එෆ්.අස්ලම්
උතුරු නැගෙනහිර පළාත්වල වෙසෙන දෙමළ ජනතාවට භීතියකින් තොරව නිදහසේ ජීවත් වීමට නම් එල්.ටී.ටී.ඊ සංවිධානය යළි හිස එසවිය යුතු යැයි වනිතා හා ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය අද පැවසුවාය.
ජනාධිපති ජනතා සේවය වැඩසටහනේ 8 වැනි වැඩ සටහන යාපනය වීරසිංහම් ශාලවේදී අද පැවති අතර මෙහිදී අදහස් පලකරමින් විජයකලා මහේෂ්වරන් එසේ කීවාය.
‘‘උතුරේ කාන්තාවන් බරපතල වශයෙන් දුෂ්කරතා රැසකට මුහුණ දෙනවා. මෑතක යාපනයේ සය හැවිරිදි පාසල් දැරියක ඝාතනය කළා. එල්.ටී.ටී.ඊ සංවිධානය සක්‍රීයව සිටීයා නම් මේ වගේ ඉරණම් අත්වෙන්නට කිසිදු ඉඩක් නැහැ.
ඒ වගේම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් තමන්ගේ පක්ෂය වර්ධනය කිරීමේ උත්සහායේ පමණක් නිරත වෙලා ඉන්නවා. උතුරේ ජීවත් වන මිනිස්සු වෙනුවෙන් කිසිදු විසඳුමක් සොයන්න ඔහු උත්සහා කරන්නෙ නැහැ. ජනාධිපතිවරයාත් දෙමළ ජනතාව බේරාගන්න අපොහොසත් වෙලා තියෙනවා.
යාපනය ඇතුළු උතුරු පළාත තුළ සිදුවන මෙවන් සිදුවීම් දිහා බලන කොට 2009 මැයි මස 18 වනදාට පෙර දෙමළ ජනතාව ජීවත් වූ ආකාරය ගැන ආඩම්බර වෙනවා.මේ තත්වය නිසා කොටි සංවිධානය නැවතත් බිහිකළ යුතුයි. එය අපගේ මූලික අරමුණක්. අප ජීවතුන් අතර සිටීමට නම් අපට මහ මග නිදහසේ ඇවිදීමට නම් අපගේ දරුවන් පාසල් වෙත ගොස් නැවත නිවසට පැමිණිය යුතු විමට නම් උතුරු නැගෙනහිර පළාත්වල කොටි සංවිධානය හිස එසවිය යුතුයි‘‘ යැයි ද ඇමැතිවරිය පැවසුවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අත්අඩංගුවට ගන්න ඕනේ කතාවක්
උතුරට පමණක් නොවෙයි ඔය කියමන දකුණටත් වලංගුයි.
ඇන්ටි ඔයා ඔහොම කියද්දි මට එපාම වෙලා තියෙන රාජපක්ෂලා ආයෙත් රටේ නායකයා කරවන්න ඡන්දෙ දෙන්නම හිතෙනවා... එහෙමද ආස?
මෙයා මැරිලා ඉපදිලා වගේ කතාකරන්නේ.. තමුන්ගේම දෙමළ කී දාහක් මැරුවද? තමුන්ගේම වාසියට ජාතිය පාවාදෙන අය දේශපාලනයෙන් පන්නා දැමිය යුතු වෙනවා. රටට ද්‍රෝහීව කතා කරන අය එක්සත් ජාතික පක්ෂයෙන් පන්නා දැමිය යුතුයි.
මෙයාව ඇමති ධුරයෙන් ඉවත් කළ යුතුයි.
මේ අය වහාම අත්අඩංගුවට ගන්න. දැන් පුල්ලි මතුවෙන්න අරගෙන වගෙයි.
පොහොට්ටුවටද මන්දා වැඩ කරන්නේ?
අපිටත් මෙවැනි ප්‍රශ්න තියෙනවා. ජනවාරි අට වෙනිදා උඩ පැනගෙන කතිරේ ගැහුවට රටේ ආර්ථික සමාජයීය ප්‍රශ්න තව තවත් වැඩි වුණු එකයි වුනේ...
පුදුම කතාවක් මේක. මෙයා කන්ස්ටිටියුෂන් එක එහෙම පිටින්ම කඩකරනවා.
මීට විරුද්ධව නඩු පවරන්න කෙනෙක් නැද්ද? හෙළ උරුමය කෝ?
