(සුජිත් හෙවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)
මහජන නියෝජිතවරියක් විදියට බෙදුම්වාදය ආවඩන ප්‍රකාශයක් කිරීමට විජයකලා මහේෂ්වරන් මහත්මියට කිසිදු අයිතියක් නැති බවත් ඇයගේ මේ ප්‍රකාශය ගැන මුළු මහත් සමාජයෙන් සමාව ගත යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසීය.
හේරත් මහතා මේ බව පැවසුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අද (3) පස්වරුවේ පැවති ප්රවෘත්ති සාකච්ජාවකදීය.
විජිත හේරත් මහතා එහිදී මෙසේද පැවසීය.
විජයකලා මහේෂ්වරන් මහත්මිය කළ ප්‍රකාශය ජනතා විමුක්ති පෙරමුණ හෙළා දකිනවා. මෙය බරපතල ප්‍රකාශයක් මහජන නියොජිතවරියක් විදියට ඇයට එහෙම කතා කරන්න අයිතියක් නැහැ. රට බෙදීමට සහය නොදෙන බවට සියලුම මන්ත්‍රීවරුන් ප්‍රතිඥාවක් දෙනවා.
ඇය ඒ ප්‍රතිඥාව කඩ කළා. මහේෂ්වරන් මහත්මිය ඒ ප්‍රකාශය ගැන ජාතියෙන් සමාව ගත යුතුයි. ඇය ගැන වහා පරීක්ෂණයක් කරලා පියවරක් ගත යුතුයි. පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව කැඳවා වහාම පියවරක් ගන්න. එහෙම නොකළහොත් නරක පුර්වාදර්ශයක් ඇතිවේවි.
මෙවැනි ප්‍රකාශ තවත් අයගෙන් ප්‍රකාශ වුණා. අද රට ආරාජික වෙලා තැන් තැන්වල මීනීමරනවා බැංකු කඩනවා. එල්ටීටීඊය මානව හිමිකම් ආරක්ෂා කළේ නැහැ එල්ටීටීඊය කරපු කෘෘරකම් අප දැක්කා. දරුවන්ට වෙන හිරිහැරත් දැක්කා.
එල්ටීටීඊයෙන් දරුවන්ට රැකවරණය ලැබුණේ නැහැ. ඇය මේ ප්‍රකාශය කළේ ජනපති ජංගම සේවයකදීය. තවත් ඇමැතිවරු දෙදෙනකු එතැන හිටියා. මේ ගැන ආණ්ඩුවේ ස්ථාවරයත් කිව යුතුයි. ඇයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමාව ගත්තොත් හරිද? අැයි එතකොට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ නැද්ද? කෝ දැන් ජවිපයේ දේශප්‍රේමී බව.. රටගැන හිතන , සියලු ශ්‍රී ලාංකිකයන් ගැන හිතන දේශප්‍රේමී කම කෝ..? මොකද එල්.ටී.ටී.ඊ. එකෙන් මැරුවේ මුළු ලංකාවේම ශ්‍රී ලාංකිකයෝ .. දැන් මොකද ජවිපයට වුනේ.. අනුරකුමාර තමයි මෙතුවක් කාලෙකෙට ජවිපයේ එකේ බිහිවූ දුර්වලම නායකයා.
ඕගොල්ලොත් මෙවැනි දේ වලට වගකිව යුතුය . ප්‍රකාශයට ඉස්තුතියි.
සමාව කියන්නේ බොලේ දාලා දැන් බේරගන්ඩ හින් සැරේ ප්ලැන් එක වගේ.
මෙයා මේ ගොල්ලන් කරපු මිනීමැරුම්, බැංකු මංකොල්ල කෑම්, දේපල විනාශ කරපු දේවල්වල පව් සෝදනවා.
මහත්තයෝ කවුරු අවලාද නැගුවත් අපි පුද්ගලිකව දන්නවා ඔබලා ඔතන ඉන්නේ විශාල කැප කිරීම් කරලා කියලා. ඔබලා හය දෙනා හරි ඔතන නොසිටින්න... අද අාණ්ඩු හිතේ හැටියට බල්ටි ගහනවා. අවලාද නගන්නන්ට නොතේරුණාට අපි දන්නවා ඔබලාටත් ඔතන නොසිට අැමතිකමක් ගෙන අාණ්ඩුවකට හේත්තුවෙලා සැප විඳින්න පුළුවන්කම තියෙද්දිත්. ඔබලා හදවතින්ම රට වෙනුවෙන් සිටිනවා. මට මතකයි යුද්ධය කාලේ මහින්ද මහතාගේ අාණ්ඩුවට සහය දුන්නා. හැබැයි ඔහු බලයේ සිටිද්දීම අැමැතිකම් දාලා එළියට අාවා. එ් දේ නොකර අැමති සැප ලබමින් ඔවුන් සමග හිටියා නම් අද රටට මොනවා වෙයිද?
