සෙත්සිරිපාය හා ඉසුරුපාය යාකරන්න ගුවන් මඟක් බත්තරමුල්ලේ සෙත්සිරිපාය 1 කොටස, සෙත්සිරිපාය 2 කොටස සහ ඉසුරුපාය සම්බන්ධ කරමින් ගුවන් මාර්ගයක් ඉදිකිරීමට පියවර ගන්නා බව මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. 26 June 2017
තරුණිය ඝාතනය කළ සැකකරු රිමාන්ඩ් කොට්ටාව නගරයේ තරුණියක් තෙමහල් නිවසක දෙවැනි මහලේ නිදන කාමරක් තුලදී විසිතුන්පලකට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කළ බවට පොලිස් අත් අඩංගුවට පත් වූ සැකකරු හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජූලි 4 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හෝමාගම වැඩ බලන මහේස්ත්‍රාත් පි‍්‍රයංගා මද්දුමපටබැදි මහත්මිය නියෝග කළාය. 26 June 2017
තවත් වෛද්‍ය සිසුවෙක් අත්අඩංගුවට සෞඛ්‍ය අමාත්‍යාංශයට බලහත් කාරයෙන් කඩා වැදි එහි දේපළ වලට පහර දි අලාභ හානි සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් ශිෂ්‍ය නායකයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 26 June 2017
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මුල්පුටුව වෛද්‍ය පාදෙණියට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වාර්ෂික මහසභාව ඊයේ (24) කොළඹ එම සංගම් මූලස්ථානයේදී පැවැති අතර එහිදී නව නිලධාරි මණ්ඩලය නිතරගයෙන් පත්විණ. 25 June 2017
ශිෂ්‍ය නායකයන්ගේ නිවෙස්වලට තර්ජන අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ නායකයින්ගේ නිවෙස්වලට පොලිසියෙන් තර්ජන එල්ල වී ඇතැයි අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ වැඩබලන කැඳවුම්කරු මංගල මද්දුමගේ මහතා පැවසීය. 25 June 2017
අමරපුර මහා නිකායේ උපසම්පදා උත්සවය කළුතරදී ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උපසම්පදා රාජ්‍ය මහෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහභාගීත්වයෙන් කථතර බෝධි පරිශ්‍රයේ දී අද (25) පැවැත්විණි. 25 June 2017
සයිටම් විරෝධී සිසුන්ට පහර දීම ගැන පොලිස් කොමිසමෙන් වාර්තාවක් ඉල්ලයි සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩා වැදුන සිසුන්ට පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසම පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් කැඳවා ඇත. 25 June 2017
තවත් ශිෂ්‍ය නායකයෙක් අත්අඩංගුවට සයිටම් විරෝධී පාමනකින් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩා වැදී පැය තුකට ආසන්න කාලයක් පුරා ඒ තුළ රැදී සිටිමින් දේපළ වලට හානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති සියඹලාණ්ඩුව පොලිසිය විසින් අද (25) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 25 June 2017
කොටි හම අළෙවි කිරීමට ගිය අයෙක් අත්අඩංගුවට ශ්‍රී ලංකාවේ සංරක්ෂිත සතෙකු වන දුර්ලභ ගනයේ කොටියෙකු මරා සතාගේ සම අලෙවි කිරීමට සුදානම් වූ අවස්ථාව් කොස්ඉන්න ප්‍රදේශයේ අයෙක් 25 දින පේරාදෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. 25 June 2017
ලසිත් මාලිංගට විනය පරීක්ෂණයක් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කළ ප්‍රකාශයකට පිළිතුරු සැපයූයේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය. 25 June 2017
