(රවින්ද්‍ර විරාජ් අබයසිරි)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඔවුන්ට තිබෙන බලය ක්‍රියාත්මක කරලා පළාත් සභා මැතිවරණයට අදාළ නීතිරීති හැදුවොත් උතුරු පළාත ඇතුළුව පළාත් සභා හයේම ඡන්ද විමසීම ලබන වසරේ මුල් සතිය තුළ පැවැත්වීමට හැකි යැයි මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.
මහින්ද දේශප්‍රිය මහතා එසේ ප්‍රකාශ කරනු ලැබුවේ ඡන්ද හිමියන්ගේ දිනය නිමිත්තෙන් අද (3) මාතලේ රත්තොට නගරයේ දී පැවති ඡන්ද දායකයින් දැනුවත් කිරිමේ වැඩසටහනින් පසුව මාධ්‍යවේදීන් අසන ලද ප්‍රශ්න කිහිපයකට උත්තර දෙමින්ය.
ඡන්ද විමසීම හරියට හොඳ ඉස්කොලයක් තියනවා හොද ගුරුවරු ඉන්නවා ළමයිනුත් එන්න කැමතියි හොද සිලබස් එකකුත් තියනවා හැබැයි ලයින් තොර ගන්න ඉන්ටව් එක තියන්නේ නෑ. එතකොට කොහෙමද ඉස්කොලේ පවත්වන්න යන්නේ. පළාත් සභා ඡන්දෙත් ඒවගේ තමයි. ඒක හැදෙන කල් ඉන්ටව් බොඩ් එකට ළමයි ඇතුළු කරගන්න බෑ. ඒක තමයි මැතිවරණ කොමිෂන් සභාවට වෙලා තියන දේ.
අපි හොඳටම විශ්වාස කරනවා කතානායකවරයා හා විෂයභාර අමාත්‍යවරයා සමඟ කරන ලද සාකච්ඡාවේ දී ඔවුන් ප්‍රකාශ කළේ සියළුම දේශපාලන පක්ෂ නායකයින් සමඟ සාකච්ඡා කරලා මාර්ග සිතියමක් මේ මාසය තුළ හදලා සීමා නිර්ණයට අදාළ නීතිරිති පනතේ සංශෝධනයන් ඇතුළු සියළු ගැටළු සැප්තැම්බර් මුල හරි අග හරි ඔක්තෝබර් මාසේ මුල් සතියේදී හෝ අපිට දුන්නොත් උතුරු පළාතත් සමඟ මැතිවරණය 2019 ජනවාරි මුල සතියේ දී පැවැත්වීමට අපි මැතිවරණ කොමිෂන් සභාව ලෙස අපි සුදානම් බව දේශප්‍රිය මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එමගින් අදහස් වන්නේ මෙම රජයේ නිලදරුවට දශක කීපයක් හෝ ඊට වැඩිගණනක් බලාගත් අත බලාගෙන සිටීමට නොවේද ? හැබැයි කියන්නකෝ බලන්න 225 ටම විශ්‍රාම වැටුප් දෙගුණයකින් ,තුන්ගුණයකි හෝ තීරුබදු සහන වාහන දෙක තුනක් ගැනීමට නීති හදන්න කියල. මුළු රැළම උදෙන්ම මඩවගුරට ඇවිත් විනාඩි කීපයකින් ඔක්කොම නිතිහදා සියලුම අණ පනත් කිරිගහට ඇන්නා වගේ නියෙමට හදාවි.
බලාගෙනම ඉන්න තමා වෙන්නේ..දැන් ඔබතුමාගේ තටු කපල වගේ..