එතුමියගේ ප්‍රකාශයෙන් කරුණු දෙකක් ගම්‍ය වෙනවා. එකක් මෙම රජයේ නොහැකියාව, අනික් කරුණ නම් ඔවුන් විදින දැඩි පීඩනය සහ ඔවුන්ට තිබෙන අනාරක්ෂිතභාවය.
මේ කියලා තියෙනදේ නම් මොන පදනමකින් කිවුවාද කියලා අපිටනම් තේරෙන්නේ නැහැ. නමුත් අපි අමතක කරන්න හොද නැහැ නියපොත්තෙන් කපන්න පුළුවන් දෙය පොරවෙන් කපන්න සිද්දවෙනකම් ඉන්න හොද නැහැ කියලා.
බලමු මෙයාට එරෙහිව ගන්න පියවර.
වෙනස සැපද
කොන්ද පණ තියෙන ජනාධිපති කෙනෙක් නම් කෙළින් තීරණයක් ගන්න ඔන්න වෙලාව...
කතාව වැරැදියි... එහෙත් රටේ නීතිය තදවිය යුතුමයි.
කරුණාකර සිරභාරයට අරගෙන නිදහසේ ඉන්න දෙන්න. මිනිස්සුන්ගේ ජාතිවාදය අවුස්සන්න ඉඩ දෙන්න එපා. ලංකාවේ සිංහල, දෙමළ, මුස්ලිම් හැම ජාතිකයෙක්ම මිනිස්සු... තමන්ගේ ජාතිය ගැන සංවේදියි. මෙයාලා කරන්නේ ඒ සංවේදීකම දේශපාලනීකරණය කරන එකයි.
මේවා එච්චර ගණන් ගන්න එපා.. අපි නිව්යෝක් ටයිම්ස් පත්තරේ ගැන කතා කරමු.. යහපාලනය වෙනුවෙන් කැප වෙමු..
මානසික රෝගයක් වත් ඇති... නැත්නම් ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්න තරම් බුද්ධියක් නැති මන්ද බුද්ධික තත්වයේ පසුවන අයෙක් විය යුතුයි... මෙහෙම කථා කියන්න. කොටියගේ කාලයේ ළමයින්ට පාසැල් ඇරිලා ගෙදර එන්න බැරි වුණු බව අමතක වෙලා, අවුරුදු අටේ, දහයේ දරුවන් පවා මගදී පැහැරගෙන ගොස් කොටි කල්ලියට බඳවා ගත් ඉතිහාසය අමතක වෙලා වගේය.
එහෙම නැගිට්ටම ලේසියි. එතකොට නිදාගෙන ඉන්න සිංහයෝත් නිකන්ම නැගිටලා ඉතුරු වෙලා ඉන්න කොටි හොල්මන් ටිකත් අතුගාලම දානවා.
අපට ඕනනැති කොටියෙක් නැ. අපේ පාසල් දරුවන් සටන් කරන්න බලෙන් ගෙනගිය වග අමතක වෙලාද
එක මනුස්සයෙක්ට තර්ජනය කලා කියල ඥානසාර හාමුදුරුවන්ව හිරේ යැවුවා මෙයා මුළු රටටම තර්ජනය කරනවා. හැමෝටම සමාන නීතිය කොහෙද තියෙන්නේ දැන් .
ලංකාවට අවශ්‍ය සියලු ජාතීන්ගෙන් සැදුනු හමුදා රජයක්, මේ ඉන්නා දේශපාලකයෝ එකම එක්කෙනෙක්වත් මේ රට ගොඩගන්නේ නෑ
දැන් සැපද ? කෝ නීතිය ?
තස්ත්‍රවාදයට උදව් දීමේ වරද
මේ දෙපැත්තේම ඉන්න අන්තවාදී කණ්ඩායම් නිසා සාමකාමී ජනතාවට නම් කිසිම නිදහසක් නැහැ!
මෙයාලට කිසිම ප්‍රශ්නයක් හෝ නීතිය ක්‍රියාත්මක නොවන බව, අපේ දරුවන් දන්නවා. නමුත් අපි මේ දෙයක් කිව්වනම් ජාතිවාදය කියල හිරේ. මම හරිද වැරදිද.
