සුජිත් හෙවාජුලිගේ
ශ්‍රි ලාංකිකයන් 94 දෙනෙකු ගිය වසරේදී ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය අත හැර ඇත.
වෙනත් සමහර රටවල පුරවැසිභාවය ගැනීමේදී ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය අත් හැරීමට සිදුවන හෙයින් මෙලෙස කටයුතු කර තිබෙන බව ආගමන විගමන පාලක නිහාල් රණසිංහ මහතා ලංකාදීපයට පැවසීය.
මේ අතර විදේශ රටවල ජීවත්වන ලාංකිකයන් 10648 දෙනෙකුට ගිය වසරේදී ද්විත්ව පුරවැසි සහතික පත්‍ර ප්‍රධානය කර ඇතැයි ද ආගමන විගමන පාලකවරයා ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕස්ට්‍රේලියාවේ දේශීය කටයුතු (Dept of Home Affairs) දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට අනුව ගිය වසරේ ශ්‍රී ලාංකිකයන් 4487 දෙනෙකු ඕස්ට්‍රේලියානු පුරවැසිකම ලබාගෙන තියනවා. ඒ කියන්නේ ලංකාවේ පුරවැසිකම අත හැරලා තියනවා. මේ විදියට තව රටවල් කීයක පුරවැසිකම අරගත්ත ලාංකිකයෝ ඉන්න ඇතිද?
මගේ පුතාත් මේ රටේ පුරවැසිකම අත් හැර ගොස් අවුරුදු 20 ක් වෙනවා හෙට අනිද්දාම අනික් දරුවත් මේකේ පුරවැසිකම දාලා යනවා. ඒ ගොල්ලන්ට දෙන එකම උපදෙස තමයි ලංකාව පැත්තට ඔලුව දාලා නිදාගන්නවත් එපාකියලා.
ඔබ සියලු දෙනාට සුබ පැතුම්. මේ රටේ ජීවත් වෙන්න බැරි තරමට බදු ගහද්දි ඔබලා මේ රට අත හැර ගිය එකේ කිසිදු වරදක් නැත. ඔබේ සියලු දේ සාර්ථක වෙත්වා.