රොමේෂ් මධුෂංඛ
මුලතිව් පුදුකුඩිඉරිප්පු ඉරණපලෙයි හී යුද සමයේ දී කොටි සංවිධානය විසින් රත්තරන් හා ආයුධ තොගයක් සොයා පුදුකුඩිඉරිප්පු පොලීසිය විසින් කැණීමක් සිදු කළද කිසිවක් හමු නොවීය.
ඉරණපලෙයි ප්‍රදේශයේ දී කොටි සංවිධානය විසින් රත්තරන් හා ආයුධ තොගයක් වළ දමා ඇති බවට පුදුකුඩිඉරිප්පු පොලීසියට ලැබුණු තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (30) මුලතිව් අධිකරණයෙන් ලබාගත් අධිකරණ නියෝගයකට අනුව කැනීම සිදු කරන ලදී.
අදාළ ස්ථානයේ පැය තුනක පමණ කාලයක් පස් කපන යන්ත්‍රයක් උපයෝගී කරගනිමින් කැණීම් සිදු කළ ද කිසිවක් හමු නොවීම නිසාවෙන් කැණීම් කටයුතු නවතා දැමීමට පොලීසිය විසින් පියවර ගනු ලැබීය.
කැණීමේ අවස්ථාවට මුලතිව් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් මෙන්ම යුද හමුදාව ද එක්ව සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිස්සු වැඩනේ! ඔය මිනිස්සු හොයන බඩු මෙලහටත් තංගල්ල පැත්තෙන් පිට කරලා ඇති!