( ටී.කේ.ජී.කපිල )
මැණික් තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ආ චීන ජාතික කාන්තාවක් කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
තිස්පස් හැවිරිදි මෙම චීන කාන්තාව ශ්‍රී ලාංකිකයකු සමඟ විවාහ වී වසර 12 ක පමණ කාළයක් මීගමුව ප්‍රදේශයේ පදිංචිව සිටින්නියකි .
ඇය ඊයේ (03) රාත්‍රී 11.30 ට පමණ තායිලන්තයේ බැංකොක් සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යු.එල්.- 407 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත ' ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටව යමින් සිටියදී , ඇයගේ ගමන් මල්ලේ සඟවා ගෙන තිබූ මෙම මැණික් තොගය රේගු නිලධාරීන් විසින් සොයාගෙන අත් අඩංගුවට ගෙන තිබුණි .
එහි විශාල මැණික් කැට 18 ක් සහ කුඩා ප්‍රමාණයේ මැණික් කැට විශාල ප්‍රමාණ වශයෙන් වූ පාර්සල 13 ක් ද තිබූ අතර , එම මැණික් තොගයේ වටිනාකම රුපියල් 48,64,777 ක් බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය .
එහිදී මෙම මැණික් තොගය රාජසන්තක කළ අතර , මෙම චීන කාන්තාවට රුපියල් 40,000 ක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කර තිබේ .




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදාම ටීවී වලින් අපි දකිනවා අනවසරයෙන් ගේන ගෙන යන දේවල් කොච්චර අල්ලනවද කියලා. එත් බය නැතුව තව තව ගේනවනේ. අපි රේගුවේ කටයුතු දන්නේ නැහැ. නිකමට ඇතුලේ ගේමක් යනවා. වැරදිච්ච දාට තමයි අහුවෙන්නේ.
ඡන්දෙට වියදම් කොරන්න සල්ලි සුදානම් කොරනවා ඇති දැන් ඉඳලම!
දැන් මේකට අවසර ගන්න ඕනේ ඇයි? මාර නීති ලංකාවේ තියෙන්නේ.