යාහාපාලනයේ අය කතා කරන්නෙ සංහිඳියාවයි ,සංවර්ධනයයි. මේ ඒවායේ ප්‍රතිඵල තමයි නිකුත් වෙන්නේ. මේ රජය මනුෂ්‍යයින්ට මරණ තර්ජන කලා කියලා මිනිස්සුන්ව හිරෙ විලංගුවේ දානවා. එතකොට මේවගේ ජාතීන් අතර ගැටුම් ඇති කරන ප්‍රකාශ නිකුත් කරන අයට දෙන දඩුවම මොකක්ද?. රටකට ආණ්ඩුවක් තියෙන්නේ මිනිමරු ත්‍රස්තවාදීන්ට උඩගෙඩි දෙන්නද ?. දැන්වත් ජනතාවට පවු නොදී, කරන්න පුලුවන් මිනිහෙකුට රට කරන්න දීලා යන්න.
නමට ඉදිරියෙන් "හොර" යන නාමය නොදරන ඔබ වැනි කාන්තාවන් මේ රටේ නායකත්වයටත් සුදුසුයි. බහුතර ඔලු ගෙඩි වලට ආවඩන සිංහලයින්ට වඩා, සුළුතරය වෙනුවෙන් සටන් වදින ඔබ වැනි කාන්තාවන්ට අපි ගෞරව කරමු. ජාතිය හා ආගමෙන් ඔබ්බට ගිය රට වෙනුවෙන් පෙරට එන නායකත්වයක් වෙනුවෙන් අපි ඔබලා සමග එකතු වෙමු.
මෙයාටත් විමල් විරවංශ, ගම්මන්පිල වගේ අයට තියෙන රෝගය බෝවෙලා. මුළු රටටම තිබෙන ප්‍රශ්න එක ජාතියකට කියා සිතන්නේ නම් එය තමන්ගේ බඩ ගොස්තරය නිවාගැනීමට සිතීමකි. වර්තමාන පාලකයන්ද තමන්ගේ පැවැත්ම ගැන පමණක් සිතනවාය ප්‍රකාශය සාධාරණය. නමුත් ජනතාව ආයුධ අතට ගෙන ප්‍රශ්න විසඳා ගැනීමට යාමේ විපාක ඉතිහාසයෙන් ඉගෙනගත යුතුය. කුමන ජාතියක හෝ වගකිවයුතු පුද්ගලයන් අදහස් ප්‍රකාශ කිරීමේදී සැළකිලිමත් වියයුතුය.
යුද්ධය නිසා උතුරේ ජනතාව විඳපු දුක ඔවුන් දන්නවා.
ඒ අයට ඕන එකක් කියා සහ කර නිදහසේ ඉන්ට ලැබීමත් අපි (සිංහලයන්ට) මොකක් හරි කී විට හිරේ විලංගුවේ ලැගීමට සිදු වීමත් සංහිදියාව නම්වේ.
අළු යට ගිනි පුපුරු. දෙමල අයට රටේ හැම තැනම ඉන්න පුළුවන්. එත් සිංහලයට උතුරට නැගෙනහිරට ගිහින් ලේසියෙන් ඉන්න පුලුවන්ද.? ප්‍රශ්න තියෙන්නේ අපිට. මෙයා කොහොමත් කකුල් දෙකම ඒ පැත්තේ තියාගෙනමනේ කතාව.
අපට නිදසහසේ ඉන්න නම් අපි නුඹලාගෙන් නිදහස් විය යුතුය.
62 ට දැන් හරි චූන් ඇති නේද ?
ත්‍රස්තවාදීන් ඉන්න කාලේ එතුමිය කොහෙද හිටියේ. මේ ආණ්ඩුව මේ ගැන දැඩි පියවරක් ගන්නවා වගේම ,මේ ප්‍රකාශයෙන් කියන්නේ උතුරේ වගේම දකුණේත් පුරවැසියාට ජීවත් වෙන්න තියෙන සාම කාමී පරිසරය කෙමෙන් නැතිවීගෙන යනවා කියලනේ . ලංකාවේ නීතියක් නැහැ .සැමට එකසේ නීතිය ගොඩ නැගිය යුතුය.උතුරේ වගේම දකුණේත් පාතාල කල්ලි. ආණ්ඩුවේ සහ ආණ්ඩුවේ නොවන හොර තක්කඩි සියලුදෙනාම නීතියෙන් දඩුවම් දිය යතුය.
වරදවා තේරුම් ගන්ට එපා. විජයකලා නෝනා කියන එක හරි. මොකද LTTE එක තියෙන කාලේ එකේ හිටපු නායකයෝ හොඳට සැපෙන් හිටියා. නමුත් මොවුන් දන්නේ නැහැ සාමාන්‍ය දෙමල ජනතාව කොහොමද හිටියේ කියලා. මොන තරම් බදු ගෙව්වද මේ මිනිස්සුන්ට සැපෙන් ඉන්ට. දැන් එහෙම දුකක් දෙමල සාමාන්‍ය මිනිස්සුන්ට නැහැ. විජයකලා නෝනා හදන්නේ ආපහු සැපවත් ජීවිතයක් ගත කරන්ට මේ අහිංසක මිනිස්සුන්ව මුලා කරලා.
