ගිලන් රථ රියදුරෝ ලෙඩ නිවාඩු දමති ඉල්ලිම් කිහිපයක් මුල්කර ගනිමින් සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ හා පළාත් සභා සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ පාලනය වන මුලික සහ ප්‍රාදේශීය රෝහල්වල ගිලන් රථ රියදුරෝ ලෙඩ නිවාඩු දමා අද (27) උදෑසන වෘත්තිය සමිති කි‍්‍රයා මාර්ගයක් ආරම්භ කළහ. ගිලන් රථ දෙක බැගින් හා ඊට වැඩියෙන් ගිලන් රථ තිබෙන රෝහල්වල එක් ගිලන් රථ රියදුරකු රාජකාරියේ යොදවා අනෙකුත් රියදුරන් වර්ජනය යෙදෙන බව එම රෝහල්වල අධ්යක්ෂවරුන් හා දිස්ති‍්‍රක් රෝහල් වෛද්‍යවරු පැවසූහ. 27 June 2017
ට්‍රම්ප් නිකුත් කළ සංචාරක තහනමට ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසරය ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතාට ජයග්‍රහණයක් අත්පත් කරදෙමින් මුස්ලිම් රටවල් හයක සංචාරකයන්ට පැනවූ සංචාරක තහනම සහ සියලු සරණාගතයන්ට ඇමෙරිකාවෙන් පිටවන්නැයි සඳහන් කරමින් දුන් විධායක නියෝගය නැවත ක්‍රියාත්මක කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දී තිබේ. 27 June 2017
අද පැවැත්වෙන උද්ඝෝෂණ දෙකකට තහනම් නියෝග සයිටම් විරෝධී සරසවි සිසුන් හා සයිටම් ආයතනයට සහාය දක්වන වෘත්තීය සමිති යන කණ්ඩායම් දෙකක් අද(27) කොළඹ ලිප්ටන් වටරවුමේ පැවැත්වීමට නියමිතව තිබූ උද්ඝෝෂණ නවත්වන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය තහනම් නියෝගයක් නිකුත් කළේය. 27 June 2017
නියෝජ්‍ය ඇමැති අරුන්දික එෆ්සිඅයීඩියට නියොජ්‍ය අමාත්‍ය ඇරුන්දික ප්‍රනාන්දු මහතා ප්‍රකාශයක් ලබා ගැනීමට අද පෙරවරු 9.30 ට මුල්‍ය අපරාධ විමර්ශක කොට්ටාසයට කැඳවා ඇත. 27 June 2017
කිලිනොච්චියේ වෙළඳසැලක් ගිනි ගනි කිලිනොච්චිය මුලංකාවිල් නච්චිකුඩා මන්සන්ධියේ පිහිටි සුපිරි වෙළඳසැලක් තුළ ඇති වූ ගින්නකින් වෙළඳසැල සම්පුර්ණයෙන් විනාශ වී ඇති බවට මුලංකාවිල් පොලීසිය කියයි. 27 June 2017
යාපනයේ ආයුධ කල්ලිය යළිත් හිස ඔසවයි යාපනය මණිපායි ප්‍රදේශයේදී යතුරුපැදි කිහිපයකින් තියුණු ආයුධ සහිතව පැමිණි පිරිසක් පුදගලයකු කපා කොට පලා ගොස් ඇති බවට යාපනය පොලීසිය පවසයි. 27 June 2017
දිවයින පුරා තැපැල් කාර්යාල වසා දමයි නුවරඑළිය ප්‍රධාන තැපැල් කාර්යාල ගොඩනැගිල්ල ඇතුළු ඉඩම හා දිවයිනේ ප්‍රධාන තැපැල් කාර්යාල කිහිපයක්ම පෞද්ගලික අංශයට ලබා දිමට විරෝධය පාමින් අද (27) දිවයින පුරා තැපැල් සේවකයෝ වැඩ වර්ජනයක නිරත වෙති. 27 June 2017
මිල කළ නොහැකි රන් අබරණ තොගයක් රේගුවේදී අත්අඩංගුවට වටිනාකම ගණනය කළ නොහැකි රන් ආබරණ තොගයක් බැංකොක් සිට ශ්‍රී ලංකාවට ගෙන ඒමට තැත් කළ බණ්ඩාරගම ව්‍යාපාරිකයෙන් ගුවන්තොටුපොළ රේගුවෙන් අද අලුයම අත්අඩංගුවට ගනු ලැබීය. 27 June 2017
එල්ලෙමින් තිබූ සිරුරු 4 ක් කඹුරුපිටියෙන් සොයා ගනී කඹුරුපිටිය රංචාගොඩ ප්‍රදේශයේ කොස් ගසක හා මහෝගනී ගසක එල්ලෙමින් තිබූ සිරුරු හතරක් අද (27) අලුයම සොයා ගත් බව පොලිසිය කියයි. 27 June 2017
දඔුල්ලෙන් දිනකට ලක්ෂ 25 ක ආදායමක් දඹුල්ල ලෙන් විහාර නැරඹීමට පැමිණෙන විදෙස් සංචාරකයන් සඳහා ප්‍රවේශපත්‍ර අලෙවිකරිමෙන් දිනකට රුපියල් මිලියන 2.5 කට වැඩි ආදායමක් ලැබෙන බව තහවුරු වී ඇති බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්යක්ෂ ජනරාල් ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා පැවසීය. 26 June 2017
