාත් හිටපු කෘෂිකර්ම අමාත්‍ය පී.අයිංගරනේසන් මහතා සදහන් කළේය. 20 June 2017
ගැලනිගම ආපනශාලාවක මුදල් කොල්ලයක් බණ්ඩාරගම ගැලණිගම ආපනශාලාවකට අද (20) උදේ පැමිණි පුද්ගලයකු ආපනශාලාවේ අයකැමි කවුන්ටරයේ මුදල් සොරා ගන්නා අයුරු සිසිටීවී කැමරාවේ සටහන් වේ. 20 June 2017
මහ බැංකුව වැරදි තොරතුරු ලබා දුන්නා-විගණකාධිපති බැඳුම්කර නිකුතුවට අදාළව මහ බැංකුව තමාට වැරදි තොරතුරු ලබාදී ඇති බවත් එම දත්ත පදනම් කරගනිමින් විගණකාධිපති වාර්තාව සකස් කර ඇතැයිද බැඳුම්කර කොමිසම හමුවේ හත්වැනි දිනටත් සාක්කි දෙමින් රජයේ විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා පැවසීය. 20 June 2017
ආපදා පෙදෙස්වල පොලිස් පැමිණිලි පිටපත් නොමිලේ ආපදා හේතුවෙන් විපතට පත් වු ජනතාව පොලිසියට ඉදිරිපත් කරන පැමිණිලිවල පිටපත් නොමිලේ නිකුත් කිරීමට පොලිසිය පියවර ගෙන ඇත. 20 June 2017
දුම්රිය වැඩ වර්ජනය පැය 24කින් කල්යයි ඉල්ලීම් කිහිපයක් මුල් කරමින් දුම්රිය රියදුරු සහ නියාමකවරු අද (20) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට සිටි දුම්රිය වැඩ වර්ජනය හෙට (21) දිනය දක්වා පැය 24කින් තාවකාලිකව කල් දැමූ බව දුම්රිය නියාමක සංගමයේ සභාපති ජානක ප්‍රනාන්දු මහතා පවසයි. 20 June 2017
තිස්සට රට යන්න අවසර මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර ගිවිසුමක් ඇති බවට කූඨ ලෙස සකස් කළ ලියවිල්ලක් මාධ්‍ය වෙත ඉදිරිපත් කිරීමේ චෝදනා ලැබ සිටින එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාට විදෙස් ගතවීම සඳහා කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද(20) අවසර ලබා දුන්නේය. 20 June 2017
කීත් නොයාර් සිද්ධියේ සැකකරුවන්ට ඇප මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් වදහිංසා පැමිණවීමේ සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් බාරයට පත් කරනු ලැබ සිටි යුද හමුදා බුද්ධි අංශ සෙබළුන් හයදෙනා දැඩි කොන්දේසි සහිත ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය අද(20) නියම කළේය. 20 June 2017
අසාද් සාලිගේ කියුම් ගැන සොයයි හිටපු පළාත් සභා මන්ත්‍රී අසාද් සාලි මහතා විසින් බෞද්ධ ජනතාව සහ මුස්ලිම් ජනතාව අතර අසමගියක් ඇතිවන ප්‍රකාශ නිකුත් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි සංවිධානත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත කරුණු වාර්තා කර ඇත. 20 June 2017
ආපදා පෙදෙස්වල සිසුන්ට සරසවි යන්න වරම් හතරක් ගංවතුරෙන් සහ නායයෑම්වලින් ආපදාවට ලක්වූ පෙදෙස්වල උසස් පෙළ සිසුන්ට විශ්ව විද්‍යාලයට ඇතුළත් විම සඳහා උසස් පෙළ විභාගයට පෙනී සිටීමට අවස්ථා 4ක් ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. 20 June 2017
ආපදා පෙදෙස්වල උසස් පෙළ සිසුන්ට නොමිලේ ප්‍රශ්නපත්‍ර කට්ටලයක් ගංවතුරෙන් පීඩාවට පත් ප්‍රදේශවල මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගේ ප්‍රයෝජනය සඳහා පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර කට්ටලයක් නොමිලේ දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ.පුෂ්පකුමාර මහතා පැවසීය. 20 June 2017
සෞඛ්‍ය ඇමැති එනතුරු යළි පාර්ලිමේන්තුව කල් තබයි ඩෙංගු සම්බන්ධයෙන් මතුකළ ප්‍රශ්නයක් හේතුවෙන් පාර්ලිමේන්තු සභා ගැබ අද(20) උණුසුම් වූ අතර ඒ හේතුවෙන් කල් තැබූ පාර්ලිමේන්තුව යළි පස්වරු 2.10ට ආරම්භ විය. 20 June 2017
ඩෙංගු මඩින්න තරුණයන් 5000ක බල ඇණියක් ඩෙංගු මර්දන කටයුතු සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණෙන් තරුණයන් 5000 දෙනකුගෙන් සමන්විත බල ඇණියක් යොදවන බව ශ්‍රීලනිප තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි. මෙම බල ඇණිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ මට්ටමින් ඩෙංගු මර්දන කටයුතුවල දී මැදිහත් වනු ඇතැයි ද බණ්ඩාර මහතා කියයි. 20 June 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026