විපක්ෂ මන්ත්‍රීහු බණ්ඩාරගම ක්‍රීඩාංගනය විවෘත කරති බණ්ඩාරගම ඉදි කළ කළුතර දිස්ත්‍රික් ක්‍රීඩාංගනය වසර තුනකට පමණ පසු අද විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසකගේ සහභාගීත්වයෙන් විවෘත කෙරිනි. 25 June 2017
උඩරට මැණිකේ මග දමා එන්ජිම ඉදිරියට ගිහින් කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වන උඩරට මැණිකේ සීඝ්‍රගාමී දුම්රිය අද (25) හැටන් දුම්රිය ස්ථානය පසුකර කිලෝ මීටරයක් පමණ ධාවනය කරමින් තිබියදි මැදිරිවලින් එන්ජිම වෙන් වී ගොස් තිබේ. 25 June 2017
සෞඛ්‍ය අමාත්‍යංශයට පැන්න සිසුන් 100ක් සොයති සයිටම් ආයතනයට විරෝධය දක්වමින් සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩා වැදී එහි දේපළ වලට හානි කළ බව කියන සිසුන් 100 දෙනකු පමණ හඳුනාගන ඇති බවත් ඔවුන් ඉදිරි සතිය තුළ අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් පොලිසිය කියයි. 25 June 2017
මඩකලපුවේ මත්පැන් නිෂ්පාදනාගාරයට අවසර ලැබුණ හැටි සොයයි රජයේ ප්‍රතිපත්තිවලට පටහැනිව මඩකලපුවේ මත්පැන් නිෂ්පාදනාගාරයක් ඉදිකිරීමට අවසර ලැබීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වෙන කාර්ය සාධක බලකාය මුදල් අමාත්‍යංශයෙන් විමසා ඇතැයි වාර්තා වේ. 25 June 2017
විශේෂ ගැසට් නිවේදනය එනතුරු සයිටම් බඳවා ගැනීම් හා උපාධි නවතයි සයිටම් අර්බුදය විසඳීම සඳහා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් මත රජය ඉදිරිපත් කරන යෝජනා ඇතුළත් විශේෂ නිවේදනයක් ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ඉදිරිපත් කර ඇත. 25 June 2017
ඉන්ධන ලොරියක් පෙරළී 100ක් මරුට පකිස්ථානයේ බහවල්පූර් නගරයේදි ඉන්ධන ප්‍රවාහන ලොරි රථයක් පුපුරාගොස් ගිනිගැනීම නිසා පුද්ගලයින් 100ක් පමණ මියගොස් ඇතැයි වාර්තා වේ. 25 June 2017
ටිපර්-ත්‍රීරෝද රථ අනතුරෙන් තුනක් මරුට කොළඹ කතරගම මාර්ගයේ හුංගම ලුණුම දුටුගැමුණු විද්‍යාලය අසල දී අද (25) අලුයම සිදුවු රිය අනතුරකින් තිදෙනකු මියගොස් තවත් දෙදෙනකු තුවාල ලබා ඇතැයි හුංගම පොලිසිය කියයි. 25 June 2017
ධීවර ජැටියක වහලය සුළඟට ගැලවෙයි හලාවත අලුත්වත්ත කලපු ඉවුරෙහි ඉදි කර තිබු ධීවර ජැටියක වහලයක් හදිසි සුළඟකට හසුව අද (25) අලුයම මුළුමණින්ම ගැලවී ගොස් ඒ ආසන්නයේ අතුරු මාර්ගයකට හා නිවසක් මතට වැටි හානි සිදුව ඇති බව හලාවත පොලිසිය කියයි. 25 June 2017
පාසල් නවීකරණයට සබරගමු පළාතෙන් සල්ලි ඉල්ලයි ගංවතුර සහ නායයාමේ විපත් හේතුවෙන් විනාශයට පත් සබරගමු පළාතේ පාසල් 108ක් නවවීකරණය කිරීමට අවශ්‍ය මුදල් සබරගමු පළාත් සභාවට නැති නිසා ඊට වැයවන බවට ඇස්තමේන්තු කර ඇති රුපියල් මිලියන 1100 මුදල් ලබාදෙන ලෙස ඉල්ලා ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය කියයි. 25 June 2017
එංගලන්ත පාර්ලිමේන්තුවට සයිබර් ප්‍රහාරයක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙන අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ අනෙකුත් විද්‍යුත් ලිපින ගිණුම්වලට පිවිසීමට නොහැකිව ඇතැයි ද වාර්තා වේ. 25 June 2017
කතරගමදී අතුරුදන් දැරිය තෙදිනකට පසු හමුවෙයි කතරගම පුදබිමට ආසන්නයේ මැණික් ගඟ අසළ ගසක් යට නිදා සිටියදී ඉකුත් (21) වැනි දින අලුයම අතුරුදහන් වු දැරිය අද (24) වැනි දින කතරගම පොලිසිය විසින් සොයා ගනු ලැබීය. 24 June 2017
