(සුජිත් හේවාජුලිගේ)
විපක්ෂ නායක ධුරය බහුතර මන්ත්‍රිවරුන් සංඛ්‍යාවක් සිටින එකාබද්ධ විපක්ෂයට දෙන්නැයි එම විපක්ෂයේ මන්ත්‍රිවරුන් හෙට (3) පාර්ලිමේන්තුවේදී හඬ නැගිමට තිරණය කර ඇත.
මේ පිළිබදව අප කළ විමසුමකදී අදහස් දැක්වු එකාබද්ධ විපක්ෂයේ නායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවේ මේ සම්බන්ධයෙන් කතානායකවරයාගෙන් කොතෙකුත් ඉල්ලිම් කළත් මෙතෙක් සාර්ථක පිළිතුරක් ලැබී නොමැති බවයි.
මේ නිසා හෙට කතානායකවරයා හමුවට ගොස් මේ ගැන යළිත් වරක් ඉල්ලිමක් කරන බවද ගුණවර්ධන මහතා කීවේය.
විපක්ෂයේ බහුතර මන්ත්‍රිවරුන් පිරිසක් එනම් මන්ත්‍රිවරුන් 70 ක් සිටින්නේ තම කණ්ඩායම සමග යැයි කී ගුණවර්ධන මහතා විපක්ෂ නායක ධුරයේ දැනට කටයුතු කරන ආර් සම්පන්දන් මහතා නායකත්වය දරන ද්‍රවිඩ ජාතික සන්ධානයට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සිටින්නේ 16 දෙනකු පමණක් යැයි ද සඳහන් කළේය.
ආණ්ඩුවේන් ඉවත් වී විපක්ෂයට පැමිණි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරුන් 16 දෙනා ද විපක්ෂ නායක ධුරය එකාබද්ධ විපක්ෂයට දෙන්නැයි අද මැතිසබයේදී ඉල්ලීමක් කිරීමට නියමතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකාබද්ධය කියලා පක්ෂයක් නැහැනේ. ඉතින් කොහොමද ඒ අයට විපක්ෂ නායක ධුරය දෙන්නේ? හැබැයි ඉතින් ලංකාවේ ක්‍රමයට කරන්න බැරි දෙයක් නැහැනේ! හොරු, මිනීමරුවෝ, කුඩු කාරයෝ, පක්ෂ මාරු කරන අය පිරිලා ඉන්න ලංකාවේ පාර්ලිමේන්තුවේ කරන්න බැරි දෙයක් නැහැනේ !!!
ඒකාබද්ධයට පුළුවන් මේක වර්තමාන විපක්ෂය සහ විපක්ෂ නායක එක්ක සාකච්චා කරලා විසඳගන්න.
කොහොම හරි බලය මංකොල්ල කන්න තමයි හදන්නේ.
එතකොට එක්සත් ජතිලා පෙරමුණ කියන්නේ ත් කණ්ඩායමක් , පක්ෂ කිහිපයක එකතුවක් , පොදු විපක්ෂය කියන්නේ පොහොට්ටුව ඇතුළු පක්ෂ කිහිපයක එකතුවෙන් ආපු කණ්ඩායමක්, ඒ විපක්ෂේ වැඩි ඡන්දෙන් විපක්ෂ නායක පත් විය යුතුයි. දැන් ඉන්න විපක්ෂ නායක ආණ්ඩුව කරන කිසි දේකට විරුද්ධ වෙනවද ?
ඒකාබද්ධය නමින් වෙන්වෙන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු . ආණ්ඩුව සමග යහපාලනයේ ඉන්නෙත් නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු. බලය පිළිබඳ අරගලයක් තිබෙන්නේ. ශ්‍රීලනිප සභාපති ජනාධිපතිතුමා. එකාබද්ධයට විපක්ෂ නායක කම ඉල්ලීමට නිත්‍යානුකුල ඉඩක් නැහැ.
පාර්ලිමේන්තු මැතිවරණය කාලේ පොහොට්ටුව තිබුණේ නැහැනේ. හැමෝම ඉල්ලුවේ සන්ධානය හැටියට. අනේ අපි මොකද කරන්නේ...