ශ්‍රී ලංකාවේ නව ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනිය ලෙස ඇලයිනා ටෙප්ලිට්ස් නම් කරනු ලැබ සිටී. ඇය මාලදිවයිනේ තානාපතිනිය ලෙස ද කටයුතු කිරීමට නියමිත අතර ශ්‍රී ලංකාව සහ මාලදිවයින වෙනුවෙන් තානාපතිනිය ලෙස පත් කිරීමෙන් අනතුරුව ඇය ඉකුත් දා (28) ඇමෙරිකා එක්සත් ජනපදයේ විදේශ සබඳතා පිළිබඳ සෙනට් කමිටුවේ ඉදිරියේ ප්‍රකාශයක් කර ඇත.
ඉන්දු ශාන්තිකර කලාපයේ පුළුල් ආරක්ෂාව සහ සෞභාග්‍යය සඳහා ශ්‍රී ලංකාව සහ මාලදිවයින ඉතා වැදගත් යැයි දෙරට වෙනුවෙන් පත් කර සිටින නව තානාපතිනිය එහිදි ප්‍රකාශ කර ඇත.
අතීතයේ තිබූ දූෂණය, ගැටුම් හා මර්දනය ප්‍රතික්ෂේප කර ප්‍රතිසංස්කරණ, සංහිඳියාව හා වගවීමේ වැඩසටහනකට ශ්‍රී ලාංකිකයන් 2015 පැවැති ජනාධිපතිවරණයේදී සහාය පළ කිරීමෙන් පසු ශ්‍රී ලංකාව බොහෝ දුරක් ඉදිරියට ගොස් ඇතැයි ද ඇය විසින් සඳහන් කරනු ලැබ තිබේ.
එසේ වුවත් යුක්තිය ඉටු කිරීම හා ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය ඉතා මන්දගාමී බවත් අන්තර් ආගමික හා අන්තර් වාර්ගික හිඩැස පිරවීමේ කටයුතු තවමත් සම්පූර්ණ වී නැතැයි ද ඇය තවදුරටත් සඳහන් කර තිබේ.
ඇමෙරිකා එක්සත් ජනපද විදේශ සේවාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක වන ඇලයිනා ටෙප්ලිට්ස් ඇමෙරිකා එක්සත් රාජ්‍ය දෙපාර්තමේන්තුවට එක්වූයේ 1991 වසරේදීය. ඇමෙරිකා එක්සත් ජනපද විදේශ සේවය යටතේ තනතුරු රැසක් හොබවා තිබෙන ඇලයිනා ටෙප්ලිට්ස් ඇෆ්ගනිස්තානය, පාකිස්තානය ඇතුළු දකුණු ආසියානු රටවල් කිහිපයකම රාජකාරීවල නිරත ව තිබේ. අවසන් වරට ඇය නේපාලයේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිය ලෙස කටයුතු කළාය.
මීට ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිවරයා වශයෙන් කටයුතු කළේ අතුල් කෙෂාප් මහතාය. හෙතෙම 2015 වසරේ සිට මේ වසරේ ජූනි මාසය දක්වා මෙරට සහ මාලදිවයිනේ තානාපතිවරයා වශයෙන් කටයුතු කළේය.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නේපාලය බේරුවා වගේ චීනුන්ගෙන් ලංකාව නිදහස් කරලා දෙන්න. රාජපක්ෂ සමාගම නැතිකරන්න.
ඇමරිකන් කවුරු ආවත් හොඳ මනුස්සයෝනේ
චීනයට නම් අගුණයි...
රටේ අභ්‍යන්තර දේවල් වලට ඇඟිලි ගහන්නේ නැතුව ඉන්න එක තමයි අපේ එකම පැතුම.!
බමුණු උන්නැහේ මොනවද කියන්නේ බලමු!
ශ්‍රී ලංකාවේ යහපත වෙනුවෙන් ඇමෙරිකානු එක්සත් ජනපදයෙන් ඉතා නිවැරදි බුද්ධිමත් තීරණයක්.! නේපාලය චීන ආක්‍රමණයෙන් ගලවාගත් කාර්යභාරයේ පුරෝගාමී රාජ්‍ය තාන්ත්රනිකයෙකි.