එහෙම බලන්ගියොත් පළමුව සමාජයෙන් සමාව ගතයුත්තේ ජවිපෙ ගොයියෝ.
තිළින මහතානෙනි එම මිනී මැරුම් වසර 30 කට පෙ රසිදුවූ විශාල චේදවාචකයක ප්‍රතිපලයි. ඒ කාලේ රටේ තිබුනු ප්රජාතන්ත්ර විරොධි වැඩවලට ප්‍රතිචාර තමයි ඒ. දැන් ඒව කතා කරන්නෙ කුහක කමට සහ හිත හදාගන්න බව අප හොඳටම දන්නවා . ඔවුන් කරනු ලබන හොඳ ප්රගති්ශීලී වැඩ සම්බන්දව හිත රවටන්න ඔය කතා කියවෙනවා. මිනී නොමැරැවේ කවුද? ඔබ කියනා මිනීනොමැරුව අය හොඳද? රට වසර 70 ක් තිස්සෙ ආපස්සට යන හැටි නොපෙනේද? බැඳම්කර මගඩි , ඔය කියනා චයිනා හාබර් ගනුදෙනු බොරුද? ඒ මිනී නොමැරුව අයගෙ කෙරුවාව නේද?
ජවිපෙ ඔය ගොල්ලොත් එල්ටීටීඊ හිතවාදී සුමන්තිරන් වැනි කොටි අවතාර වලට රතු කමිස අන්දවා ඔවුන් සමග පසුගිය දවස් වල යාපනයේදී පෙළපාලි ගිය එක ගැන මුළු ජාතියෙන්ම සමාව ගත යුතයි. ඔයගොල්ලෝ කරපු වැඩෙත් විජයකලා කරපු වැඩෙත් වැඩි වෙනසක් නැහැ.
ජවිපෙ හරි සැහැල්ලුවෙන් කියනවා සමාව ගත්තම සේරම හරි කියල. ත්රස්තවාදයට සහයෝගය දෙමින් මෙවැනි ප්‍රකාශ කරන විජයකලා වැනි අයගේ මන්ත්‍රී කම අහෝසි කර වහා නීතිය එදිරියට ගෙන සිරගත කල යුතයි. තමන්ගේ නායකයා විජේවීර මැරුව අයට විරිද්දව නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්නේ නැතුව උඩ බලාගෙන හිටපු ජවිපෙ මිනිසුන් රවටනවා මිස රටට කරන සෙතක් නොමැත.
සියයට දාහක් ධනුෂකගේ අදහසට එකඟයි
මහත්වරුනි, විජිත සහෝදරයාගේ සම්පුර්ණ ප්‍රකාශය කියවන්න. පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව කැදවන්න ඔහු යෝජනා කරනවා. වගකිවයුතු මන්ත්‍රීවරයෙක් ලෙස " අල්ලලා හිරේ දමාපන්" කියල කියන්න අවශ්‍ය නැහැ. විනය පරීක්ෂණවලදී ගතයුතු ක්‍රියාමාර්ග ගැනීම කරයි. අනෙක අනුර කුමාර දුර්වල නායකයෙක් කියන්නේ දේශපාලනය , [අ ආ] නොදන්නා පොඩි ළමයෙක්. ජවිපෙ 6 දෙනා නැත්නම් රට උලාකාලා අවසන්. පාර්ලිමේන්තුව ඇතුලේ කතානායකවරයාට අවනත නොවී බල්ටි ගහන හොල්මන් කාරයෝ තමා නියම දේශප්‍රේමින්.
දේශප්‍රේමය කියන්නේ අද කාලේ හොරුන්ට කියන පර්යාත පදයක් වෙලා .තමන්ගේ හොරකම් මිනීමැරුම් වෙනත් අපරාධ දුෂණ වහගන්න ජාතිවාදය ආගම්වාදය අවුස්සන මේ තක්කඩි රැල මෝඩයන් රවට්ටවන්න තමයි මේ දේශ ප්‍රේමය පාවිච්චි කරන්නේ .