නිමල කොඩිතුවක්කු
මහින්ද රාජපක්ෂ මහතා ප්රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ පිරිසට එරෙහිව සිදුකරන විමර්ශන අසාර්ථක වන විට ජාත්‍යන්තර මාධ්‍ය පවා යොදා ගනිමින් මඩ ගැසීමේ ව්‍යාපාරයක යහපාලන ආණ්ඩුව නිරත වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
බැඳුම්කර වංචාව ඇතුළු ආණ්ඩුවට එල්ල වී ඇති චෝදනා වසන් කිරිම මෙවැනි උත්සාහයන්වල තවත් එක් උපායක් විය හැකි බවද ඔහු සඳහන් කළේය.
නිව්යෝර්ක් ටයිම් පුවත්පතේ පළ වූ කරුණු සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නීතීඥවරුන්ගෙන් නීති උපදෙස් පතා ඇති බව ද රාජපක්ෂ මහතා කීවේය.
ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණ බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ අද(01) පැවත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මෙසේද කීවේය.
‘‘ නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ වාර්තාව පිළිබඳ විශාල ආන්දෝලනයක් මාධ්‍ය තුළ සහ රට තුල ඇති කලා. රජයේ මාධ්‍ය සහ රජයේ මැති ඇමතිවරුන් මෙය භාවිතා කරන ආකාරය දිහා බලපුවහම බැඳුම්කර වංචාව ඇතුළු අනිකුත් සියලූම දේ යටගහන්න ආණ්ඩුව ගන්නා විවිධ උපක්රමවල එක් කොටසක් විදියට අපිට මෙය හඳුන්වා දිය හැකියි.
නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ පළවන බොහෝ වාර්ථාවල සත්‍ය අසත්‍ය භාවය පිළිබඳ අද ලෝකයේ බොහෝ දෙනෙක් කතා බහට ලක්කරලා තියෙනවා. ඒ වගේම නොයෙකුත් අයගේ දේශපාලන ඕනෑ එපාකම් ඉටුකරගන්න නිව්යෝක් ටයිම්ස් පුවත්පත පුවත් පල කරන බවත් මේ වනවිට මුලූ ලෝකයාම දන්න කාරනාවක්.
මේ පුවත්පත මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධ කරගනිමින් මුදල් ගණුදෙනුවක් ගැන කියලා තියෙනවා. එවැනි කසිම මුදල් ගනුදෙනුවක් පසුගිය මැතිවරණයේදී සිදුවුණේ නැහැ කියන එක ඉතාම වගකිමකින් අපි ප්‍රකාශ කරනවා.
නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ වාර්තාවල දැක්වෙන ආකාරයට එම චෙක්පත් එදා ගිහින් දීලා තියෙන්නේ අරලිය ගහ මන්දිරයටයි. ඇලෝසියස් මුදලාලිගෙන් චෙක් ලැබිලා ඇමති ආරක්ෂකයන් ගිහින් මාරු කරපු අය පිලිබඳ පැමිණිල්ලක් දාන්න මහන්සි වෙච්ච නැති සමහර දේශපාලනඥයන් අරලියගහ මන්දිරයේ ගේට්ටුවට ගිහින්දීපු චෙක් එකක් පිළිබඳ ගිහිල්ලා එෆ්. සී. අයි. ඩී එකට පැමිණිලිත් දානවා.
මේ තොරතුරු ලැබිලා තියෙන්නේ රජයේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් කියලා ඒ එක්කම එම පුවත් වාර්තාවල දක්වා තියෙනවා. 2015 වසරේ ජනාධිපති වරණයෙන් පස්සෙත් රොයිටර් පුවත් සේවයේත් මේ පිලිබඳ වාර්තාවක් පලවුණා.
