සුජිත් හේවාජුලිගේ
කුවේට් රාජ්‍යයේ සිටින ශ්‍රි ලංකීක සිරකරුවන් 151 දෙනකු ඔවුන්ට ඉතිරිව ඇති සිර දඬුවම් කාලය ශ්‍රි ලංකාවේදී ගත කිරීමට විදේශ කටයුතු අමාත්‍යංශය මාර්ගයෙන් අධිකරණ අමාත්‍යංශය ඉල්ලිමක් කර ඇත.
ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කරගෙන යන බව අධිකරණ අමාත්‍යංශය පවසයි.
මේ අතර ශ්‍රි ලංකාවේදී වරදකරුවන්වී සිර දඬුවම් විදින ඉන්දීයානුවන් තිදෙනකු එරටදී ඉතිරි සිර දඩුවම් කාලය ගත කිරීමට ඉන්දීයානු රජය කළ ඉල්ලිමක් අනුව අධිකරණ අමාත්‍යංශය ඒ කටයුතු සලසා දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිරකරුවන්ගේ දඬුවම ලංකාවේදී ගෙවන ක්‍රමයක් කියන්නේ ඉතින් බන්ධනාගාර රෝහලේ කියන එකනේ.
බොහෝ දුරට අර 151 දෙනා අතරින් මේ රටේ ප්‍රබල දේශපාලකයකුගේ හිතවතක් ඉන්න පුළුවන්. නැත්නම් කොහෙන්ද මෙහෙම කැක්කුමක් මේ රජයට එන්නේ?
නියමිත දඩුවම් කාලය කුවේට්වල ගෙවලම ආවාම හරි. අඩුම ගානේ එහෙදිවත් හැදෙන්නෙ නැතෑ
අපි අහල තියෙනවා මෙහෙ හිර දඬුවම් විඳින සමහරු ඒ දඬුවම ගෙවන්න ගෙවල් වලට යනවා කියල. ගිහින් පහුවදා උදේ ආපහු එනවාලු. සමහරවිට තමන්ව හිරේ යවන්න සාක්කි දීපු අය ගැනත් වග බලාගෙන.
ලංකාවේ හිර ගෙවල් පිරිලා තිබෙද්දී මොකටද තව හිරකාරයෝ මෙහෙ ගේන්නේ, සුළු වැරදි වලට හිරේ යන සුළු අපරාධ කරපු මිනිස්සුත් ඒකෙන් එලියට ඇවිත් සුළු කාලයක් තුලදී අපරාධ ලෝකයේ කිරුළු පළදින පාතාල නායකයන් බවට පත්වෙන අවස්ථා තිබෙනවා. ඕක අනවශ්‍ය වැඩක්. ඔය වැඩේ නිසා බදුගෙවන ජනතාවට අවම වශයෙන් රුපියල් ලක්ෂ ගණනාවක පාඩුවක් මාසෙකට දරන්න වෙනවා. සමහරවිට එහෙ හිරකාරයෝන්ට ටෙලිෆෝන්, කුඩු, සපයන නිලධාරියෝ නැතුව ඇති ,
වැරදි කරපු රටේදීම දඬුවම ගෙවන්න දෙන්න. නැත්නම් අපෙ බදු මුදල් තමයි ඕගොල්ල නඩත්තුවටත් යන්නෙ.