සයිටම් නිසා වෛද්‍යවරු ගහ ගනිති සයිටම් අර්බුදය නිමා කරමු මැයෙන් අද පස්වරුවේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති විද්වත් සමුළුවකදී වෛද්‍යවරුන් පිරිසක් අතර ඇති වු ගැටුමකින් පහර කෑමට ලක්වූ එක් වෛද්‍යවරයකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය කියයි. 22 June 2017
ඉඩම් පනත නැති නිසා අපදා වැළැක්වීම අපහසුයි ජාතික ඉඩම් පරිහරණ පනත මෙතෙක් සම්මත නොවීම ආපදා තත්ත්වයන් වළක්වාගැනීම සම්බන්ධයෙන් ගැටළුවක් වී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ඉඩම් පරිහරණ සැලසුම් නිලධාරී එස්.කේ.දෙනියගෙදර මහතා පවසයි. 22 June 2017
ඇෆ්ඝනිස්ථානයට - අයර්ලන්තයට ටෙස්ට් වරම් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නවතම පූර්ණ සාමාජිකයන් ලෙස ඇෆ්ඝනිස්ථානය සහ අයර්ලන්තය පිළිගනු ලැබ තිබේ. ඒ අනුව ඇෆ්ඝනිස්ථානයට සහ අයර්ලන්තයට ටෙස්ට් වරම් හිමිවනු ඇත. අද (22 වැනිදා) පැවැති අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ වාර්ෂික මහ සභා රැස්වීමේදී මෙම තීරණය ගනු ලැබ ඇත. 22 June 2017
ලාහෝර් ප්‍රහාරයට අත්අඩංගුවට ගත් දෙදෙනෙක් නිදහස් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉලක්ක කරගනිමින් පකිස්ථානයේ ලාහෝර් නුවරදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබූ සැකකරුවන් දෙදෙනෙකු මුදා හැරීමට එරට අධිකරණයක් නියෝග කර ඇතැයි එරට පළවන ද නේෂ්න් වෙබ් අඩවිය අද (22) වාර්තා කළේය. 22 June 2017
මහ බැංකු අධිපතිවරයා සීඅයිඩීයට පැමිණිලි කළැයි දැන සිටියේ නෑ පර්පචුවල් ටේරෂරීස් සමාගම, මහා බැංකුවට ලබාදුන් ඉතාමත් රහසිගත තොරතුරු මහජනතාවට පිටවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව පරීක්ෂණයක් සිදු කළ බව තමා දන්නා නමුත් ඒ සම්බන්ධයෙන් රහස් පොලිසියට පැමිණිලි කළේ මහ බැංකුවේ අධිපතිවරයා බව තමා දන්නේ නැතැයි බැදුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් ශ්‍රී ලංකා මහා බැංකුවේ අතිරේක තාක්ෂණ අධක්ෂක වසන්තද අල්විස් මහතා කියා සිටියේය. 22 June 2017
වන්දි ගෙවන්න මර්වින් සිල්වා එකඟ වෙයි කිරිබත්ගොඩ ඊරියවැටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකුගේ නිවසක් නීතිවිරෝධි ලෙස කඩා ඉවත් කීරීමේ සිද්ධියට අදාළව එම නිවැසියාගේ කඩවූ මූලික අයිතිවාසිකම් වෙනුවෙන් වන්දි ලෙස රුපියල් ලක්ෂ හතරක මුදලක් ගෙවීමට හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අද (22) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පොරොන්දු විය. 22 June 2017
අන්තරේ හිමිනමක් සොයා පොලිසිය රෝහලට ගිහින් අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කාර සුගතානන්ද හිමියන් වරෙන්තුවක් නැතිව අත්අඩංගුවට ගැනීමට යෑම නිසා අද සවස කොළඹ ජාතික රෝහලේ උණුසුම් තත්ත්වයක් ඇති විය. 22 June 2017
අද වැඩවර්ජනය වෛද්‍යවරුන්ගේ වෘත්තීය ගෞරවය නැති කරනවා සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩාවැදී නීතිවිරෝධී ලෙස හැසිරුණු අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමේදී ඊට එරෙහිව වෛද්‍යවරුන් වැඩවර්ජන කිරීම ඔවුන්ගේ වෘත්තීය ගෞරවය නැති කරගැනීමක් බව මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි. 22 June 2017
ලෝක ජනගහනය කෝටි 100කින් වැඩි වෙයි ලෝක ජනගහනය ඉදිරි වසර 13 ඇතුළත කෝටි 100කින් වැඩිවනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. ඒ අනුව වර්ථමානයේ කෝටි 760ක් වන ලෝක ජනගහනය වර්ෂ 2030 වනවිට කෝටි 860ක් වනු ඇත. 22 June 2017
