(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
මාතර නගරයේ ප්‍රසිද්ධ ස්වර්ණාභරණ ආයතනයක් මංකොල්ල කෑමට පැමිණ පොලිස් සැරයන්වරයකුට වෙඩි තබා ඝාතනය කළ තවත් සිව් දෙනෙකුට තුවාල සිදු කළ බව කියන කොස්ගොඩ තාරක ඇතුළු පාතාල කල්ලි සාමාජිකයින් තිදෙනා ලබන 16 වැනි දා තෙක් හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් සඳහා තවදුරටත් රිමාන්ඩ් බාරයේ තබන ලෙස මාතර අතිරේක මහේස්ත්‍රාත් නිල්මිණි කේ.විතාරණ මහත්මිය අද (2) නියෝග කළාය.
ඒ අනුව රිමාන්ඩ් බාරයට පත් කෙරුණේ කොස්ගොඩ නානතොට, නෙල්ලිගස්කැලේ පදිංචිධර්ම කීර්ති තාරක පෙරේරා විජේසේකර නොහොත් කොස්ගොඩ තාරක, ඔහුගේ සහෝදරයා වන ධර්මකීර්ති මදුක නිර්මාල් පෙරේරා විජේසේකර නොහොත් කොස්ගොඩ මදුක හා අනුරාධපුර දුටුවැව හීරන්දෙනිය ගෙදර අතුල කිත්සිරි කුමාර නොහොත් නාරම්මල මලා යන තිදෙනාය.
ඔවුන්ගෙන් හීරන්දෙනියගෙදර අතුල කිත්සිරි නොහොත් නාරම්මල මලා පමණක් අද (2) දැඩි ආරක්ෂක රැකවල් මැද මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත කැඳවා ගෙනවිත් තිබිණි.
අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ සිට ඔහු බන්ධනාගාර නිලධාරීන් විසින් ආවරණය කර රැගෙන ආවේ පොලිස් ආරක්ෂාව ද සහිතවය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාල ඔක්කොටම " මරණීය දඬුවම " ලැබිය යුතුයි . බලාගෙන ඉන්න අයට ඉගෙන ගන්නත් එක්ක .
දැනටමත් ලොකු සල්ලි ලෑස්ති කරගෙන ඇති.. මෙයාලට අැපදෙන්න.
මට තියන ප්රශ්නේ නම් මුහුණු ආවරණය කරන එකයි..