පොලිසියේ ඉල්ලීම අධිකරණය ඉවත දමයි වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටු සිසුන්ගේ දෙමාපියන්ගේ සංසදය විසින් අද (28) විහාරමහා දේවි උද්‍යානය අසල සිදු කිරීමට නියමිත සත්‍යග්‍රහය සහ විරෝධතා පාගමන තහනම් කරමින් නියෝගයක් නිකුත් කරන්නැයි කුරුඳුවත්ත පොලිසිය කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (28) ප්‍රතික්ෂේප කළේය. 28 June 2017
රතුපස්වල සැකකරුවෝ යළි රිමාන්ඩ් ගම්පහ රතුපස්වල පිරිසිදු පානීය ජලය ඉල්ලූ ගම්වාසීන්ට වෙඩි තබා තිදෙනකු ඝාතනය කළැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන ඇතුළු යුද හමුදා සාමාජිකයන් සිව් දෙනා ලබන 12 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී ඒ රුවන් පතිරණ මහතා අද නියෝග කළේය. 28 June 2017
විද්‍යා ඝාතන සැකකරුවෝ උසාවියට යාපනයේ ශිවයෝගනාදන් විද්‍යා සිසුවිය ඝාතනයේ සැකකරුවෝ නව දෙනා නඩු විභාගය සඳහා අද (28) යාපනය මහාධිකරණයට ඉදිරිපත් කරනු ලැබූහ. 28 June 2017
උමා ඔය ව්‍යාපෘතියට එරෙහිව බණ්ඩාරවෙල උණුසුම් වෙයි උමාඔය ව්‍යාපෘතියට එරෙහිව බණ්ඩාරවෙල නගරයේ අද(28) උද්ඝෝෂණයක් සංවිධානය කර ඇත. 28 June 2017
සිරියාවේ අන්තවාදී කඳවුරකට ගුවන් ප්‍රහාර - 60 ක් මරුට සිරියාවේ නැගෙනහිර ප්‍රදේශයේ මයාදීන් නගරයේ ඉස්ලාම් අන්තවාදීන් විසින් පවත්වාගෙන යන සිරකඳවුරකට ගුවන් ප්‍රහාර එල්ල වීමෙන් 60 දෙනෙක් පමණ මියගොස් ඇතැයි වාර්තා වේ. 28 June 2017
හොර ඩොලර් දී ඉඩමක් ගන්න ගිය නයිජීරියානුවා අත්අඩංගුවට ව්‍යාජ ඩොලර් නෝට්ටු දී ගාල්ල රූමස්සල අක්කර 71 ක ඉඩමක් කෝටි 50 ක මුදලකට 99 වසරක ට බදු පදනම යටතේ ගැනීමට තැත් කළ නයිජිරියා ජාතිකයකු සංචාරක පොලිසිය විසින් වැල්ලවත්තේදී අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිසිය කියයි. 27 June 2017
බල්ගේරියාවේ හොරෙන් සිටි 32ක් යළි දිවයිනට නීති විරෝධී ලෙස බල්ගේරියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයෝ 32 ක් එරටින් පිටුවහල් කරනු ලැබ එරට විශේෂ ගුවන් යානයකින් අද (27) මෙරටට ගෙන එනු ලැබූහ. 27 June 2017
අලුත් දේශපාලන පක්ෂ 92ක් පෝලිමේ නව දේශපාලන පක්ෂ 92ක් ලියාපදිංචිය සඳහා ඉල්ලුම් කර තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කියයි. 27 June 2017
වෛද්‍ය නවින් ද සොයිසාගේ ප්‍රකාශය ගැන විමර්ශනයක් ඉල්ලීම් වලට විසදුම් ලබා නොදෙන්නේනම් ඉදිරියේ දී සිසුන් ආයුධ වුවද අතට ගැනීමට හැකියාව ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හිටපු ලේකම් වෛද්‍ය නවින් ද සොයිසා මහතා කළැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවත්වීමට කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයට බාර දී තිබේ. 27 June 2017
පනත ගෙනාවොත් පුංචි ඡන්දය ඔක්තෝබරයේ පළාත් පාලන මැතිවරණය ඔක්තෝබර මාසයේදී ද සබරගමු, නැගෙනහිර සහ උතුරු මැද පළාත් සභා මැතිවරණය දෙසැම්බර මාසයේදී ද පැවැත්විය හැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කීවේය. 27 June 2017
ක්‍රිෂාන්ත ද සිල්වාට උසස්වීමක් මෛත්‍රීපාල සිරිසේන ජනපති විසින් යුද හමුදාපති ලුතිනන් ජනරාල් ඒ ඩබ්ලිව් ජේ ක්‍රිෂාන්ත ද සිල්වා මහතා ජනරාල් තනතුරට උසස් කරනු ලැබ තිබේ. 27 June 2017