ආණ්ඩුවෙන් යනවාද නැතිද තීරණය කරන කාලයක් සම්මුතිවාදී ආණ්ඩුවේ කාලය දෙසැම්බර් මාසයෙන් අවසන් වන බැවින් ඉදිරි මාස දෙක තුන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඉතා වැදගත් වන බව මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි. 22 June 2017
බැඳුම්කර කොමිසමේ සාක්කි විභාගය ජූලි මැද අවසන් වෙයි වත්මන් රජය යටතේ භාන්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීමට පත්කර ඇති ජනාධිපති පරීක්ෂණ කොමිසමේ සාක්කි විභාගය ලබන ජුලි මාසයේ මැද වන විට අවසන් කිරීමට බලාපොරොත්තු වන බව කොමිසමේ ලේකම් සුමතිපාල උඩුගමසුරිය මහතා පැවසීය. 22 June 2017
සයිටම් නඩුව කල් යයි මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් ( සයිටම්) උපාධිය ලබා පිටවන සිසුන්ට වෛද්‍ය වෘත්තිකයින් ලෙසට ලියාපදිංචි වීමට නීතිමය අයිතියක් ඇති බවට තීන්දු කරමින් දෙන ලද අභියාචනාධිකරණ තීන්දුව අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ගොනු කළ අභියාචන පෙත්සම සලකා බැලීම ලබන ජූලි 05 වැනිදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (22) තීන්දු කළේය. 22 June 2017
‘වෛද්‍ය වර්ජනය ගැන රජය මෙතෙක් නොගත් ක්‍රියාමාර්ග ගන්නවා‘ - රාජිත රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (22) ක්‍රියාත්මක කර ඇති වැඩවර්ජනය සම්බන්ධයෙන් මෙතෙක් කල් නොගත් ක්‍රියාමාර්ග ගැනීමට රජය සුදානම් යැයි සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය. 22 June 2017
දුම්රිය සහය රියදුරු වර්ජනය අවසන් දුම්රිය රියදුරු සහයක ශ්‍රේණියේ බඳවා ගැනීමේ පටිපාටියේ ගැටලුවක් මුල්කරගෙන දුම්රිය රියදුරු සහායකයින් ඊයේ(21) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කළ වැඩ වර්ජනය අද(22) පස්වරුවේ සිට අත්හිටවූ බව රියදුරු සහායකයින්ගේ සංගමයේ උප සභාපති චන්ද්‍රසේන බංඩාර මහතා පවසයි. 22 June 2017
ඥානසාර හිමි පෙත්සම ඉල්ලා අස් කරගනී තමන්වහන්සේ අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා බොදුබල සේනා සංවිධානයෙහි මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමි ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද (22) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉල්ලා අස් කර ගන්නා ලදී. 22 June 2017
හිස් වූ උතුරු පළාත් අමාත්‍යධුර සඳහා අයදුම්පත් කැඳවයි උතුරු පළාත් කෘෂිකර්ම අමාත්‍ය ධුරය හා අධ්‍යාපන අමාත්‍යධූරය සදහා නවක අමාත්‍යවරුන් දෙදෙනෙකු තෝරාපත් කර ගැනීම සදහා හෙට(23) අවසන් වීමට පෙර තමන් වෙත අයදුම්පත් ඉදිරිපත් කරන්නැයි උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා එම පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ නියෝජිතයින් වෙත දැනුම් දී තිබේ. 22 June 2017
තුවාල ලැබූ සිසුහු 88ක් ප්‍රතිකාර ලබා පිටවෙති සෞඛ්‍ය අමාත්‍යංශයට බලහත්කාරයෙන් ඇතුළුවූ සයිටම් විරෝධී සරසවි සිසුන්ට පොලිසිය එල්ල කළ ප්‍රහාරය හේතුවෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබ සිටි සිසුන් 96 දෙනකුගෙන් අද(22) දහවල් වනවිට 88 දෙනකුම ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇතැයි කොළඹ ජාතික රෝහල් අධ්යක්ෂ අනිල් ජාසිංහ මහතා පැවසීය. 22 June 2017
සෞඛ්‍ය අමාත්‍යංශයට පැන්න සිසුන් ගැන පුළුල් පරීක්ෂණයක් සයිටම් විරෝධතා පාගමනේ නිරත වු විශ්ව විද්‍යාල සිසුන් ඊයේ (22) සවස බලහත්කාරයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ පරීශ්‍රයට ඇතුළු වී රජයේ දේපළ වලට හානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පැවසීය. 22 June 2017
