තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ
ගාලූවරායේ නවතා තිබූ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යෑමට ඇවන්ගාඞ් සමාගමට අවසර ලබා දීම මඟින් ශ්‍රී ලංකා රජයට රුපියල් බිලියන 11.4 පාඩුවක් සිදුකරන ලදැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම මඟින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුව එරෙහි ප‍්‍රතිශෝධන පෙත්සම නිශ්ප‍්‍රභා කරමින් මහාධිකරණය ලබාදුන් නියෝගය වැරදි සහගත බවත් එය ඉවත දැමිය යුතූ බවත් ඒ මහතා වෙනුවෙන් පෙනි සිටි ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා අද අභියාචනාධිකරණය හමුවේ කියා සිටියේය.
අල්ලස් පනතේ නොමැති වගන්තියක් පදනම් කරගෙන මහාධිකරණ විනිසුරුවරයා මෙම නියෝගය ලබා දි ඇතැයිද ජනාධිපති නීතීඥවරයා වැඩිදුරටත් කියා සිටියේය.මෙම පෙත්සම අර්ජුන ඔබේසේකර සහ අචල වෙංගප්පුලි යන මහත්වරුන්ගෙන් යුතු අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවුණි.
ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතාගේ කරුණු දැක්විමට කල් අවශ්‍ය බව නිතිපති වෙනුවෙන් පෙනි සිටි නියෝජ්‍යය සොලිසටර් ජනරාල් ජනක බන්ඩාර මහතා කියා සිටියේය. ඒ අනුව පෙත්සම සලකා බැලීම අනිද්දා ( 04 ) තෙක් කල් තැබිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපති වුනොත් ලංකාව වටේටම පාවෙන අවි ගබඩා පවත්වාගෙන යයි...
මෙයාට පමණක් වෙනම නීතියක් තියෙන්නේ ලංකාවේ
මදය මැදින් පුම්බන වීරයෝ. හැම කෙනෙකුටම හේ වගේ හැකියාවල් තියෙනවා. එතෙනට එන්න ක්‍රමයක් නැති එකයි තියෙන්නේ. ගෝඨාභය කියන්නේ දෙවියෙක් නෙවේ. එක ලංකාවේ ඉන්න හැම කෙනෙක්ම දන ගන්න ඕනේ. ඔහුට ඕනේ වෙලා තියෙන්නේ. බලය ලබා ගැනීම. එකට අසාවෙන් දැන් රට පුර විකාර කියමින් ඇවිදිනවා.
ගෝඨාභයට විතරක් විශේෂ හේතුව මොකද අනිත් මහජනතාවගෙත් සියලුම නඩු අයින් කර ගන්න ඕන සියලුම නඩු තීන්දු තීන්දුව නිෂ්ප්‍රභ කරන්ඩ ඕන .......දී ඇයි ඒ කට විතරක් එක තීන්දුවක් ....වැරදි කරන ඕනෑම කෙනෙකුට නිසි දඩුවම් දිය යුතුමයි තරාතිරම ආගම් භේද ජාති භේද ඇත් නූගත් දුප්පත් පොහොසත් කිසි දෙයක් බෙදිය යුතු නැහැ