ළමයි කී දාහක් අනාත උනාද? මිනිස්සු කී දාහක් මැරුවද?ඒ කාලේ කොහෙද හිටියේ?.
එතුමියට අයිතියක් තියෙනවා එතුමියට හිතෙනදේ ප්‍රකාශ කරන්න. එක තමයි ප්‍රජාතන්ත්‍ර වාදය. අනික එහෙ ගැහැණු ළමයින්ව මෙහෙම දුෂණය වුනේ නැහැ ඒ කාලේ. එක තමයි ඇය කියන්නේ. අනික දකුණේ අපිට වඩා එහෙ ප්‍රශ්න තේරෙන්නේ ඒ අයට. අපි ප්‍රශ්න ඒ ගොල්ලන්ට තේරෙන්නේ නැහැ වගේම ඒ ගොල්ලන්ගේ ප්‍රශ්න අපිට තේරෙන්නේ නැහැ. එක නිසා මේක ගැන කතා නොකර ඉන්න.
විධිමත් දේශපාලන ප්‍රවාහය තුළ ඉන්න කෙනෙකුගේ තවද කාන්තාවකගේන් බරපතල ප්‍රකාශයක්. අපට දැනගන්නට බොහෝ දේ ඇති බව ප්‍රකාශ කරයි. සාමයට වැඩිය යුද්ධය හොදයි කියා ප්‍රකාශ කරන්නේ ඇයි. විශ්වාසය..විශ්වාසය එකිනෙකා කෙරෙහි විශ්වාසයක් නැතිකම. විසදුම් දෙන පොරොන්දුවෙන් කපටිකම් කිරීම. සෘජු බව නැතිකම වැනි දහසකුත් දේවල් තමා හේතුව. රටේ අවාසනාව.
ඇමතිවරයෙක් වෙන්නම ඕන නෑ දකුණේ සිංහලයෙක් ඔය කතාව කීවානම් යහපලානේ කෙරුවාවල් බල ගන්න තිබුණ.
ජනාධිපති සිරිසේන තවම පත්තරේ බලල නැ, මේ විස්තරේ කියවපු ගමන් දැඩි පියවර ගන්නවා කියල ඊලග රැස්වීමදී කියනවා. කට විතරයි වැඩ නැහැ . අපිත් බලාගෙන ඉන්නේ 2020 අඩුනැතිව හොදටම සලක්කන තමා. මුළු රට කුණු ගොඩක් කරලා තියෙන්නේ.
ආණ්ඩුවේ මතයයත් මෙයමයි. මොකද මෙයා ආණ්ඩුව නියෝජනය කරන ඇමති කෙනෙක්. මෙහෙම දෙයක් තියෙද්දී ආණ්ඩුවට රටක් කරගෙන යන්න සදාචාරකමක් නැහැ. ආණ්ඩුව ජාතියෙන් සමාව අරන්, ආණ්ඩුව ඉල්ලා අස්විය යුතුයි. මෙය දේශපාලන කටයුත්තක් නොවේ. රටේ ප්‍රශ්නයක්. සියල්ලන්ම ඇස් අරින්න
ලංකාවේ දේශපාලුවෝ ඉතිහාසය මකාදමන්න හදනවා. මැයගේ ඉතිහාසය කෙටිකාලකදී මකාදමන්න අමාරුයි. දමිල ජනතාව විසින් ඔබව පත්කරගත්තේ හැම තිස්සෙම රාජ්‍ය අනුග්‍රහය පමණක්ම ලබාගන්න නොවේ. ඔබ හොඳින්ම දන්නවා පිට රටවල සිටින ඔබගේ පරණ සංවිධානයට තාමත් මුදල් එකතුවෙන බව. කරුණාකර එම මුදල් ඔබ ඔය කියන ප්‍රශ්න වලට යෙදවිය නොහැකිද? උදාහරණ ලෙස එළවලු වවන ගොවි ජනතාව උදෙසා ශීත ගබඩා පහසුකම් ලබාදුන්නොත් ඔවුන්ගේ නිෂ්පාදන තවකාලිකව ගබඩා කර වෙළඳ පොලින් හොඳ මිලක් ගත හැකි නේද? ධිවර කර්මාන්ත කරුවන්ට අධි ශීත ගබඩා පහසුකම් ලබා දුන්නොත්? පොදු ජනතා ප්‍රශ්න වලට එකම විසදුම ආයුද පමණක් ය යන මතය අත හැරියොත් හොඳ නැද්ද? ඔය ප්‍රදේශවල කර්මාන්ත කියක් ඇරඹිය හැකිද? එමගින් රිජු රැකියා කියක්? රිජු නොවූ රැකියා ? අනියම් රැකියා? ඔබ හොඳින් දන්නා පිටරට සිටින ඩයස්පෝරා කට්ටියට කියල ගෘහනියන්ට යම්කිසි කර්මාන්තයකට යොමුකර එම නිෂ්පාදන පිටරට ඔබගේ පැරණි සංවිධානයකට අයත් වෙළඳ සැල් මගින් අලෙවිකොට යම්කිසි අදායම් මාර්ගයක් ඔවුනට සලසා දෙන්න. ඔබගේ මහජන නියෝජිත දුරයෙන් හරි ප්‍රයෝජනය ගන්න.