නාමල්ට කොටස් හිමිකම් ඇති සමාගම් දෙකක ගනුදෙනු ගැන සොයයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ කොටස් අයිතියෙන් යුත් එන්.ආර් කන්සල්ටන්ස් සහ ගවරස් කෝපරේට් සර්විස් යන සමාගම් මගින් සිදුකර ඇති තවත් සැකකටයුතු ගනුදෙනු කිහිපයක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු වාර්තා කර තිබේ. 22 June 2017
ගාල්ලේ සයිටම් විරෝධී උද්ඝෝෂණය උණුසුම් වෙයි සයිටම් විරෝධතාවයට පොලිසිය පහරදීමට විරෝධය පළ කරමින් අද (22) ගාල්ල බස්නැවතුම්පොළ ඉදිරිපිට දී උද්ඝෝෂණයක් පැවැත්විණි. 22 June 2017
‘උමා ඔය ව්‍යාපෘතිය ආපසු හැරවීමට බෑ‘ උමා ඔය ව්‍යාපාරය ආරම්භ කිරීමට පෙර ලබාගෙන ඇති පරිසර වාර්තා සම්බන්ධයෙන් කිසිසේත් එකඟවිය නොහැකි බව මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පැවසීය. 22 June 2017
වෛද්‍ය වර්ජනය අඛණ්ඩවම සයිටම් විරෝධී සරසවි සිසුන්ට ඊයේ(21) කළ පහරදීමට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද(22) ආරම්භ කළ වැඩ වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙන බව එම සංගමය පවසයි. 22 June 2017
පුද්ගල ඝාතනයකට ගම්පහ අධිකරණයෙන් මරණ දඬුවම මීරිගම කල්එළියේ දී පිහියෙන් ඇන පුද්ගලයකු ඝාතනයට වරදකරුවූ විත්තිකරුවකුට ගම්පහ මහාධිකරණය අද(22) මරණ දඬුවම් නියම කළේය. 22 June 2017
මාස 20ක් වසා දමා තිබූ අධිවේගේ කොටසක් අරියි දක්ෂිණ අධිවේගී මාර්ගයේ 114 වැනි කිලෝ මීටර් කණුව ආසන්නයේ නායයෑමක් නිසා කිලෝමීටරයක පමණ වසා දමා තිබූ එක් මං තීරූවක් අද (22) සිට නැවත විවෘත කළ බව දක්ෂිණ අධිවේගී මාර්ග අධ්යක්ෂ කාර්යාලය පවසයි. 22 June 2017
ඉන්දීය ධීවරයින් 4ක් නාවික හමුදා අත්අඩංගුවට උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවකට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (21) රාත්‍රී ඩෙල්ෆ්ට් දූපතට වයඹ දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 4 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් අත්අඩංගුවට ගන්නා ලදී. 22 June 2017
සරසවි සිසුන්ට පහර දුන්නැයි පේරාදෙණි සිසූහු මහ පාරට සයිටම් විරෝධී සිසුන්ගේ උද්ඝෝෂණයට පොලිසිය පහරදීමට විරෝධය පළ කරමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාශිෂ්‍ය සංගමය අද (22) ගලහා මංසන්දියේදී උද්ඝෝෂණයක් පැවැත්වීය. 22 June 2017
දැරියට අතවර කරන්න හැදූ කට්ටඩියා අත්අඩංගුවට අලව්ව - හුම්බුඑව ප්‍රදේශයේ නිවසක ශාන්තිකර්මයක් සදහා ගම්පොල දොඑව ප්‍රදේශයේ සිට පැමිණි කට්ටඩියකු එම නිවෙසේ 15 හැවිරිදි පාසල් දැරියක ත්‍රීරෝද රථයක් තුළදී අපයෝජනය කිරීමට සූදානම්වන අවස්ථාවේදී අත්අඩංගුවට ගත් බව අලව්ව පොලීසිය කියයි. 22 June 2017
ඥාති දියණියට අතවර කළැයි හමුදා කෝප්රල් රිමාන්ඩ් වසර හතරක කාලයක් වයස අවුරුදු 13ක් වයසැති තම ඥාති දියණියක වරින් වර විවිධ ලිංගික අපයෝජනයන්ට ලක් කිරීමේ චෝදනා සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ යුධ හමුදා කෝප්රල්වරයකු ලබන 30 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හර්ෂණ කැකුනවෙල මහතා අද (22) නියෝග කළේය. 22 June 2017
ගිනි අවි පෙන්නා කොල්ල කෑ කල්ලියක් අල්ලයි ගිනි අවි පෙන්වා මංකොල්ලකෑම් කළ සිව් දෙනකුගෙන් යුත් යතුරු පැදි කණ්ඩායමක් ගිනි අවි කිහිපයක්ද සමගින් අත්අඩංගුවට ගත් බව නුගේගොඩ පොලිස් කොට්ඨාශ අපරාධ මැඩලීමේ විශේෂ ඒකකය පවසයි. 22 June 2017
උමාඔය හානි වූ නිවාස තක්සේරුව ප්‍රමාදයි උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ උමං මාර්ගය සැදීමේදී හානි සිදුවු නිවාස පිළිබදව තක්සේරු වාර්තා ලබාගැනීමේ ඇති පමාව නිසා වන්දිගෙවීම ප්‍රමාද වී ඇතැයි වාර්තා වේ. 22 June 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026