(මොහොමඩ් ආසික්)
අලවතුගොඩ පිහිටි බැංකුවක් දෙවරක් කඩා එහි ඒ.ටී.එම්.යන්ත්‍රයට පහරදී රුපියල් ලක්ෂ දහයකට වැඩි ප්‍රමාණයක් සොරකම් කර බැංකුවේ තිබූ වකුගඩු ආධාර පෙට්ටියද කඩා මුදල් සොරා ගත් බව කියන සැකකරු අද (03) පොලීසිය මගින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
අලවතුගොඩ මහජන බැංකුව පසුගිය 30 වැනිදා පළමු වරට කඩා ඇතුළු වී එහි තබා තිබූ වකුගඩු ආධාර මුදල් පෙට්ටිය කඩා එහි තිබූ මුදල්වලින් කොටසක් සොරා ගෙන ගොස් තිබූ අතර ඉන් පසුව පසුගිය පළමු වැනිදා නැවත එම බැංකුව කඩා එහි ප්‍රධාන සේප්පුව ඇති කාමරයේ දොර කෙඩා අලාභහානි සිදු කර ඇති අතර ඒ.ටී.එම්. යන්ත්‍රයෙන් රුපියල් ලක්ෂ දහයකට වැඩි ප්‍රමාණයක් සොරාගත් බව කියන මෙම සැකකරු පොලීසිය මගින් කරන ලද විශේෂ මෙහෙයුමකදී අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
අත්අඩංගුවට ගත් 21 හැවිරිදි සැකකරු හෙට (04) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ හොරු හිර කූඩුව ඇතුලෙම දාල තියන්න ඕන. ඇප දීල එලියට ආවගමන් ආයෙමත් කරන්නේ බැංකුවක් හරි ගෙයක් හරි මංකොල්ලකන එක තමයි.