හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ‘ටයිම්ස්’ ලිපිය සම්බන්ධයෙන් ගැටලුවක් ඇත්නම් ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන්ට තර්ජනය නොකර ‘ද නිව්යෝක් ටයිම්ස්’ පුවත්පතේ ජ්‍යෙෂ්ඨ කර්තෘවරුන් අමතන්නැයි එම පුවත්පත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
හම්බන්තොට වරාය, චීන ණය සහ චීනයේ ‘චයිනා හාබර්’ සමාගම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයට මුදල් ලබාදීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් ගවේෂණාත්මක ලිපියක් පසුගිය ජූනි 26 වැනිදා ‘ද නිව්යෝක් ටයිම්ස්’ පුවත්පතේ පළවිය.
ඒ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් මාධ්‍යවේදීන්ට තර්ජනය කර ඇති බවට චෝදනා කරමින් ‘ද නිව්යෝක් ටයිම්ස්’ පුවත්පතේ ජාත්‍යන්තර කර්තෘ මයිකල් ස්ලැක්මෑන් එම නිවේදනය නිකුත් කර තිබේ.
එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.
“හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා සම්බන්ධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් හම්බන්තොට වරාය සම්බන්ධයෙන් ජූනි 26 වැනිදා ‘නිව්යෝක් ටයිම්ස්’ පුවත්පතේ පළවූ නිරවද්‍ය ගවේෂණාත්මක ලිපියට දායකත්වය දැක්වූ මාධ්‍යවේදීන් දෙදෙනකු ප්‍රසිද්ධියේ විවේචනයට ලක් කර තිබේ.
මේ ආකාරයෙන් ජනමාධ්‍යවේදීන්ට තර්ජනය කිරීම කිසිසේත අනුමත කළ නොහැක. මෙවැනි ක්‍රියා විවේචනය සහ මාධ්‍ය නිදහස සීමා කිරීමටත් අවසාන වශයෙන් මහජනතාවගේ තොරතුරු දැනගැනීමේ ලැදියාව අහිමි කිරීමටත් හේතු වනු ඇත.
ශ්‍රී ලංකා බලධාරීන් අපේ පුවත්පතට මෙන්ම වෙනත් ඕනෑම පුවත්පතකට සේවය කරන මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව තහවුරු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.
මහින්ද රාජපක්ෂ මහතාට ‘ටයිම්ස්’ ලිපිය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තිබේ නම් ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට තර්ජනය නොකර ඒ සම්බන්ධයෙන් ‘ද නිව්යෝක් ටයිම්ස්’ පුවත්පතේ ජ්‍යෙෂ්ඨ කර්තෘවරුන්ට අමතන්න”.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න කොට්ටෝරුවෝ ටික කෙසෙල් ගහට කොටලා හොට පටලවා ගත්තා. දැන් දෙන්න උත්තර.
දැන් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත තැත් කරන්නේ මහින්ද රාජපක්ෂ මහතාව මෙයට පුද්ගලිකව ඈඳාගෙන තමන්ගේ පුවත්පත් යාන් හෑල්ල දික් කර ගැනීමයි. මහින්ද රාජපක්ෂ මහතා මේ උගුලට අසු නොවේ යයි සිතමි.
ආණ්ඩු නොකරත් එහෙමද? ආණ්ඩු කළොත් කොහොමද?
මේ මේ නිව් යෝක් ටයිම්ස්, එහෙම කොන්දක් නැති හින්දනේ අපි අපේ එවුන්ට තර්ජනය කරන්නේ. ඕව ගණන් ගන්න එපා, හරිය?
ලංකාවේ මාධ්‍යවේදීන්ට දාපු කෙරුම් වෙන රටවල බැහැ..................
ගෙදර බිත්තියේ මුවහමට තඩිබාන අපේ වීරයන්ට ඒ වගේ දේවල් පුරුදු නෑ, ගැම්මකුත් නෑ.
මහින්ද මහතා වැඩ දිග්ගස්සගන්නේ නැතුව මාස 18 ඉවසන්න.
