( තිළිණි ද සිල්වා )
කොළඹ නගරයේ කසළ බැහැර කරන ස්ථානවල සීසීටීවී කැමරා පද්ධති සවි කිරීමට තීරණය කර ඇති බව කොළඹ මහ නගර සභාව පවසයි.
කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් ලලිත් වික්‍රමරත්න මහතා සඳහන් කළේ, අදාළ ස්ථානවල සීසීටීවී කැමරා පද්ධති සවි කිරීමට අදාළ ටෙන්ඩර් කැඳවීම සිදු කර ඇති බවයි.
දෛනිකව කොළඹ නගරය තුළ කසළ ටොන් 50 ක් පමණ එක් රැස්වන බව කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් ලලිත් වික්‍රමරත්න මහතා සඳහන් කළේය.
කසළ වෙන් කිරීම සඳහා සේවකයින් යෙදවීමට පියවර ගෙන ඇති බවත්, තවදුරටත් වෙන් නොකරන ලද කසළ එක්වීම ගැටලුවක් වී ඇති බවද ඔහු පැවසුවේය.
මේ අතර නීතිවිරෝධි ලෙස කසළ බැහැර කරන්නන් සොයා පොලිස් පරිසර ඒකකයේ නිලධාරීන් සහ නගර අලංකරණ ඒකකයේ නිලධාරීන් පැය 24 පුරා ක්‍රියාත්මක බව ද නාගරික කොමසාරිස්වරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයාර්පෝර්ට් එකේ දාන්න බැරි වුණු ඒවා කසල ගොඩටවත් දාන්න එපැයි.
නියමයි... නගරය පිරිසිදුව තබාගනිමු. කුණුදාන අයට දඬුවම් දෙමු.
මොකක්ද මේ නීති විරෝදී කසල බැහැර කිරීම?
මේකට තමයි සිංහලෙන් කියන්නේ "අතීසාරෙට අමුඩ ගහනවා කියලා".