සේවයෙන් ඉවත් කළා යැයි පතළ පතුළේ උපවාසයක් මීගහතැන්න නාවලකන්ද ප්‍රදේශයේ පවත්වා ගෙන යන මිනිරන් පතලක සේවකයන් දෙදෙනෙකු තමන්ව අසාධාරණ ලෙස සේවයෙන් ඉවත් කිරීමට එරෙහිව ඉකුත් දින රාත්‍රි සිට එම පතලේ අඩි 80 ක් පමණ ගැඹුරු ලිඳක් තුළ උපවාසයක නිරතව සිටිති. 24 June 2017
සෙල්ෆි ගහන්න ගිහින් තවත් ජීවිතයක් අහිමිකරගනී අරණායක දෝතල්ඔය බේරවිල ප්‍රදේශයේ ඇල්ලකින් පහලට වැටී 34 හැවිරිදි තරුණයෙකු අද (24 දා) දහවල් මියගොස් ඇත. මෙසේ මියගොස් ඇත්තේ අම්පාර ප්‍රදේශයේ සිට උස්සාපිටිය අලුපත ප්‍රදේශයේ ඥාති නිවසකට පැමිණ සිටි බව කියන එම්.කේ සේනක මධුරංග නැමති තරුණයෙකි. 24 June 2017
ශිෂ්‍ය කැඳවුම්කරුවන් අත්අඩංගුවට ගත්තාට පේරාදෙණි සරසවි සිසුන්ගේ විරෝධය අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර සහ අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ ටැම්පිටියේ සුගතානන්ද හිමියන් අත්අඩංගුවට ගැනීමට විරෝධය පා පීඨ නවයේම සිසුහු අද (24) ගලහ හන්දියේ සිට පා ගමනින් පැමිණ පේරාදෙණිය නගරයේදී විරෝධතවක නියැලුනහ. 24 June 2017
කොළඹට ගොම ගෙනෙන බව කිරි ගොවියෝ කියති කිරිගොවීනට මුහුණ දීමට ඇති අර්බුදවලට නිසි විසැදුමක් සතියකින් ලැබුණොත් ගොම පිරවු ලොරි හා කරත්තවලින් කොළඹට එන බව සමස්ථ ලංකා ගොවි ජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා දඹුල්ල යාපාගම දී අද (24) පෙරවරුවේ පැවැසීය. 24 June 2017
ඩොලර්වලට රට විනාශ කරන්න පිරිසක් වෙර දරනවා ඩොලර් මත යැපෙන සමහර රාජ්‍ය නොවන සංවිධාන මෙරට තුළ ආගමික සංහිඳියාව බිඳ දමන්නට නොයෙක් ප්‍රකාශ සිදු කරනවා. සමහරවිට මේවා එම සංවිධානවල කොන්ත්‍රාත් විය හැකි බව බුද්ධ ශාසන හා අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතා මහනුවරදී පැවැසීය 24 June 2017
දොස්තර වර්ජනය අවසන් රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය දින දෙකක් පවත්වාගෙන ගිය වෛද්‍ය වැඩ වර්ජනය මීට සුළු මොහොතකර පෙර අවසන් කළ බව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි 24 June 2017
රටවල් 4 කින් කටාරයට කොන්දේසි අල් ජසීරා පුවත් සේවය වසා දැමීම සහ ඉරානය සමඟ තිබෙන සබඳතා අඩු කිරීම ඇතුළු ඉල්ලීම් 13කට එකඟ වන්නේ නම් කටාර් රාජ්‍ය සමඟ නැවත රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කරන බව සෞදිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය සහ ඊජිප්තුව ප්‍රකාශ කර ඇත. 24 June 2017
මවත් දරු දෙදෙනාත් කපා කොටා දැමීමෙන් දියණිය මියයයි කොටදෙණියාව හෙලගම කිතුල්වල නිවසකදී මව සහ දරුවන් දෙදෙනකට තියුණු ආයුද වලින් පහරදීම හේතුවෙන් හය හැවිරිදි දැරියක මියගොස් මව සහ අනෙක් දැරිය කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා පවසයි. 24 June 2017
පළාත් කිහිපයකට තද වැසි අවදානම නිරිතදිග මෝසම් තත්ත්වය සක්‍රීය වීමත් සමග කුරුණෑගල, කෑගල්ල, රත්නපුර, කළුතර, ගම්පහ, කොළඹ සහ ගාල්ල දිස්තික්කවලට ඉදිරි පැය 24 තුළ මිලිමීටර්. 100ට වඩා වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදන කරයි. 24 June 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026