චමිල් රූපසිංහ
අන්සතු ක්‍රෙඩ්ට් කාඩ්පතක් භාවිතා කරමින් මුදල් රැගෙන අධිකරණයෙන් ඇප ලැබ සිටි මහනුවර ප්‍රසිද්ධ පාසලක ගුරුවරිය තවත් ගුරුවරියකගේ ක්‍රෙඩිට් කාඩ්පතක් භාවිතා කර රුපියල් 41,800 ක් ගත් සැකකාරිය ජුලි 5 වැනි දා තෙක් රිමාන්ඩ් කිරිමට මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් සුනිල් වීරකොන් මහතා නියෝග කළේය.
සහකාර විදුහල්පති ශ්‍රේණිය සමත් සැකකාරිය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධිය හදාරණ තවත් ගුරුතුමියකගේ ක්‍රෙඩිට් කාඩ්පතක් ද රැගෙන මහනුවර වෙළඳ ආයතනයකින් භාණ්ඩ මිලදි ගෙන තිබුණු අතර එම කාඩ්පත හිමි ගුරුතුමිය පේරාදෙණිය පොලිසියට කළ පැමිණිල්ලකට අනුව සීසීටීවී දර්ශන උපයෝගී කර ගනිමින් අත්අඩංගුවට ගත් අතර ඇය එම කාඩ්පත බිම වැටී තිබි ඇහිද ගත් බව අධිකරණයට පවසා තිබිණි.
එහිදී ගුරු වෘත්තීය සළකා බලා මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය මගින් අවවාද කර ලක්ෂ දෙකක ශරිර ඇප මත නිදහස් කර තිබිණි.
පසුව එම විස්තරය මාධ්‍යවල පලවීමෙන් පසු තවත් ගුරුතුමියකගේ ද කාඩ්පත නැති වී ඇති බව පේරාදෙණිය පොලිසියට පසුගියදා කළ පැමිණිල්ලකට අනුව පේරාදෙණිය පොලිසියේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක මහින්ද කල්දේරා මහතා විසින් විමර්ශන සිදුකර මෙම ගුරුතුමිය අත්අඩංගුවට ගනු ලැබීය.
ක්‍රෙඩිට් කාඩ්පත දෙවැනි වරට නැතිවු ගුරුතුමිය පේරාදෙණිය පොලිසියට පවසා ඇත්තේ දුරකථනයට විටින් විට විද්‍යුත් පණිවුඩ ලැබුණත් එය නිරික්ෂණය නොකළ බවත් මෙම ගුරුතුමිය අන්සතු ක්‍රෙඩිට් කාඩ්පතක් රැගෙන මුදල් රැගෙන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව දැනගත් පසු තමාගේ කාඩ්පත ද නැතිවී ඇති බව දැනගෙන ඇත.
එම තොරතුරු ඔස්සේ විමර්ශන සිදුකළ පොලිසිය මෙම සැකකාර ගුරුතුමිය පොලිස් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී එම ගුරුතුමියගේ ක්‍රෙඩිට් කාඩ්පත සැකකාර ගුරුතුමියගේ බෑගයේ තිබී සොයාගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පශ්චාත් උපාධියේදිවත් කියලා දුන්නේ නැද්ද අනුන්ගේ ක්‍රෙඩ්ට් කාඩ් එකක් පාවිච්චි කරන්න හොඳ නෑ කියලා..............
සොර සිතක් පහල වී , අන් සතු දෙයක් , තමන් සතුකරගන්න හිතුනාම ,තමන්ගේ සමාජ තත්වය ගැන සැලකීමක් නැහැ. " තණ්හාය ජායති සෝකෝ " කියලා තමයි මේ ගුරුවරියට කියන්න තියෙන්නේ.
"එහිදී ගුරු වෘත්තීය සළකා බලා මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය මගින් අවවාද කර ලක්ෂ දෙකක ශරිර ඇප මත නිදහස් කර තිබිණි." මාර වැඩක් නේ, ජොබ් එක අනුව දඩුවම වෙනස් කරන්න පුළුවන් ද? ඔය දේම නාට්ටමියෙක් කරොත් මොකද වෙන්නේ? අපේ රටේ කුල මල බෙදා හීන මාන තියෙනවා ද?
ගුරු වෘත්තීය සලකා බලා ඇප දුන්නාලු. එතකොට වෘත්තීය දඩමීමා කරගෙන සමාජ විරෝධී වැඩ කටයුතු කරන එක හරිද? කොයි වෘත්තියටත් සමාජයේ උගතුන් බිහි වෙන්නේ ගුරුවරුන්ට පින් සිදුවෙන්න. එහෙම එකේ දේවාලයේ කපුවා කැත කළාට කමක් නැහැ කියන තැනට නීතිය පත්වීම ඉතා කණගාටුදායකයි. මේක සංවිධානාත්මක සොරකම් කිරීමක් බව පුද්ගලයන් දෙන්නෙකුගේම බැංකු කාඩ් අස්ථානගතවීමෙන් පේනවා. එහෙම එකේ ආදර්ශමත් වෘත්තියක් කෙලෙසන තැනට කටයුතු කළ තැනැත්තියක් මෙහෙම සුළු වරදක් කලගාණට නිදහස් කිරීම ඉතා කනගාටුයි. නඩුකාරතුමාගේ බැංකු කාඩ්පතත් සේප්පුවක දාලා හරි ආරක්ෂා කර ගන්න එක හොඳයි.
පළමුවතාවට සමාව දීලා නැහැ. රිමාන්ඩ් කරන්නේ නැතුව ඇප පිට නිදහස් කරලා තියෙන්නේ වැරදීමකින් සිදුවූ හොරකමක් කියා විනිසුරු විශ්වාස කල නිසා... නමුත් ඇය හිතාමතා අන්සතු දේ හොරකම් කරන බව දෙවැනි සිද්ධියෙන් පැහැදිලිව අවබෝධවන නිසා රිමාන්ඩ් බන්ධනාගාරයට යවා තිබෙනවා.
චුදිත කාන්තාව රැකියාව ලබා ගැනීම සඳහා ඉදිරිපත් කල අධ්‍යාපන සහතික එහෙමත් පරීක්ෂා කරලා බැලුවොත් නරකද?