(දයාරත්න ඇඹෝගම)
නිව්යෝක් ටයිම්ස් පුවත්පත මගින් මහින්ද රාජපක්ෂ මහතා අල්ලස් ලබා ගෙන ඇති බවට කරන හෙළිදරව්ව පැහැදිලිවම ඇත්තක් තියනවා කියලා විශ්වාස කරනවා. ඒ ලිපියේ තිබුණ දේවලුත්, ප්‍රායෝගිකව සිදු වුණ දේවලුත් බොහෝම ඇත්ත. මොකද ඔරලෝසු , සාරී මටත් ලැබුණා, තාමත් මං ළඟ ඒවා තියෙනවා යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක වාරිමාර්ග ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පැවසීය.
අනුරාධපුර ගුවන් තොටුපළ මාර්ගයේ පිහිටි අමාත්‍යයවරයාගේ නිවසේදී අද (1) පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව කීවේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූඅමාත්‍ය දුමින්ද දිසානායක මහතා මෙසේ ද පැවසීය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා චීන සමාගමකින් අල්ලස් ලබාගත් බවට නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ පළවූ බව කියන පුවත මමත් මාධ්‍ය මගින් දැක්කා. විශේෂයෙන් මම ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා එවැනි ගනුදෙනුවක් සිදුවෙලා තියෙනවා නම් , මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ කටයුතු වෙනුවෙන් එම චීන සමාගම විශාල මුදලක් ලබාදී තිබෙනවා නම් , එය බොහෝ විට අල්ලසක් ලෙස තමයි අපි දකින්නේ.
ඒ නිසා ආණ්ඩුවේ බළධාරීන්ට විශාල වගකීමක් තියෙනවා මේ පිළිබඳව කරුණු සොයා බැලීමට. ඒ වගේම මට පුදුමයක් තියෙනවා මේ පුවත දැන් එළියට ඇවිත් දින කිහිපයක් වෙනවා තාමත් ආණ්ඩුව පැත්තෙන් කථා කරන්නේ නෑ, ඒ නිසා ආණ්ඩුව මීට වඩා මේ සම්බන්ධයෙන් සොයා බැලිය යුතුයි.
අඹ ගෙඩි දෙකක් හොරකම් කළත් හිරේ දානවා පුංචි පුංචි හොරකම් ගැන කථා කරනවාට වඩා මේ විදිහට විශාල මුදලක් වංචා වෙලා තිබෙනවා නම් ඒ පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන්න කියලා මම ආණ්ඩුවේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.
අපේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වෙලා තියෙන්නේ වැඩි වෙන කාලයට බඩු මිල වැඩි කරන්නත්, අඩුවෙන කාලයට බඩු මිල අඩු කරන්නත් කියන එක. ඒක ප්‍රායෝගික ක්‍රමයක්. ඒ නිසා ගෑස් මිල රුපියල් 138 කින් අඩු වුණා. මේක ජනතාවට විශ්වාසය තැබිය හැකි ක්‍රමයක්.
ගෑස් මිල හදිස්සියේ අඩු කලේ පළාත් සභා මැතිවරණයක් ඉලක්ක කර ගෙන නෙමෙයි. ගෑස් මිල අඩු කලේ මැතිවරණයක් බලා ගෙන කියලා කවුරු හරි හිතනවා නම් ඒක මම හිතන්නේ දේශපාලනය නොදන්නා කෙනෙකුගේ තර්කයක් ඒක.
නමුත් පළාත් සභා මැතිවරණය ඉතාම ඉක්මණින් තියන්න කියලා අපි කියනවා. අපිට පළාත් සභාව කවුද ජයග්‍රහණය කරන්නේ කියන එක නෙමෙයි ප්‍රශ්නය. පළාත් සභාව පාලනය කරන්න දේශපාලඥයෝ අවශ්‍යයි. ඒ නිසා අපිට අවශ්‍යය කරන්නේ සාධාරණ ක්‍රමයකට
නිවැරදි ක්‍රමයකට, පළාත් සභා මැතිවරණය පැවැත්වීමයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ අල්ලස් කොමිසම............... ඉස්සෙල්ලා මෙයාගෙන් ප්‍රශ්න කරන්න.......................
දුපතුන්ට බෙදා දීමට ලබාදුන් දේවල් තාමත් ළඟ තියාගන ඉන්නවා. මහජන මුදල් අතිශයින් අවභා විතය යටතේ මුලින්ම හිරකරන්න ඕන.
සබීතා නෝනගෙ ගොඩනැගිල්ල මතක ද
අනේ මෙයා සාරී හම්බ වෙලත් අදින්නේ නැත්තේ ඇයි. ඕක හැමදාම හංගන්න පුළුවන් දෙයක් නෙමෙයි
අනුරාධපුරේ කොච්චර දුප්පත් මිනිස්සු ඉන්නවාද? බෙදලා දෙන්න තියෙන සාරි - ඔරලෝසු තමා ළඟ තියාගෙන ඉන්නේ..................... මොන බම්බුවක්ද? මේ
කවුද අවභාවිතා කරේ කියලා මුලු රටම දන්නවා.....
