තරිඳු ජයවර්ධන
රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය කළ ප්‍රකාශය සම්බන්ධයෙන් හෙට (04) පැවැත්වෙන විනය පරීක්ෂණයට එම ඇමැතිවරිය කැඳවා ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා ලංකාදීපයට පැවසීය.
ඇමැතිවරිය ඉවත් කරන ලෙස අගමැතිවරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළැයි පැතිර යන කතාවේ කිසිදු සත්‍යතාවක් නැතැයි කී ඇමැතිවරයා මහේෂ්වරන් මහත්මිය සම්බන්ධයෙන් තීරණයක් ගන්නේ හෙට පැවැත්වෙන විනය පරීක්ෂණයෙන් පසුව බව ද ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතුවේ මේ කෙනා හිරේ කියලා... අර මිනීමරුවට උදව් කරපුනිසා. මේ හොඳට ඉඳීවි අහිංසක දෙමළ ළමයි යුද්ධයට යවලා. දැන් මේ පොර වුනාට මහින්දගේ කාලේ බයයි.
කතාව කරකවා නිදොස් කොට නිදහස් කොරනු ලැබීය!
බලමුකෝ අගමැති මොකද කරන්නේ කියල. නීතිය කාටත් සාධාරණ වෙන්න ඕනේ. මෙය හිරේ දාන්න ඕනේ. මොක මුළු මහත් ශ්‍රී ලාංකිකයන්ටම කරපු තර්ජනයක්. එක්කෙනෙක්ට නෙමෙයි. මේක තර්ජනය කිරීමක් , එල්ටීටීඊ තහනම් ම්ලේච්ච සංවිධානයක්.
පරීක්ෂණයක් කරයි... අවවාද කරයි... එ්ත් එයට කිසිමදෙයක් වෙන්නේ නැහැ. මොනවද ඔට්ටු...
අවුරුදු 26 ක් පුරා තිබුණු ඊලාම් යුද්ධය නිසා ලංකාවට අහිමිවුණු ජීවිත සංඛ්‍යාව ලක්ෂෙකට වැඩියි. උතුරු නැගෙනහිර විතරක් නෙමෙයි මුළු ලංකාවම මිහිපිට අපායක් කරලයි තිබුනේ. ආර්ථික වශයෙන් වුණු පාඩුව හිතාගන්නවත් බැරිතරමට විශාලයි. මට හිතන විදිහට නම් අපේ රටේ දියුණුව අවුරුදු 15කින් විතර පසුබෑමකට ලක්වෙලා තයෙනවා. මෙච්චර විපතක් කරපු එල්.ටී.ටී.ඊ. එකට ආපහු පණ පොවන්න ඕනෑ කියන ඕනෑම පුද්ගලයෙක්ගේ පුරවැසි අයිතිය අහෝසිකරලා දමන්න ඕනෑ..
අනේ ඔයාලගේ විනය පරීක්ෂණය.?
නැවතත් කොටි සංවිදානය බිහිවිය යුතු බවත් තමන්ගේ අරමුණ නැවතත් එල්ටීටීඊ සංවිධානය නැවත ගෙන ඒම බවටත් තමන් විසින් යාපනයේදී ප්‍රකාශ කලේ රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය. එතකොට එය එකසත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු නියොජිත් ප්‍රකාශයක්නේ. එකසත් ජාතික පක්ෂය කොහොමද කොටි සංවිධාන නියොජිත් වරියක් තම පක්ෂයෙන් පාර්ලිමේන්තු යැව්වේ.
මම නම් හිතන්නේ මෙයා ජාතියෙන් සමාව ගැනීම ප්‍රමානවත් කියලා.
මෙයා ඇමති කමට සුදුසු නැහැ. අත් අඩංගුවේ ඉන්න ඕන දැනටමත් . ඉතාම බරපතල ප්‍රකාශයක් කරලා අර අහිංසක දෙමල දරුවන්ව නැවත යුද්ධයකට මෙහෙයවීම ගැන.
අපි නොදන්නා පරික්ෂණ. අපිට කියාවී තදින් අවවාද කර පිටත්කොලාය කියලා.
මැය මෙවන් දේ කියූ පළමු වතාව මෙය නොවේ ...........කොටි හිතවාදී ක්‍රියා විශාල ලෙස ක්‍රියාවට නංවමි සිටී දමිල ජනයා නොමග යවමින් යලිත් යුද්ධයක් නිර්මාණය කරීමට මොවුන්ට අවශ්‍ය බව පැහැදිලිය...... මන්ද එවන් පරිසරයක මොවුන්ට හිතැඟි පරිදි වැඩ කර ගැනීමටත් දමිල දරුවන් යුද්ධයට පොළබවා ඔවුන් වාසි ගැනීමටත් මොවුන් සැරසේ.............මෙවන් අය රටකට පිළලයක් මිස ජනතාවට සේවකයෙක් නොවන්නේය...........