පොලිසියේ නම විකුණා කප්පම් ගත් හිටපු කොස්තාපල් අත්අඩංගුවට මාතර කැකණදුර ව්‍යාපාරිකයකුට බොරු නඩුවක් පවරන බවට බිය කළ මත්බීම මිලදී ගැනීමට රුපියල් 125000ක මුදලක් ගත් බව කියන හිටපු පොලිස් කොස්තාපල්වරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව මාතර පොලිසිය කියයි. 27 June 2017
ගූගල් සමාගමට යුරෝපයෙන් දඩයක් සාධාරණ ලෙස ව්‍යාපාර කිරීමට අදාළ රෙගුලාසි උල්ලංඝණය කිරීම හේතුවෙන් ගූගල් සමාගමට එක්සත් ජනපද ඩොලර් බිලියන 2.7ක දඩයක් පැනවීමට යුරෝපා සංගමයේ අදාළ අංශ කටයුතු කර තිබේ. 27 June 2017
බීඑම්ඩබ්ලිව් 1675 ක් ගෙන්වීම ගැන පරීක්ෂණයක් ඉල්ලයි ඉකුත් රජය පැවති 2011 සිට 2014 දක්වා කාලය තුළඳී ව්‍යාජ වාහන බලපත්‍ර තොරතුරු ඉදිරිපත් කරමින් මෙරටට බී.එම්.ඩබ්ලිව් වර්ගයේ වාහන 1675 ක් ගෙන්වීමේදී රජයට බිලියන 16ක පාඩුවක් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස රේගු අධ්යක්ෂ ජනරාල්ට නියෝග කරන ලෙස ඉල්ලා හිටපු රේගු අධ්‍යක්ෂකවරයෙක් අභියාචනාධිකරණය හමුවේ අද (27) රිට් පෙත්සමක් ගොනු කළේය. 27 June 2017
පුත්තලමට කොළඹ කුණු එපාලු දිවයිනේ සියලු කසළ පුත්තලමට දමන්නේ එහි වැසියන් පුත්තලම් බූරුවෝදැයි තමන් ප්‍රශ්න කරන බව වාරිමාර්ග හා ඡල කළමනාකරණ රාඡ්‍ය ආමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි. 27 June 2017
උද්ඝෝෂණ කරන්න වෙනම ස්ථාන උද්ඝෝෂණ පැවැත්වීමට වෙනම ස්ථාන ලබාදීම ගැන අද(27) කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡාවූ බව ඇමැති දුමින්ද දිසානායක මහතා පවසයි. 27 June 2017
ලක්ෂ 80 කොල්ලයට වාහන අංක තහඩු පන්නිපිටියෙන් වත්තල ප්‍රධාන පෙළේ නිමි ඇඳුම් වෙළඳසලක රුපියල් ලක්ෂ 80කට ආසන්න මුදලක් කොල්ලකෑමට යොදාගත් මෝටර් රියට සවිකිරීම සඳහා පන්නිපිටිය කලල්ගොඩ ප්‍රදේශයේ ගරාජයක අලුත්වැඩියාව සඳහා ගෙනැවිත් තිබූ වාහන දෙකක අංක තහඩු තුනක් ගලවාගෙන ගොස් ඇතැයි තලංගම පොලිසිය කියයි. 27 June 2017
බැඳුම්කරයෙන් අර්ථ සාධක අරමුදල පාඩු ලබයි බැඳුම්කර වෙන්දේසිවලින් පර්පචුවල් ටේරෂරීස් සමාගම වැඩිම ලාභ උපයාගනිද්දී සේවක අර්ථ සාධක අරමුදල පාඩු ලබා ඇතැයි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා බැඳුම්කර කොමිසමට දැනුම් දුන්නේය. 27 June 2017
ඉන්දීය ධීවරයින් වෙනුවෙන් තමිල්නාඩු මහ ඇමැති කට අරී ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් ඉන්දීය ධීවරයින්ට දිගින් දිගටම සිදුවන හිරිහැර නතර කිරීම සඳහා මැදිහත් වන ලෙසත්, එසේම දැනට ශ්‍රී ලංකා බලධාරීන්ගේ අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයින් වහා නිදහස් කිරීමට කටයුතු කරන ලෙසත් තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා ඉන්දීය මධ්‍යම රජයෙන් ඉල්ලීමක් කර තිබේ. 27 June 2017
ධීවර යාත්‍රාවක කොටස් අම්බලන්තොටින් මතු වෙයි අනතුරකට ලක් වූ ධීවර යාත්‍රාවක බවට සැක කෙරෙන ය්‍රාතාවක කොටස් හා දැල් ආම්පන්න අම්බලන්තොට වැලිපටන්විල මුහුදු වෙරළට අද (27) ගොඩගසා ඇති බව අම්බලන්තොට පොලිසිය කියයි. 27 June 2017
ගාලු කොටුවේ සංරක්ෂිත කොටස් ඉවත් කළාට තිදෙනෙක් රිමාන්ඩ් ලෝක උරුම ගාලු කොටුව තුළ නිවසක සංරක්ෂිත කොටස් ඉවත් කර පුරා විද්‍ය ස්මාරක විනාශ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තිදෙනකු මේ මස 29 වැනි දා දක්වා රිමාන්ඩ් කරන ලෙස ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් නිශාන්ත පිරිස් මහතා නියෝග කළේය. 27 June 2017
නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමට කැබිනට් අනුමැතිය නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට ගෙන ශික්ෂණ රෝහලක් ලෙස දියුණු කිරීමට කැබිනට් අනුමැතිය ලැබුණු බව ඇමති කබීර් හෂීම් මහතා කියයි. 27 June 2017
‘තවත් රසායනික ප්‍රහාරයකට සිරියාව සුදානම්‘ සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් සහ ඔහුගේ හමුදාව තවත් රසායනික අවි ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වෙතැයි ධවල මන්දිරය ප්‍රකාශ කරයි. 27 June 2017
සයිටම් ගැන සාකච්ඡාවක් සයිටම් අර්බුදය සම්බන්ධයෙන් රජයෙන් ඉදිරිපත් කර ඇති ලිඛිත යෝජනා පිළිනොගන්නා බව කියන රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ඒ පිළිබඳව ගන්නා ඉදිරි පියවර කුමක්දැයි තීරණය කිරීමේ සාකච්ඡාවක් මේ වන විට එහි ප්‍රධාන කාර්යාලයේ දී පවත්වමින් සිටියි. 27 June 2017
කොටි සාමාජිකයෝ දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙති අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට පහර දී ගුවන් යානා 16ක් විනාශ කර රුපියල් කෝටි 400ක අනර්ථයක් සිදු කර ආරක්ෂක අංශ සාමාජිකයන් 14 දෙනකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධයෙන් තමන්ට එරෙහිව නගා ඇති අධිචෝදනාවන්ට ඉදිරියේදී අධිකරණය හමුවේ වරද පිළිගෙන නඩුව අවසන් කර ගැනීමට සූදානම් බව කොටි සංවිධානයේ හිටපු ප්‍රබල සාමාජිකයින් දෙදෙනකු අද (27) අධිකරණයට දැන්වීය. 27 June 2017
පොලිස් ස්ථානාධිපති 20කට ස්ථාන මාරු පොලිස් ස්ථානාධිපතිවරුන් 20 දෙනකුට වහාම කි‍්‍රයාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව පොලිස් මුලස්ථානය කියයි. 27 June 2017
වැලිසර හමුදා කඳවුරේ හිටපු අධ්‍යක්ෂකට ඇප කොටහේන ප්‍රදේශයේ දී තරුණයන් දෙදෙනෙකු අතුරුදන් කළැයි සැකපිට චෝදනා ලැබ මාස 6 ක් රිමාන්ඩ් බාරයේ සිටි වැලිසර නාවික හමුදා කඳවුරේ හිටපු විධායක අධ්‍යක්ෂක කමාන්ඩර් ධම්මික අනිල් මාපා මහාධිකරණ ඇප මත මුදා හැරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය නියෝග කළාය. 27 June 2017
තැපැල් වර්ජනය අස්සේ තැපැල් කාර්යාල තුනක් වැඩ රටපුරා තැපැල් වර්ජනයක් සිදු වුවත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට,තිස්සමහාරාමය සහ තංගල්ල යන ප්‍රධාන තැපැල් කාර්යාලවල අද (27) දහවල් වනතෙක් රාජකාරී කටයුතු සිදුවන බව හම්බන්තොට ප්‍රදේශිය තැපැල් අධීකාරී නාලක මනුකුලසූරිය මහතා කියයි. 27 June 2017
කෝටි දෙකක් අවභාවිතා කළ මහින්දගේ රියදුරුත් රිමාන්ඩ් නවගමුව ප්‍රදේශයේ ගල් කොරියක් පවත්වාගෙන යමින් රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් සාවද්‍ය පරිහරණය කළැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ රියදුරු කපිතාන් තිස්ස විමලසේන මහතා සහ පුත්තලම ප්‍රාදේශිය සභාවේ හිටපු මන්ත්‍රී ලාල් ප්‍රියන්ත පිරිස් ලබන 11 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රානිමා විජය බණ්ඩාර මහත්මිය නියෝග කළාය. 27 June 2017
කෑන්ස් ලයන්ස් කිරුළ ඩේලිමිරර් මාධ්‍යවේදිනියට ප්‍රංශයේ පැවති ‘කෑන්ස් ලයන්ස් ‘ ජාත්‍යන්තර නිර්මාණාත්මක උළෙලේදී ලොව රටවල් 150 ක් පරදවා ‘2017 කෑන්ස් ලයන්ස්‘ කිරුළ දිනා ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ ඩේලි මිරර් පුවත්පතේ කමන්ති වික්‍රමසිංහ සමත් වූවාය. 27 June 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026