කොල්ලුපිටියේදී දුම්රියේ ගැටී අයෙක් මරුට කොළඹ සිට අලුත්ගම බලා ධාවනය වෙමින් තිබු කාර්යාල දුම්රියට කොල්ලූපිටිය දුම්රියපොළ ආසන්නයේදී ගැටුණු පුද්ගලයකු ඒ ස්ථානයේදීම මියගිය බව පොලිසිය කියයි. 26 June 2017
මුන්දලම දෙපිරිසක් අතර ගැටුමක් - ප්‍රදේශයට පොලිස් ආරක්ෂාව මුන්දලම කොත්තන්තිව් ප්‍රදේශයේ අද(26) දෙපිරිසක් අතර ඇතිවු ගැටුමකින් පසු ප්‍රදේශයේ ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බළකාය සහ පොලිස් කණ්ඩායම් කිහිපයක් අනියුක්ත කර ඇති බව ඉහළ පොලිස් නිලධාරියකු පැවසීය. 26 June 2017
‘ජීඑම්ඕ කථා කිතුලට ගිය මිනිසාගේ කථාව වාගේ‘ - රාජිත රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය නිකුත් කරන ප්‍රකාශ කිතුල් ගහට ගිය මිනිසාට කියන්නට සිදු වූ හේතු වගේ යැයි සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 26 June 2017
සයිටම් සම්බන්ධ විශේෂ සාකච්ඡාවක් සයිටම් ආයතනය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය ඇතුළත් ජනාධිපති ලේකම් නිකුත් කළ නිවේදන පිළිබඳ හදිසි සාකච්ඡාවක් මේ වනවිට කොළඹ ජනාධිපති කාර්යාලයේ පැවැත්වේ. 26 June 2017
ඕස්ට්‍රේලියා ගිය අනවසර සංක්‍රමණිකයන් 20ක් ආපසු ලංකාවට එවති බෝට්ටු මඟින් නීතිවිරෝධී ලෙස ඕස්ටේ්රලියාවට සංක්රමණයවී සිටි ශ්‍රී ලාංකිකයින් 20කට ආසන්න පිරිසක් අද(26) යළි ශ්‍රී ලංකාව බලා පිටත් කර යැවීමට එරට ආගමන විගමන බලධාරීන් පියවර ගෙන ඇතැයි ‘‘ ද ඕස්ටේ්රලියන් ’’ පුවත්පත් වෙබ් අඩවිය වාර්තා කළේය. 26 June 2017
ජනපති ලේකම්ගේ නිවේදනය වෛද්‍යවරු ප්රත්ක්ෂේප කරති සයිටම් ගැටළුව සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපතිවරයා සමඟ සිදු කළ සාකච්ඡාවෙන් පසුව ජනාධිපති ලේකම් විසින් නිකුත් කළ නිවේදනය ප්‍රතික්ෂේප කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. එම නිවේදනයේ පවතින බහුතරයක් කරුණු සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විරෝධය දක්වන බවද වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කීය. 26 June 2017
ත්‍රී රෝද රථවලට උපරිම වේග සීමාවක් එයි තී‍්‍ර රෝද රථ ධාවන වේගය පැයට කිලෝ මීටර් 40ක උපරිම වේග සීමාවකට යටත්ව ධාවනය කළ යුතු බවට නීති ගෙන ඒමට තීරණය කර ඇතැයි මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා පවසයි. 26 June 2017
වෛද්‍ය සිසුවා ජුලි 5 තෙක් රිමාන්ඩ් සෞඛ්‍ය අමාත්‍යාංශයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපළ වලට අනර්ථයක් සිදු කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ වෛද්‍ය සිසුවා ලබන මස 5 වැනි දින දක්වා රිමාන්ඞ් බාරයට පත්කරන ලෙසට අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද (26) නියෝග කළේය. 26 June 2017
මහේල අනුමාන වාර්තා ප්‍රතික්ෂේප කරයි ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු තනතුර සඳහා ඉල්ලුම් කිරීමට තමන් සූදානම් වන්නේ යයි පවතින අනුමාන කිරීම් වල ගතයුතු යමක් නැතැයි මහේල ජයවර්ධන ප්‍රකාශ කරයි. 26 June 2017
’කළමනාකරණ හා තොරතුරු තාක්ෂණ පීඨ වල උපාධිධාරින්ට රැකියා අහුරලා’ කළමණාකරණ පීඨ හෝ තොරතුරු තාක්ෂණ පීඨවලින් පිටවන උපාධීධාරින්ට සෞඛ්‍ය අමාත්‍යංශයේ රැකියාවලට ඒමේ ඉඩ ප්රස්ථා අහුරා ඇත්තේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය යැයි සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් පර්ෂදයේ සභාපති රවි කුමුදේශ් මහතා පැවැසීය. 26 June 2017
