නිශාන්ත කුමාර
බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගය අතරතුර පිහිටි වියානා ඇල මාර්ගයට සමාන්තරව දිවෙන කිලෝමීටර් අටක පමණ මාර්ග කොටස තුළ ගමන් ගන්නා වාහන විටින් විට එම ඇල මාර්ගයට පෙරළීමෙන් සිදුවන අනතුරු අවම කිරීම පිණිස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝගයක් මත ක්‍රියාත්මක කළ ආරක්ෂිත වැටක් ඉදිකිරීමේ කටයුතු හිටි හැටියේම නවතා දමා ඇතැයි මාර්ගයේ යන එන්නෝ පවසති.
බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගයේ මහියංගන මාපාකඩ හංදියේ සිට ලොග්ගල්ලා ඔය දක්වා වූ කිලෝමීටර් අටක පමණ මාර්ග කොටසින් හරි අඩකටත් වැඩි කොටසක් වැටී ඇත්තේ මහවැලි මහ ඇල මාර්ගයේ (වියානා ඇල) සහ ජලාශ කීපයක පැති බැමි මතිනි.
මෙම මාර්ගය අතුරු මාර්ගයක් ලෙස සැලකුනද මාර්ගය කාපට් අතුරා සකස් කර තිබීමත් ඉතා කෙටි කලකින් ප්‍රධාන මාර්ගයන් වෙත පිවිසීමේ හැකියාවත් නිසා බස් රථ ඇතුළු බොහොමයක් වාහන සිය ගමන් සඳහා යොදා ගනු ලබන්නේ මෙම මාර්ගයයි.
මෙම මාර්ගය ඔස්සේ දෛනිකව රථ වාහන දහස් ගණනක් ගමන් ගන්නා අතර විවිධ අනතුරුවලට ලක්ව මාර්ගයට සමාන්තරව පිහිටි මහවැලි මහ ඇලට පෙරලුණු වාහන සංඛ්‍යාවද අති විශාලය.
ආරක්ෂිත වැටේ ඉදිකිරීම් හිටිහැටියේම මෙලෙස නතර වීමට හේතුව කුමක්දැයි අපි මාර්ග සංවර්ධන අධීකාරියට අයත් මහියංගන ප්‍රාදේශීය විධායක ඉංජිනේරු ඒ ලිංගේෂ්වරන් මහතා මෙසේ පැවසීය.
‘‘මෙම මාර්ගයේ ආරක්ෂීත වැටේ ඉදිකිරීම් වගේම අනතුරුදායක සංඥා සවිකිරීම අපි ක්‍රියාත්මක කළා. නමුත් වැටේ ඉදිකිරීම් අතර මඟ නවතා දමන්නට මේ වන විට සිදුව තිබෙනවා. ඊට හේතුවී තිබෙන්නේ වැට සඳහා අවශ්‍යය 4.5 ඝණකම ප්‍රමාණයේ වැට තහඩු මෙරට නොමැති වීමයි.
ඒ නිසා අපි එම තහඩු ගෙන්වීම මේ වනවට චීන සමාගමකට බාරදී තිබෙනවා. අදාළ තහඩු ලැබුණු විගස අපි ආරක්ෂිත වැට ඉදිකිරිමට පියවර ගන්නවා.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇළ අයින දිගේ හිටවන්න පරණ රේල් පීලි සිල්පර කොට පාවිචිචි කරන්න බැරිද ?
දැන් ආයේ වැඩ පටන් ගනී ජනාධිපතිතුමා මේක පත්තරෙන් දැක්කොත්.
ඈයි දෙයියනේ හැම දේම පිටරටින් ගෙන්නනේ, ලංකාවේ නැද්ද ඕවා හදන කම්හල්?
රේල් පීලි පාවිච්චි කරන්නේ නැත්තේ වාහනයේ හැපුණාම කම්පනය ඇබ්සෝර්බ් කරනවා ගොඩක් අඩු නිසා... වාහනයේ යන අයට සහ වාහනය ගොඩක් ඩැමේජ් වෙන්න පුළුවන්.. නමුත් හරි යකඩ ශීට් එහෙම හදලා තියෙන්නෙ එ්ක බැලන්ස් වෙන විදිහටයි.
මෙම ඇලට වනසතුන් වැටෙන එකටත් යමක් කළ යුතුයි.
මේක නම් හොඳ අදහස. එත් පහුවෙනකොට අපේ අය මේවා දරට ගනීද දන්නේ නැහැ.
යකො ඕක හදලා දෙනකම් ටිකක පරිස්සමෙන් හෙමින් ප්‍රවේසමෙන් පලයල්ලකෝ. හැම එකටම මොකාක් හරි දෙයක් අල්ලාගෙන බනින්නේ නැතිව. ම
ලංකාවෙන් ගත්තොත් කොමිස් හම්බ වෙන්නේ නැහැනේ. ඕකවත් තේරෙන්නේ නැද්ද?