ඉන්පසු පෝට් සිටි එක නැවැත්තුවා. හම්බන්තොට වරායේ දෙවන අධියරේ සංවර්ධන කටයුතු නවත්තලා මේ ආයතනය පිලිබඳ පුලූල් පරීක්ෂණ කරනවා කියලා මේ ආයතනය පිලිබඳ සෙවුවා. ඉන්පසු පෝට්සිටි එකේ කටයුතු ඇතුළු මේ දේවල් ඉදිරියට ගෙනියන්න මෙම සමාගමට අවසර දෙන්න මේ අය තීරණය කළා. මේ සමාගම යම්කිසි මුදල් අක්රමිකතාවයකට සම්බන්ධ නම් අපේ රටේ යහපාලනය කියන ආණ්ඩුව කොහොම ද එම සමාගමටම නැවත වතාවක් ව්‍යාපාර කරගෙන යන්න අවසර දීලා තියෙන්නේ. ඒ 2015 පලවූ වාර්තාවට සමාන වාර්ථාවක් තමයි අද නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ අසත්‍ය කරුණු සහිතව වාර්තා කරලා තියෙන්නේ.
එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබාදුන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.
ප්රශ්නය : අපේ රටේ සිදුකරන විමර්ශන වල තොරතුරු විදේශ මාධ්‍ය වලට යනවා කියන එක ඔබ වගකීමේන්ද කියන්නේ?
පිළිතුර : මම කියන්න දෙයක් නැහැ. මේ ලිපිය කියෙව්වහම එහි සඳහන් වනවා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් එම තොරතුරු එළියට ආවා කියලා. ඒ එක්කම රන්ජන් රාමනායක මහතා ප්‍රසිද්ධියේ වේදිකාවේ කියලා තියෙනවා රාජ්‍ය ආයතනයකින් එම තොරතුරු දුන්නා කියලා.
ප්රශ්නය : නව්යෝක් ටයිම්ස් පුවත්පතට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්න බලාපොරොත්තු වෙනවද?
පිළිතුර : මේ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්න පුළුවන් කරුණු පිලිබඳව අපිව දැනුම්වත් කරන්න කියලා අපි අපේ ජ්‍යෙෂ්ඨ නීතීඥවරුන්ට දැනුම් දීලා තියෙනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට පුළුවන්නේ මේ නඩුවට ඉදිරිපත් වෙලා මෙය අධිකරණයේදී විසඳන්න. තවම එක නඩුවක් වත් කතා කෙරුවේ නැහැ නේද? මිනිස්සු හිනස්සනවට වැඩිය ඔහොම ඉන්න එක හොඳයි. රාජපක්ෂලා හොරකම් කෙරුවේ නැහැ. රටේ දේපල මුදල් තම සන්තකයට ගන්නකොට කවුරුත් දැක්කේ නැහැ. ඒවායේ රස දන්න නිසානේ මව, පියා, පුත්තු, බාප්පලා බලයට පොර... කන්නේ අලුත් හිට්ලර්... අඩි 4 වත් උස නැහැ
මේ රට කාලා දාපු ඒවා ගැන නම් කවුරුත් කියන්නේ නැහැ.
පව් අප්පා, මේවට මොනවා කියන්නද? මේ කට්ටිය නම් කවදාවත් බොරුවක් නම් කියන්නෙම නැහැ.
මෙයා නීති වේදියෙක් නේද? තව මොකටද අනුන්ගෙන් උදව් ඉල්ලන්නේ...
මෙතුමා තමයි නීති විද්‍යාලයේ ඉතිහාසයේ අවසාන විභාගයට වැඩිම ලකුණු ලබාගෙන තියෙන ශිෂ්‍යයා. ඒක නිසා එතුමාගේ නීති විග්‍රහවලට අභියෝග කරන්න මේ රටේ කවුරුවත් නැහැ.
අැයි .. ඔයත් නීතියනේ ඉගෙන ගත්තේ? වෙන කෙනෙක්ගෙන් අහන්නේ මොකටෙයි?