ආණ්ඩුවේ සයිටම් යෝජනාවලියට විරුද්ධ බව ගුරු වෘත්තීය සමිති කියයි උද්ඝෝෂණය කළ ශිෂ්‍යයන් අත්අඩංගුවට ගැනීම දිගින් දිගටම සිදු කරන්නේ නම් මර්දනයට එරෙහිව සියලු ගුරු සංගම් එක්ව දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නා බව ගුරු වෘත්තීය සමිති නියෝජිතයෝ පිරිසක් අද කොළඹ විශ්ව විද්‍යාලයයේ දී පැවසූහ. 26 June 2017
පුත්තලමේ කසල රඳවනයේ වැඩ සැප්තැම්බරයේ අැරැඹෙයි පුත්තලම, අරුවක්කාලූ ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත සනීපාරක්ෂක කසල රඳවනයේ කටයුතු ලබන සැප්තැම්බර් මාසයේදී ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් එය තවත් මීතොටමුල්ලක් නොව ජාතික සම්පත් කලාපයක් වනු ඇති බවත් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 26 June 2017
තැන තැන කුණු දමන 454 ක් අත්අඩංගුවට කොළඹ නගරය ඇතුළු බස්නාහිර පළාත තුළ තැන තැන කසල බැහැර කළ පුද්ගලයින් 454 දෙනකු අද (26) වනවිට අත්අඩංගුවට ගත් බව පොලිස් මුලස්ථානය කියයි. 26 June 2017
මහ දවල් ලක්ෂ 80ක් කොල්ලකති ප්‍රධාන පෙළේ නිමි ඇඳුම් ප්‍රදර්ශනාගාරයකට අයත් රුපියල් ලක්ෂ 80 ට ආසන්න මුදල් වෑන් රථයකින් රැගෙන යමින් තිබියදී අද (26) දහවල් රාගම කඩවත පාරේදී පිරිසක් විසින් එම මුදල් කොල්ල කා පළාගොස් ඇතැයි පොලිසිය කියයි. 26 June 2017
‘වක්වැල්ල පාලමේ කණු දිරලා‘ දිගින් ශ්‍රී ලංකාවේ දෙවැනි තැන තිබෙන වක්වැල්ල පාලමේ කණු දිරා ඇති බව නාවික හමුදාව විසින් පවසන බැවින් ඒ පිළිබඳ වහාම අවදානය යොමු කළ යුතුයැයි ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසයි. 26 June 2017
‘වැලි කතර’ යළි තිරයට ප්‍රවීණ සිනමාවේදී ආචාර්ය ඩී.බී. නිහාල් සිංහයන්ගේ විශිෂ්ඨතම සිනමා නිර්මාණයක් වූ 70 දශකයේ ඉමහත් ජනාදරයට පත් ‘වැලිකතර’ ප්‍රථම පුළුල් තිර වෘතාන්ත චිත්‍රපටය ඩිජිටල් සත්කාරයේ මහිමයෙන් ප්‍රතිස්ථාපිතව මෙම මස 30 දා සිට යළි තිරගත කෙරේ. 26 June 2017
කාෙලොම්බියා මගී බෝට්ටුවක් ගිලී 7 ක් මරුට කොළොම්බියාවේ ඊසාන දිග ප්‍රදේශයේ ග්වාටබේ නගරයේ ගංගාවක මගී බෝට්ටුවක් ගිලීයාමෙන් හය දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ. අනතුරට පත් වූ 133 දෙනකු බේරා ගත් බවත් අතුරුදන් වූ 16 දෙනකු සොයා මෙහෙයුම් දියත් කර ඇති බවත් බලධාරීහු පවසති. 26 June 2017
ඇහැලියගොඩ අනතුරින් දෙදෙනෙක් මරුට ඇහැලියගොඩ පනාවල පාරේ ධර්මපාල විද්‍යාලය ඉදිරිපිට දී සිදු වූ ත්‍රීරෝද කැබ් රථ අනතුරකින් කාන්තාවක් හා පිරිමි දරුවෙකු මිය ගොස් ඇතැයි ඇහැලියගොඩ පොලිසිය කියයි. 26 June 2017
ඉන්දීය පුහුණුකරු වෙන්න මහේලත් උනන්දුවෙන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු තනතුර සඳහා ශ්‍රී ලංකා පිලේ හිටපු නායක මහේල ජයවර්ධන මහතා ඉදිරිපත් වනු ඇතැයි ‘ඉන්දියා ටුඬේ’ පුවත් පත කියයි. 26 June 2017
පොලිස් වෙඩි පහරින් සැකකරු මරුට වරකාපොළ පෞද්ගලික වෙළඳසලකට ඇතුළුවී එහි තිබූ භාණ්ඩ තොගයක් රැගෙන යාමට උත්සාහ කළ පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට යාමේ දී පොලිසිය කළ වෙඩි තැබීමකින් සැකකරු මියගොස් ඇතැයි වරකාපොළ පොලිසිය පවසයි. 26 June 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026