මෙහෙ බැංකුව ගැනත් කතා කරන්නකෝ කූඹියෝ...
මේ අප රටේ මහජන සේවය පිණිස පැමිණි මහජන නියෝජිතයින් යයි කියා ගන්නා අය නොවේද? ලැජ්ජා නැති රැලක්.
හෙනම ගහනවා කියන කතාවලට. සාරිය අඳින්නම බැරිනම් බිරිඳටවත් දෙන්න.
සාරියක් ඇඳගන්න... හැට්ටයකුත් මහගෙන...
මම කිව්වේ ඩොලර් එකක් හොරකම් කල බව ඔප්පු කලොත් හිසට වෙඩි තබා ගන්නවා කියලයී.නමුත් මෙතනම ඩොලර් මිලියන 7.5ක් නේ ඒක නිසා හිසට වෙඩි තියා ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ අපේ හාමුදුරුවනේ.............
සාරියක් ඇඳලා, ඔරලෝසුවකුත් බැඳලා දාන්නකෝ ෆොටෝ එකක් පත්තරේට. යස මංගල යෝජනාවක් එයි දවසින් ඔයාට...
ආපු දවසේ ඉදන් කලේ මඩ ගහන එක තමයි ..අද මහින්ද මහතා මේ චෝදනාවලට පැහැදිලි පිළිතුරු ලබා දීලා තියෙනවා ..ඔබතුමා කරන වැඩවකට හරියන්නේ ඉතින් සාරි හැට්ටම තමයි
ඉතින් ඔබතුමාලා මේ ගැන පරීක්ෂණයක් ඉල්ලන්නේ නැත්තේ මොකද?
මෙතුමා සාරි අඳිනවා කියලා දැනගත්තු එකත් ලොකුදෙයක්...
ඩොලර් මිලියන 18,000 ක් තියෙන මහින්ද මහත්තයා ඡන්දෙට ඩොලර් මිලියන 7ක් ගත්තා... තේ බොන්න වෙන්න ඇති නේද..?
ඔන්න ඉතින් ආයෙමත් පටන් ගත්තා. දැන් ඉතින් තව මාස 6ක් වැඩක් නොකර කාලේ කන්න මාතෘකාවක් හම්බ වුණා යහපාලනයට...
හොරුන්ගෙත් හොරු කම්බ හොරු .
ඔයා ඒවා අඳින්න, ගැලපෙනවා.
මෙන්න මෙයා නානවා !!!
මැතිවරණ කටයුතු සඳහා මුදල්දීම සම්පූරයෙන්ම් පුද්ගලික කටයුත්තක් මැතිවරණ කටයුතු සඳහා මුදල් දෙන ව්‍යාපාරිකයෝ මැතිවරණයට තරඟකරන බලවත් පක්ෂ හැමෙක්ටම මුදල් දෙනවා එක අරුමයක් පුදුමයක් නොවෙයි සමහරු නිර්නාමිකව මුදල් දෙනවා ඒ තමන්ට පුද්ගලිකව වාසි ගන්න නොවෙයි රටවෙනුවෙන් වැඩක් ඇති මිනිසුන් පත්කර ගන්න. මේකියන දුමින්දත් පක්ෂයට ලැබුන ඒ මුදල් වක්‍රව බුක්ති විඳලා තිබෙනවා.
ඔය මොනවා කීවත් මහින්ද මහතාගැන අපේ සිත් බිඳෙන්නේ නැත.
මේවා නම් විකාරම තමයි.
බෙදන්න දීපු ඒවා ඔය තියාගෙන මොකද? කමක් නෑ සාරි ටික ඔය අඳින්න.
ආයේ ඉතින් ගත්තා කියලා කියන්නද?
දේශපාලඥයෝ පොහොසත් වන වේගය අදහගන්න බැරි තරම් වැඩිවෙන්න හේතුව මොකක්ද කියලා සොයා බලන්න කවුරුවත් උනන්දු නැත්තේ ඇයි? අඩුමගානේ දේශීය අදායම් දෙපාර්තමේන්තුවවත් ඇහැක් ඇරලා බලන්නේ නැහැ. අපි පරණ කාර් කට්ටක් ගත්තොත් සම්මුඛ පරීක්ෂණයකට ලියුමක් එවනවා. කොහොමද මෙච්චර සල්ලි ලැබෙන්නේ කියලා දැනගෙන ටැක්ස් ෆයිල් එකක් ඕපන් කරන්න.
මහින්ද රාජපක්ෂ පිළිගත්තත් ඩොලර් මිලියන 7.5ක් ගත්ත කියලා, මෙතන කමෙන්ට්ස් දාන බයියෝ නම් පිළිගන්නේ නැහැ.
මම අද කිව්වා කියල හිතාගන්න. " මෙයාට ඉදිරියේදී ඇඩ්රස් නැත" !!