මේ නිවට ආණ්ඩුවේ හැකියාවද මේ.? මේ කොටි ධේනුවට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු අතර මන්ත්‍රී ධුරය වහාම ඉවත් කල යුතුය. මේවට කියන්නේ සංහිඳියාව නොව නිවට කමයි.
එදා බංකර් වල හිටපු කාලේ අමතකවෙලා වගේ නේද , පාසල් දරුවන් සටන් කරන්න බලෙන් ගෙනගිය වග අමතක වෙලාද,? අහිංසක මිනිසුන් බිල්ලට දීලා සැපෙන් ඉන්න ඔයාල ගෙදර යවන්න ඕනේ.
මේ කතාවේ කිසිම වැරැද්දක් නැහැ. මේක තමා යහපාලන ප්‍රජාතන්ත්‍රවාදය. ඕන කෙනෙක්ට ඕන මතයක් දැරීමේ හැකියාව, ඕනෑම දෙයක් කිරීමේ හැකියාව ලබාදුන් ජනාධිපතිතුමාට අපගේ ප්‍රණාමය - මීට හැට දෙලක්ෂයේ එක් අයෙක්.
උතුරේ ජීවත් වන මිනිස්සු වෙනුවෙන් විසඳුමක් සොයන්න ඕනනේ නැතම් තවත් ඉරණමට මුහුණදෙන්න වෙනවා.
ඒ බොරුවක්. මාධ්‍ය වාර්තා කරලා තියෙන විදිහත්, කියලා තියෙන විදිහත් දෙකක්. එයාගේ කතාවේන් අදහස වෙන්නේ තවමත මිනිස්සුන්ගේ හදවත් වල ඉන්න නිසා කොටි ආයෙත් නැගිටින්න හදනවා. කියලා. ඒ 2009 ට කලින් කොටි නිසා නීතිය රැකුණා කියලා එයා හිතන බවක් ඒ කතාවෙන් පේනවා. ඒත් හඬ පටිය අහලා මිසක් නිගමන වලට එන්න එපා. එයා අදහස් කරන්නේ ජාතික සංහිඳියාව හෝ සංවර්ධනය යන නාමෙන් කිසි දෙයක් උතුරට නොලැබුණු බවක්. ඒකෙන් අග අදහස් වෙන්නේ නැහැ කොටි ඕනේ කිව්වා කියලා. මේක මාධ්‍ය සදාචාරය පිළිබදව ප්‍රශ්නයක්. කොහොමත් හොයා බලන එක රජයේ වගකීමක්.
කරුණාකරලා දැඩි පියවරක් ගන්න. අර කමනුකූලව නිතිය ක්‍රියාත්මක කර වගේ නැතිව.... මේක රජයේ මතය නොවේනම් කරුණාකරලා ජනාධිතිතුමා ජාතිය අමතලා මේ ප්‍රකාශය නිවැරදි කරන්න. නැතිනම් ආර්ථික පිඩනයන් / විරැකියාවන් පෙලන උතුරේ දමිළ තරුණයන්ට මේකන් වැරදි අර්ථකතනයක් / පුර්වාදර්ශයක් විය හැක.
කොන්ද පණනැති නායකයෝ රට පාලනය කරද්දී මෙවැනි කතා ඇසීමත් අරුමයක් නෙමෙයි.මේ කියමනේ බැරෑරුම්කම පරම්පරා ගානකට බලපානවා.