ඇත්ත කතාව. ඇයි එහෙනම් යහපාලන ආණ්ඩුවත් ඒ සමාගම පස්සේ ගියේ. "ද හින්දු" පුවත්පතේ වැඩ කරන මගේ හිතවත් මාධ්‍යවේදිනියක් කිව්වා ඔය නිව්යෝර්ක් ටයිම්ස් වාර්තාව ලිව්ව කෙනා ගැන...
නාමල බේබි.. ව්‍යාපෘති හදන්න ණයගත් එක නොවෙයි ප්‍රශ්නේ.. ඒවා ඕනෑම රටක ඕනෙම ආණ්ඩුවක් කරනා දේවල්.. ව්‍යාපෘති හදන්න දුන් ණයවලින් මුදල් තමන්ගේ ඡන්දෙට සහ පවුලේ සුඛවිහරණයට යොදාගෙන තිබීමයි ප්‍රශ්නේ? බේබිලා ණය අරගෙන සැප විඳින්නයි, ජනතාව බදුගෙවමින් නයගෙවන්නයි.. තාත්තයි, පුතයි නියම විදිහට නීති විභාගය කරලා පාස් වුණානම් මොකටද වෙනත් නීතිවේදියෝ ඕකට ගාවගන්නේ? ඔබ දෙදෙනාට ඔන්න අවස්ථාව එම නීති දැනුමෙන් නිව්යෝක් පුවත්පතට අභියෝග කර එම චෝදනාව බොරුවක් කියා ඔප්පුකර පෙන්වා මිලියන් ගණනක් වන්දි ලබා ගන්න ජනතාවට බොරු නොකියා ...
මෙහෙම අවලාද අසා සැපවිඳීම සැපක්ද?
නීති උපදෙස් ගන්න කලින් බලන්නකො චීන තානාපති කාර්යාලය නිකුත් කල නිවේදනය නැත්නම් අපරාදෙ නීතීඥ ගාස්තු.
ලන්කාවෙ ඒ අවුරුද්දේ නීතී විද්‍යාලයේ වැඩිම ලකුණු ගත්ත ශිෂ්‍යයා වෙන අයගේ නීතී උපදෙස් පතනවා.ඔයාගේ දැනුමේ විදිහට උපදෙසක් දුන්නොත් නරකද අපිට බලාගන්නත් එක්ක
ඔබතුමාගේ අනර්ග නීති උපදෙස් තියෙද්දී මොකටද මේ පිට මිනිස්සුන්ට කියලා නඩු කතා කරවන්නේ. මිනිස්සු දේශපාලනයෙන් ගෙදරම යවන්න පුළුවන් වාග් චාතුර්යයෙන් හෙබි නීතිවේදියෝ අද රටේ විරලයි.
නීති උපදෙස් දුන්නේ තමුන් වෙන්ඩ ඇති . අපි ඔහෙලගෙ කෙරුවාවල් ගැන හොඳින් දන්නවා. ජනතාව තවත් ගොනාට අන්දවන්ට හදනවා.
මේක බොරුවක් බව ඔප්පුවුනොත් ,රන්ජත් ගෙදර ,යහපලනෙත් ගෙදර.
ඔබ තුමා සියයට අනුනමයක් ලකුණු ලබාගෙන වාර්තාගත ජයක් ලැබූ ඇති දක්ෂ නීතිඥයෙක් නේ. අනුන්ගෙන් අහන්න මහන්සි වෙන්නේ මක්කටෙයි ?
මේ ආණ්ඩුවේ ඉන්න කට්ටිය හොරකම් කලාම එකෙන් යට යනවද කලින් කට්ටියගේ හොරකම්? එකට එක හිලවු කරන්න මේවා මොවුන්ගේ පුද්ගලික බුදල්ද?
අපි රජයෙන් ඉල්ලන්නේ මේ හොරකම් කරපු සල්ලි අහිංසක ජනයාට ගෙවන්න ඉඩසලසන්න නම් එපා.එහෙම කලොත් මහා පාපයක් ..මේවා සොයා බලා ,හැම සතයම නැවත ලබාගෙන මොවුන්ව සිරගත කර ප්‍රජා අයිතිය අහෝසි කරදමන්න .
