නාලක සංජීව දහනායක
ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සමාගමට ඉන්ධන සැපයීම නතර කිරීමට වඩා අදාළ ප‍්‍රශ්නය සාකච්ඡා මාර්ගයෙන් විසඳාගැනීමට දැඩි උත්සාහයක් ගන්නා බව ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අද (2) පැවසීය.
මේ වනවිටත් ඒ සම්බන්දයෙන් සාකච්ඡා පැවැත්වෙන බවද අමාත්‍යවරයා කීය.
අමාත්‍යවරයා මෙසේද පැවසීය.
‘‘ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් සමාගම විසින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට විශාල මුදලක් ගෙවීමට තියෙනවා. ඒ මුදල ලබාගැනීම සඳහා අපි එයාර් ලයින්ස් සමාගම සමඟ දිගින් දිගටම සාකච්ඡා කළා. ඒ මුදල් ගෙවීම සඳහා ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් සමාගම එකඟ වුනත් තවමත් ගෙවලා නැහැ.
ඒ ගැන අමාත්‍යාංශ ලේකම්වරුන් මේවනවිටත් සාකච්ඡා කරමින් ඉන්නවා. එම සාකච්ඡා සාර්ථක වුනේ නැත්නම් මම අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කරනවා. ඒකත් සාර්ථක වුනේ නැත්නම් කැබිනට් මණ්ඩලය දැනුවත් කර මේ සඳහා ගත හැකි පියවර ගැන සොයා බලනවා.
ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් සමාගම කියන්නේ රජයට අයිති සමාගමක්. ඒ සමාගම අපි ආරක්‍ෂාකර ගන්න ඕන. රාජ්‍ය ආයතන අතර ප‍්‍රශ්න ඇතිවුණාම පහුගිය කාලයේ නම් නඩු දාගෙන ප‍්‍රශ්නය දුරදිග ගෙනිච්චා. නමුත් අද ජනාධිපතිතුමා හා අගමැතිතුමා ප‍්‍රශ්න සාකච්ඡා මාර්ගයෙන් විසඳාගන්නා බවද කීය.‘‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙන මොනවා කරන්නද ?
ඔය මොනවත් වෙන්නෙ නෑ. එක එක්කෙනාගේ ජනතාවටම ගෙවන්න වෙයි. ඉන්ධන ගාන වැඩිකරයි එච්චරයි.
දෙවෙනියා බැන්නද? කට වහගෙන ඉන්නවා කියල.
සාකච්චා වලින් විසඳෙන විට 2020 ත් පැනලා හිටී.