2018-යහපාලනය ,2008-20015 රාජපක්ෂ හිට්ලර් පාලනය, 1990-2008කොටි පාලනය, 1989-1993ප්‍රේමදාස පාලනය . වෙනස ? දැන් වල්බුරු නිදහස. නීතියට පළමු තැන. නමුත් ලංකාවේ නීතිය ඉතා ප්‍රමාදයි. නඩු කල් දමයි. මරණ දඩුවම නැත. එල්ලා මැරීම නැත. ඇපපිට හොරු නිදහසේ. නඩු කීපයක් තිබෙන මිනිමරු වැරදි අය බොහෝ එළියේ සිටිති. එවිට යහපත් ජනයා, කෝපවී, හිට්ලර් කෙනෙකු හෝ මිලිටරි ක්‍රමය හෝ කොටි ක්‍රමය හෝ ඉල්ලති. මෙය ජාති වාදය ට කැමැත්ත හෝ හිට්ලර්ට කැමැත්ත නොවේ. තමාගේ දුවට පාරේ නිදහසේ යා නොහැකි යහපාලනය කුමටද ? දැන් මිනිස්සු වැරදි කිරීමට බය නැත. තලාවේ බැංකු මංකොල්ලය, මාතර රන් හොරු , පාතාලයට නිදහස. ඇපපිට හොරු නිදහස් නොකර වෙනම රදවා තබන තැන් අවශ්‍ය වේ. නඩු කල් නොදැමිය යුතුය. මාධ්‍ය යුතුකම ?
හිට්ලර් හිට්ලර් කියල බයව්වෙලා දඟලපු කට්ටිය කෝ දැන්.
අය්යෝ අපේ රට ජාතිය ? සිංහලුනේ තොපි කැලෑ වැදිලද ? තව හැංගියන් ?
ඔය වගේ කුණු ගොඩවල් ඒ පළාත් වල ඉන්න මිනිස්සුන්ගේ ඔලු වලට දාල. මම හිතන්නේ යාපනයේ ඉන්න ජනතාවට ආයෙත් ත්‍රස්තවාදී සංවිධාන උවමන නැහැ. නමුත් මේ අයගේ පැවැත්ම සඳහා ඒවා ආයෙත් කරලියට ගෙන්න වගේ හදන්නේ. බලමු අපේ යහපාලන ආණ්ඩුව මේකට මොන වගේ පියවරක් ගනීද කියල.
මම හිතන්නෙ මෙයා කියන්න හදන්නෙ තස්ත්‍රවාදී කාලෙ අපරාධ අඩුයි කියන එක. ඒකයි මෙයා තස්ත්‍රවාදී ඉන්න කොට මිනිස්සු නිදහස් කියල කිව්වෙ. ඒ වගේම තමයි අපේ හාමුදුරුවොත් හිට්ලර්ව උපමා කරේ රට හදන්න. ගොඩක් අය මේක ගැන අදහස් දක්වන්නෙ පරණ ත්‍රස්තවාදය මතක් කරගෙන. හෑබෑයි මේ විදිහට නැති වෙලා තියෙන සමාජය ගොඩ ගන්න එක්කො ප්‍රබාකරන්, හිට්ලර් නැත්නම් බුදු හාමුදුරුවො ආයිමත් මේ ලෝකෙට පහල වෙන්න ඕනෙ.
හිට්ලර් වගේද ප්‍රභාකරන්... දැන් බලමු හිට්ලර්ට විරුද්ධව කෑගහපු කී දෙනෙක් ප්‍රභාකරන් ගැන කථා කරනවාද කියලා..............
දරුවෝ පාසල් ගියපසු නැවත නිවස කරා නොපැමිණෙන,රැකියාවට බැංකුවකට යන්න බැරි කොයි වෙලේ වෙඩි පතුවේද, බිරිද දරුවන් සමග නිවසේ තියලා යන්න බැරි අනාරක්ෂිත වටපිටාවක් නිර්මාණය වෙමින් පවතී. හිට්ලර් වගේ රට කරන්න ඕන කියල හාමුදුරුවෝ අනුසාසනා කරනවා. මන්ත්‍රී තුමිය කියනවා එල්.ටී.ටී.ඊ පාලනයක් ඕන කියල. නීතිය ක්‍රියාත්මක කර දැඩි දඩුවම් දීමට දැන් සිටින පාලකයන් අසමත්වෙලා.
රනිල් මහත්තයාට ඕන වෙලා තියෙන්නෙත් ඔය ටිකමනේ. කොටි නැගිටලා ඔය ලක්ෂ 62 ගැහුවට නම් කමක් නැහැ අපිව බේරල. ඔබ සතුටුයිද දැ....න්?