පුතා විතරද තාත්තත් හොද නීති විශාරදයෙක්නේ ,බලය අල්ලාගෙන මහජන මුදල් හොරා කාපු රටවල කිසිම පාලකයෙකුගේ මුදල් හොයන එක ලේසි නෑ.ඒවා හංගා තියෙන බැංකු කවදාවත් උදව් කරන්නේ නැහැ.ඒ නිසා මෙයාලා බය නැතිව කියනවා පුලුවන් නම් අල්ලපල්ලා,ඔප්පු කරපල්ලා කියලා.
ඕකට නීති උපදෙස් ගන්න හොඳම එක්කෙනා සරත් එන් ද සිල්වා . මතකනේ හෙල්පින් හම්බන්තොට කේස් එකට දීපු උපදෙස් . සිරි ලංකාවේ හොරු බේරුවට, ඇමෙරිකාවේ තමයි කෙහෙල් ගහට කොටන්නේ. ධම්මික පෙරේරා .
ඇයි බං පුතේ කාගෙවත් උපදෙස්... උඹනේ ලකුණු වැඩිම ලෝයර්....
මෙයාල හිතාගෙන ඉන්නේ ඒවත් ලංකාවේ පත්තර වගේ කඩේ යනවා කියල
සරත් අන්කල්ගේ පරණ සෙක්‍රටරි එක්ක ගිහිලා පාර්ලිමේන්තුව පිටපස්සේ ඉදන් උපදෙස් ගන්න. තීන්දුවත් එයාම දෙයි.
නීති උපදෙස් පැතුවා කියල කියුවේ අර ලක්ෂ 58 ට සුපුරුදු කැරට් අලය දෙන්න හැබැයි කවදාවත් මේගොල්ලෝ නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්නේ නැහැ , දන්නවනේ වැඩිය අවුස්සන් ගියොත් ඇත්ත එළිවෙන බව
ඔය නම් පුතේ......... හැංගිච්ච කුණු ඔක්කොම එලියට එන වැඩක් සද්ද නැතුව ඔය බොරු ලියල තියෙන්නේ කියල හිටියොත් වහල්ලු ටික හරි විශ්වාස කරයි. කෝ මේ බමුණුඅරච්චි මහත්තය ??? එන්නකෝ මොනවා හරි කියන්න.
අනේ ඔහෙලා ලග ඉන්න නීති විශාරද මහා චාර්ර්ය G L පීරිස් , එයා මොකද කියන්නේ, මම නම් කියන්නේ ඔහෙට කව්රුත් ඕන නැහැ , මතකද ඔහේ නොව නීති විද්‍යාලේ ගිවිසුම් නීතියට වැඩිම ලකුණු අරගෙන නීති විද්‍යාල ඉතිහාසේ වාර්තාවක් පිහිටවපු හැටි , එසේ මෙසේ වැඩක් ද 1968 විතර බණ්ඩාරනායකගේ රෙකොර්ඩ් එකනේ බින්දේ . නරකද ඔය ගමන්ම ඩේසි ආච්චිගේ මැණික් මල්ල ගැනත් ඇහුවොත්
මේ කියන්නේ නීති උපදෙස් පැතීම ගැන ක්‍රමයක් සොයාගැනීම සඳහා සොයා බලාගෙන යන බවයි. එකත් අර රංගන පත්තරේ විස්තරේ කියද්දී කියනවා වගේ ආකාරයක් පෙන්නුම් කරන ආකාරයක් ඇති බව කිව වගේ. අපේ රටේ ඉන්නේ මිගොන්නු කියල හිතාගෙන මොයාලා කතා කරන්නේ.
හොර පෙරකදෝරුවෝ කතා කරනවා. මෝඩයෝ අසා සිටිනවා.