බිමල් ශ්‍යාමන් ජයසිංහ
ගල්කිස්ස හෝටල් පාරේ විද්‍යාල හංදියේ පිහිටි ඒටීඑම් කුටියක රුපියල් ලක්ෂ 37ක් අස්ථාන ගත වී ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි ගල්කිස්ස පොලිසිය කියයි.
පෞද්ගලික බැංකුවක කොළඹ ප්‍රධාන කාර්යාලයෙන් මෙම ඒටීඑම් කුටිය පාලනය වන අතර එහි මුදල් තැන්පත් කිරීම සමාගමක් මගින් සිදු කරන බව ප්‍රධාන කාර්යාල නිලධාරියකු පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.
මීට දින කිහිපයකට ඉහතදී පෞද්ගලික බැංකුවේ ප්‍රධාන කාර්යාලයෙන් කුටියේ මුදල් ගණනය කිරීමේ දී රුපියල් තිස් පන් ලක්ෂයක මුදලක් අඩුවී තිබෙන බව දැනගෙන ඇති බව පොලිසිය කියයි.
මුදල් ලබා ගන්නා යන්ත්‍රයට කිසිදු අයුරකින් හෝ අලාභ හානියක් සිදු වී නොමැති බවට පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
එම මුදල් යන්ත්‍රයේ දොරගුලු විවෘත කිරීමේ සියලු තාක්ෂණ දැනුම තිබෙන්නේ පෞද්ගලික බැංකුව මගින් බලය පවරා තිබෙන සමාගමට පමණක් බව ද පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුදල් තැන්පත් කරන සමාගමට අතපසු වීමක් වෙන්න අැති...
බලය පවරා ඇති ආයතනයේ එක්කෙනෙක් තමයි ඕක අරන් තියෙන්නෙ .
මේ අපේ බුද්ධ දේශයයි. අපි අනුන්ගේ දේවල් සොරකම් නොකරති. එම නිසා රටේ උඩ සිට පහලටම අපි උපාසකයන්ය. අපි සියලු දෙනාම පිරිත් නුල් බැදගෙන දහමින් ජීවත් වන්නෝ වෙති. මෙය කරන්න ඇත්තේ විදේසියකින් වෙන්න ඇති.
මහ බැංකු හොරා නැවත වරක් ලංකාවට ඇවිත්ද ?
චීනෙකුට අහුවෙලා පන්සලකට බාර දුන්නද දන්නේ නෑ.
මහ බැංකුවත් හොරා කෑව එකේ මේක මොකක්ද?
ඇලෝසියස් හරි, හිරිකොතේ කවුරු හරි ඔය පැත්තේ ඇවිත් තියනවද කියල බැලුවා නම් හරි... දැන් මහ බැංකුවේ සල්ලි නැති එකේ ATM මැෂින් වලට බැහැලද දන්නේ නැහැ.