මේ ප්‍රකාශයේ වරදක් නෑ... යහපාලනය හැමෝටම අදහස් ප්‍රකාශ කරන්න නිදසහ දෙනවා......
මෙයාගේ හිතේ සිංහල ජනතාව ගැන කොච්චර වෛරයක් තියනවද කියල මේ ප්‍රකාශයෙන් පේනවා. රටේ අනාගතය බාර ගන්න ඉන්න ළමුන්ගේ අමාත්‍යංශයක් මේ වගේ කෙනෙක්ට බාර දීල කරන්නේ විනාශයක්. කොන්ද පන තියන රජයකට මේ ප්‍රකාශය ඇති මෙයාව ධුරයෙන් නෙරපන්න.
කෝ රජයේ සංහිදියාව....................
මේ මන්ත්‍රීනියගේ සැමියාව මැරුවේ කොටි කිව්වට ඒක එහෙම නොවේ කියලා මෙතුමිය දන්නවා ඇති. ඒක නිසා මේ කේන්තිය.
මැය රටේ ජනාධිපතිවරයා අතින් රාජ්‍ය ඇමතිකමක් ලබාගත්ත තැනැත්තියක්. ඇගේ මෙම ප්‍රකාශය හුදෙකලා ප්‍රකාශයක් නොවෙයි. එයට පසුබිමක් තිබිය යුතුමයි. ඍජුවම රජය මෙම ප්‍රකාශයට වග කිව යුතුයි.
මෙි ප්‍රකාශය සත පහකට ගණන් ගන්න එකක් නෑ ඒත් හාමුදුරුවෝ ගෝඨාට ආණ්ඩු කරවන හැටි කීව කියල මහ ගාලගෝට්ටියක් ගියා නේද කෝ අර සාම හිතෛෂි වීරයෝ
මෙයා කියන දේවල වැරැද්දක් මමනම් දකින්නේ නැහැ. ඇයගේ සම්පුර්ණ කතාවම අසන්න. ඇය කියන්නේ මේ රජයට වඩා LTTE එක හොදයි කියලා. එක සම්පුර්ණයෙන්ම ඇත්ත LTTE එක වසර 30 කින් විනාශ කරපු රටේ සම්පත්වලට වඩා වැඩි කොටසක් මේ රජය වසර 3කින් විනාශ කලා. LTTE කොපමණ ම්ලේච්ච් උනත් හොද විනයක් තිබුණා හැමෝටම එක නිතිය. මේ රජයේ විනයක් නැහැ නිතිය පුද්ගලයා අනුව නැවෙනවා. හොදම උදාහරණය තමා මෙයා කියනදේ රජයට සම්බන්ද නැති වෙන කෙනෙක් පැවසුවානම් මේ වෙනකොට රටේ නිතිය අනුව අත්අඩංගුවේ.
හොඳම වැඩේ තමයි කයිවාරු නවත්තලා, මන්ත්‍රිකමෙන් අයින් වෙලා කොටින්ට නායකත්වය දෙමින් සටනට බහින්න. ඔයාට විග්නේශ්වරන්, සිවාජිලිංගම්, ආනන්දිලත් සහයෝග දේවි.
අපමණ අගයක්
ලංකාව යනු ලෝකයේ අනාරක්ෂිත පළමු තැන වනු ඇත.
මේවගේ අය මැරිලා ඉපදුනාට රටේ අදටත් යුද්ධෙන් බැටකාපු මින්නිස්සු විඳවනවා. මේ රජය මේකට දඩුවම් නොකලොත් රටේ සියලුම ජනතාව පාරට බහිනවා කියන එක අමතක කරන්න එපා .
එළිවන ජාමට තව තව සෙල්ලම් බලාගත හැකියි.
මේවා පල කලයි කියලා නිව්යෝක් ටයිම්ස් වාර්තාව යට ගහන්න පුලුවන්ද ?
එල් ටී ටී ඊ එක කාලේ උතුරු නැගෙනහිර මිනිස්සු ම්ලේච්ච විධියට මැරුනා මේ අයට මතක නැද්ද. අනික මේ වගේ දුෂණ මිනි මැරුම් වංචා වෙන්නේ උතුරේ විතරද නෑ මුළු ලංකාවේම ඔය ප්‍රශ්නය තියෙනවා උතුර විතරක් හයිලයිට් කරලා ආයෙත් ප්‍රශ්නයක් ඇතිකරන්න හදන්නේ. මේක මේ සමාජ ක්‍රමයේ කඩා වැටීම ප්‍රශ්නයක් තියෙන්නේ එක සමස්ත ශ්‍රී ලංකාවටම බලපානවා. මේ ක්‍රමය වෙනස් කරලා සමාජ සාධාරණය ඉෂ්ඨ වෙන ක්‍රමයක් ගැන හිතන්න කාලය හරි. නැත්තන් දේශීය සහ විදේශීය ජාතිවාදීන්ගේ කුමන්ත්‍රණවලට අහුවෙලා අපිව වල පළලටම ඇදලා දාවි.