රාජපක්ෂ ඇතුලු ඒකාබද්ධ හොර නඩය හිතාගෙන ඉන්නේ ලොකයේ තිබෙන සියලු මාධ්‍යයන් එයාලගේ තර්ජන හමුවේ නිහඬවෙයි කියලා. මේ ප්‍රකාශයත් සමග පැහැදිලි වෙනවා බලය ඇති කාලයේ මොවුන්ගේ හැසිරීම කොහොම වෙන්නට ඇත්ද කියලා. කෝ දැන් අර යවනවා කියපු එන්තර වාසිය...
මෙයාලා නිර්දොෂ නම් මොකටද ජනමාධ්‍යවේදීන්ට තර්ජනය කරන්නේ... එ්කෙන් හොඳටම පැහැදිලියි මහින්ද මේ ආයතනයෙන් මුදල් ලබා ගත්තා කියලා... දැන් ආයේ අමුතුවෙන් හොයන්න දෙයක් නැහැ.
අපේ අයගේ දිව කෙළිනුත් නෑ... කොන්ද කෙලිනුත් නෑ පීචන් !!!
විවේචනය කල පමණින් තර්ජනයක් වෙනවනම් නිව්යෝර්ක් ටයිම් කර තිබෙන්නෙත් දැවැන්ත තර්ජනයක්. විවේචනයක්. ඔවුන් නිවැරදි සාක්ෂි ඉදිරිපත් කල යුතුයි. මාධ්‍යවේදීන් දෙදෙනා මංගල සමරවීර සමඟ සම්බන්ධයක් ඇත්නම් සියල්ලටම පෙර නිව්යෝර්ක් ටයිම් සංස්කාරක වරුන් තමන්ට ලැබෙන තොරතුරු වල වලංගු බව සොයා බැලිය යුතුයි.
නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත කියන්නේ ලිබරල්වාදී පත්තරයක්... ලංකාවේ ආණ්ඩුවත් ඒ වගේම තමයි. මංගල සමරවීර, රනිල් කියන්නේ දැඩි ලිබරල්වාදීන්. නූතන ලිබරල්වාදය කියන්නේ හරියට කොමියුනිස්ට්වාදය වගේ වෙනම ව්‍යාපාරයක්... වියට්නාමයේ යුද්ධය දවස් වල සෝවියට් රුසියාවෙන් එහෙට ආයුධ දුන්නා වගේ, ලිබරල් ආණ්ඩුවලට බටහිර ලිබරල් රජයන් සහ ආයතනවලින් උදව් කරනවා. ලිබරල් ප්‍රතිපත්ති වල යම් හොඳක් තිබුණත්, බාගෙට බාගයක් ඒවා සමාජ විරෝධියි. ඒ වගේම ගොඩක් මිනිස්සුන්ට හානිකරයි. මේක නිසාම තමයි ඕල්ඩ් රයිට්ස් හෙවත් වෛකල්පිත දක්ෂිණ මතවාදී ව්‍යාපාරය බිහිවූ එක ලිබරල්වාදයේත්, ගතානුගතිකත්වයේත් අතරමැද පිහිටි බොහොම හොඳ ව්‍යාපාරයක්...
මහින්ද සල්ලි ගත්තේ නැත්නම් ඔච්චර දඟලන්නේ මොකද? මාධ්‍යවේදීන්ට තර්ජනය කරන්නේ මොකද? මිනිසා සල්ලි අරගෙන ඇති...
තමුන්ගේ රටේ ජනාධිපති මොකක්ද කීවේ මේ පත්තරේ ගැන. බොරු නිව්ස් දාන පුවත් පතක් කියලා කිව්වේ... එතකොට කටවහගෙන හිටපු අය සිංහයින් වගේ.. කතා කරන්නේ මේ රටේ ඉන්න දේශපාලකයන් නිසා...
ඩොනල්ඩ් ට්‍රම්ප් කිව්වේ මේ පත්තරේ දාන්නේ බොරු කියලා. එය කිව්වේ කෙලින්ම මාධ්‍යවේදීන්ට.
ඇමෙරිකන් ජනතාව සහ මාධ්‍ය ට්‍රම්ප් කියන ඒවා දේව වාක්‍ය හැටියට සලකන්නෙ නැහැ..