IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


පළාත් සභාවලට පූර්ණ පොලිස් බලතල ඕනෑ - විග්නේෂ්වරන්

එෆ්.අස්ලම්
 
ප්‍රචණ්ඩත්වය නිම කරමින් උතුරේ දෙමළ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට රඳවා සිටින ආරක්ෂක හමුදාව ඉවත් කර පළාත් සභාව වෙත පූර්ණ ලෙස පොලිස් බලතල පැවරිය යුතු බව එම පළාතේ ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා සඳහන් කළේය.


උතුරේ ආරක්ෂක හමුදාව ක්‍රම ක්‍රමයෙන් අඩුකරන බවට රජය පොරොන්දු වුවද එම පොරොන්දු ක්‍රියාත්මක වී නොමැති බවත් පළාතේ අපරාධ ක්‍රියාවන් ද සීඝ්‍ර වශයෙන් ඉහළ ගොස් ඇති බවත් මේවා පාලනය කිරීමට අවශ්‍ය බලතල පළාත් සභාවට නොමැති බවත් මහ ඇමැතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.


ජනපති මහජන සේවයේ අටවැනි වැඩසටහන ඊයේ (2) යාපනය වීරසිංහම් ශාලාවේ දී පැවති අතර මෙම වැඩසටහනට සහභාගී වී අදහස් පළ කරමින් මහ ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.


උතුරු පළාතේ ජීවත් වන ජනතාව සෙසු පළාත්වල ජනතාවට වඩා අවශ්‍යතා රැසක් හිමිවිය යුතු පිරිසක්. ඒ මේ ජනතාව යුද්ධයෙන් පීඩාවට පත්වුණ නිසයි. මොවුන් ගැන ජනපති මහජන සේවය වැඩසටහන යටතේ වැඩි අවධානයක් යොමුකළ යුතුයි කියල සඳහන් කරනවා. දෙමළ ජනතාවගේ අත්‍යවශ්‍ය සේවා, මූලික අවශ්‍යතා ගැන අදාළ බලධාරීන් වෙත අවශ්‍ය තොරතුරු වාර්තා ලබාදීමට මට පුළුවන්.


දේශපාලනික වශයෙන් විසඳුම් දිය යුතු ප්‍රශ්න එක් පැත්තකිනුත්,පරිපාලන වශයෙන් විසඳිය යුතු ප්‍රශ්න තවත් පසකිනුත්, ආර්ථිකය හා බැදුණු ප්‍රශ්න තවත් පැත්තකිනුත්, මානුෂික වශයෙන් විසදිය යුතු ප්‍රශ්න තවත් පසෙකිනුත් නොවිසදී තියෙනවා.අපගේ ප්‍රශ්න හදුනාගෙන ඒවාට විසදුම් දීමට රජය මූලිකත්වය ගෙන කටයුතු කළ යුතුයි. ලබන මාර්තු මාසයේ ජිනීවා මානව හිමිකම් සැසිවාරයට වාර්තා සකස් කිරීමට මූලිකත්වයක් මේ මොහාතේ ගන්නේ නම් අපගේ ප්‍රශ්නවලට ස්ථීර විසඳුම් හිමිවීමේ ඉඩකඩක් නැහැ.


එක් රටක ජාතික ආරක්ෂාවට ආරක්ෂක හමුදාවක් සිටිය යුතුමයි. අප රට විදේශීය ආක්‍රමණ හා බලපෑම් වලින් ආරක්ෂාකර ගැනීමටත් රටේ සාමකාමී තත්වයක් ඇති කිරීමටත් හමුදාව අත්‍යවශ්‍යයි. එහෙත් උතුරේ කෘෂීකර්මාන්තය කිරීමටයි, අවන්හල් පවත්වාගෙන යාමටයි, ඉඩම් අල්වාගෙන සිටීමටයි, වැව් අමුණු සුද්ධ පවිත්‍ර කිරීමටයි හමුදාවේ සේවාව අනවශ්‍යයි. යුද්ධය අවසන් වෙලා ලබන මැයි 18 වැනි දා ට දස වසරයි.
තවමත් හමුදාව අපව බලා සිටින්නේ යුද සමයේ  විසූ ජනතාව විදිහටයි. එ‍් තුළින් දෙමළ ජනතාව ගැන අවිශ්වාසයක් පවතින බව පෙන්වනවා.
 



අදහස් (5)

පළාත් සභාවලට පූර්ණ පොලිස් බලතල ඕනෑ - විග්නේෂ්වරන්

jayantha Tuesday, 03 July 2018 08:07 AM

එක් රටක ජාතික ආරක්ෂාවට ආරක්ෂක හමුදාවක් සිටිය යුතුමයි. අප රට විදේශීය ආක්‍රමණ හා බලපෑම් වලින් ආරක්ෂාකර ගැනීමටත් රටේ සාමකාමී තත්වයක් ඇති කිරීමටත් හමුදාව අත්‍යවශ්‍යයි. එහෙත් උතුරේ කෘෂීකර්මාන්තය කිරීමටයි, අවන්හල් පවත්වාගෙන යාමටයි, ඉඩම් අල්වාගෙන සිටීමටයි, වැව් අමුණු සුද්ධ පවිත්‍ර කිරීමටයි හමුදාවේ සේවාව අනවශ්‍යයි. ඔව් හරි ....

:       3       0

lusena Tuesday, 03 July 2018 08:12 AM

ඔන්න ඔහේ ඕවා දීලා දාමු, ඡන්ද පොරොන්දු ඉටුකරන්න එපැය.

:       0       1

Nuwan Tuesday, 03 July 2018 08:41 AM

මාතර උන අපරාදය දකුණු පළාත් සභාවට පොලිස් බලතල තිබුනනම් නතර වෙයිද? නිකමට අහන්නේ. ඒක එහෙම නම් සියලු පළාත් සභා වලට පොලිස් බලතල දෙන එකට මම එකගයි.

:       0       0

pissa Tuesday, 03 July 2018 08:52 AM

එකක් පටන් ගත්තා ගමන් මෙයත් පටන් ගත්තා.

:       0       35

Ajith Nissanka Wednesday, 04 July 2018 04:16 AM

අනේ ඉතින් පළාත් සභාවලට දැන් ඔච්චරණේ අඩුවෙලා තියෙන්නේ.

:       0       32

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 189 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2071 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1589 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site