මේකෙන් කියන්නේ තමුන්ගේ ජාතිය අය බේරලා අනිත් ජාතියේ අය මැරුවට කමක් නැහැ කියලා. පණ නැති පාලකයෝ රට පාලනය කරනකන් මේ රට විනාශ වෙනවා නියතයෙන්ම. මේ කතාව හිරේ දාන්න වටින කතාවක් වෙන රටක උනා නම්. කෝ මේ මානව හිමිකම් සංගමය? මේකටද සම අයිතිය දෙනවා කියන්නේ? බැරිවෙලාවත් ෆෙඩරල් දුන්නනම් කොටි හමුදාවක් හදල රටේ අනිත් ප්‍රදේශ අල්ල ගන්න සටන් කරාවි. අනේ අර ඇස් ඉස් මස් ලේ කැප කරලා සටන් කරලා අපේ රට මිනීමරුවන්ගෙන් බේරා ගත්තු අපේ වීරෝදාර හමුදාව.
ඇත්ත තමයි කතාව . කොටි හිටියා නම් මහින්දගේ ආණ්ඩුවවත් සිරිපාලගේ ආණ්ඩුවවත් ඔය විදියට උතුරුකරෙ පරිසරය, විල්පත්තුව වනාන්තර කපලා විනාස කරන්නේ නැහැ තමයි.
මේ ප්‍රකාශය කරන්නේ රටේ රාජ්‍ය ඇමතිනී කෙනෙක් මෙය ඛේදනීය හා බරපතල තත්ත්වයක් , රටක රාජ්‍ය පාලනයක් නැතිකළ රටේ පිරිහීමේ ලක්ෂණ එලියට එනවා මේ ඉන් එකක් පමණි මේ සදහා රටේ නීතියක් හෝ දඩුවමක් නැහැ.
හීනයක් දැකලා.
අළුතින් ඔසවන්න දෙයක් නැහැ, 2015 දි ඕක පටන්ගත්ත. ඒත් ගමන බොහොම මන්දගාමී වුණා. ඔබතුමියගෙ වගකීම දැන්වත් ඒක සීඝ්‍රගාමී කිරීමයි. ඒ වගේම නො.2020 නැවතුමේදීත් කෝච්චිය ට්‍රැක් මාරු නොකර මේ ට්‍රැක් එකේම තියාගන්න දකුණේ සහායත් අවශ්‍ය බව අමතක කරන්න එපා.
මෙතුමිය කලින් යාපනේ දැරියක් දූෂණය කල අපරාධ කරුවෙකුට බේරී යාමට උදව් කර අසූ උනා නේද ?
වහාම අත්අඩංගුවට ගන්න
මේහෙම දෙයක් කිව්වට පස්සේ මේ වගේ අය ගැන ක්‍රියාමාර්ගයක් ගන්න බැරි ආණ්ඩුවකින් අපි කුමක් බලාපොරොත්තු වෙන්නද.? මෙතුමිය 2009ට කලින් හිටියෙ පිටරටද.? තමන්ගෙ බඩපුරවා ගන්න ජාතිය පාවාදෙන දේශපාලකයො නිසා උතුරේ විතරක් නෙමෙයි දකුණෙත් මිනිස්සු අසරණ වෙලා.
අතීතයේදී සිදුවූ සිදුවීම්වලට බොහෝසෙයින් සමාන සිදුවීම් යළි යළිත් සමකාලින සමාජය තුල ද සිදුවිය හැකිය. විජයකලාගේ අනතුරු ඇගවීම එයයි.
මෙයාගේ මහත්තයත් මැරුවේ තස්ත්‍රවාදීන් එකෙන් නේද ???
මහා භයානක ප්‍රශ්නයක්... පාර්ලිමේන්තුවෙන් වහාම අංගොඩට යවන්න.
කොටි නැතිව කැසිල්ල වැඩිවෙලා'...
ලබන ආත්මයේදීවත් කෙළතොළු බමුණන් නැති රටක උපදින්ට ලැබේවා!