ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ
රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය කර ඇති ප්‍රකාශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින නීතියේ යම්කිසි විධිවිධානයන් උල්ලංඝනය වී ඇතිදැයි විමර්ශනය කර අදාළ නීතිමය පියවර ගන්නා ලෙස නීතිපතිවරයා වෙත දන්වා යැවූ බව කතානායන කාර්යාලය අද (03) නිවේදනය කළේය.
කතානායක මාධ්‍ය අංශයෙන් නිකුත් කළ එම නිවේදනය මෙසේය.
‘‘විජයකලා මහේශ්වරන් රාජ්‍ය අමාත්‍යවරිය මාධ්‍ය සාකච්ඡාවකදී පල කරන ලද අදහස් කිහිපයක් සම්බන්ධයෙන් ගන්නා ඉදිරි පියවර කුමක්ද යන ප්‍රශ්නය පැන නැගිණි.ඒ සමඟම නැගී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගණනාවක් විසින් මේ පිළිබඳව පියවරක් ගැනීමේ අවශ්‍යතාවය පෙන්වා දුන් අතර එම ප්‍රකාශය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 7 වැනි උපලේඛනයේ සඳහන් දිවුරුම උල්ලංඝනය වී ඇති බවටද අදහස් පල කරන ලදී.
ඉහත අදහස් සැලකිල්ලට ගත් කථානායක විසින් රාජ්‍ය අමාත්‍යවරියගේ අදාල ප්‍රකාශයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හෝ පවතින නීතියේ යම්කිසි විධිවිධානයක් උල්ලංඝනය වී ඇත්ද යන්න විමර්ශනය කොට අදාල නීතිමය පියවර ගන්නා ලෙස නීතිපතිවරයා වෙත දන්වා යැවීමට පියවර ගනු ලැබු බව දන්වා සිටිමු.‘‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වහාම ඇය ඇමති සහ මන්ත්‍රී ධුරයෙන් නෙරපා හැර ප්‍රජා අයිතිය අහෝසි කරන්න.
මේක රාජපක්ෂලාට ඉල්ලමක් පෑදුණා හා සමානයි. හම්බන්තොට වරායේ හොරකම ගැන රටම කතා කරන මොහොතක මේ කටවාචාල කමට කිව්ව ගොන් කතාව අල්ලගෙන අද රාජපක්ෂලා රට පුරාම උද්ඝෝෂණ පවත්වමින් ජනතාවගේ අවධානය වෙනතක යොමු කරමින් තමන්ගේ හොරකම් වසා ගන්න දඟලන දැඟලිල්ල තමයි මේ දේශ ප්‍රේමය විදියට වෙස් පැළඳගෙන එන්නේ.
විද්‍යා ගැහැණු ළමයා මරා දැමීම ප්‍රධාන සැකකරුට ආරක්ෂාව සැපයුයේ කවුද?. මෙම මරණයේ සැකකරුත් දැරියගේ බාප්පා... රටේ හමුදාව අවමානයට පත් කරමින් කතා කරන සහ තමන්ගේ ජාතියේ අපරාධ කාරයින්ට ආරක්ෂාව දෙන අයට මරණ දඬුවම දිය යුතුයි.
මේ ජෝකර්ලා කාවද විශ්වාස කරන්න පුලුවන්
අනේද කියන්නේ... තව තවත් හත්පොලේම ගාගන්න හදන්නේ....
විජය කළා ඇමැතිනියගේ කතාවත් එක්ක, නිවුයෝක් ටයිම්ස්, පුවත්පතේ ආන්දෝලනාත්මක මුල්‍ය ගනුදුනුව යට ගසා විජය කලාගේ ප්‍රකාශය ඉදිරියට ගෙනෙ ඒමේ දැවැන්ත වැඩපිළිවෙලක් රටතුල ඇත මෙය මෙසේ කියන්න කියා විජය කලාට මුදලක් ගෙවා ඇත්දැයි සැකයක් මතුවේ.
විජයකලා කෝටි ගානකට මේ කතාව අලවි වුනා ද ..?
විජයකලාගේ කතාව කට්ටියකට රජමගුල්...
එයට කිසිම දෙයක් වෙන්නේ නැහැ. අපි නම් මෙලහකටත් හිරේ.
විජයකලාට මේවගේ කතාවක් කරන්න මහින්ද කීයක් දුන්නද දන්නේ නෑ.
විජේකලාගේ ප්‍රකාශයෙන් නිවියෝර්ක් පුවත්පතේ පුවත යටයවන්න ප්‍රබල උත්සාහයක නියැලෙන පිරිසක්...
නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත යටයයි... විජයකලා මතුවෙයි.. මේක කුමන්ත්‍රණයක්ද..?
මේක මහ බැංකු හොරුන්ට ඉල්ලම් දාහක් පෑදුනා වගේ. මේ වගේ ප්‍රවෘති වලින් ඒක සම්පුර්ණයෙන්ම යටපත් වෙනවා.
විජයකලා මහේෂ්වරන් මහත්මිය විසින් එල්.ටී.ටී.ඊ පාලනයක් අවශ්‍ය බව පවසමින් කර ඇති ප්‍රකාශය, බොහෝ විට අද උතුරේ ද්‍රවිඩ ජනයා ලක්ව ඇති යම් පීඩනයයක් විදහා දැක්වීමට කල ප්‍රකාශයක් විය හැකියි. මේ ප්‍රකාශය පසුගිය දිනක දකුණේ හිමිනමක් විසින් රටට හිට්ලර් වැනි නායකයෙක් අවශ්‍යයි කීම වැනියි. මේ ප්‍රකාශ දෙකම තමන් තුල ඇති යම් පීඩනයක් සහ අසහනයක් විදහා දැක්වීමට කල ප්‍රකාශන හැරෙන්නට, වචනයේ පරිසමාප්තියෙන් කිසිම අර්ථයක් නැති ප්‍රකාශන බව ඕනෙම කෙනෙකුට වැටහේ යයි සිතමි. නමුත් අද සිදුවන්නේ, බොහෝ දෙනා මෙවැනි ප්‍රකාශන තමන්ගේ දේශපාලන වාසිය තකා බාවිතා කිරීමයි.
දෙන දෙයියෝ ගෙට ගෙනත් දෙනවා කියන්නේ මෙන්න මේවට. මහින්දට පක්ෂව චන්ද විශාල ප්‍රමාණයක් හදල දුන්නා මේ මනුස්සය. ඇයි, වැඩිය දුර හිතන්න පුරුදු වෙලා නැති අපේ මිනිස්සු මේකට විසඳුම හැටියට දකින්නේ මහින්ද ආපහු ගේන එකයි. මුණ එක්ක තරහට නහය කපාගන්න අපේ මිනිස්සු ගැන කවර කතාද? අම්මප. කීයක්වත් දුන්නද මන්ද මෙහෙම කතාවක් කියලා අපේ ගොඩ වැඩි කරලා දියන් නංගියේ කියලා.?
සත්‍යපාල දන්නවද මේ සියල්ලම අනාගතයේ බලයට එන්න දඟලන අය වෙනුවෙන් උතුරේ අය පවත්වන මාධ්‍යය සංදර්ශන බව. මේ සෑම ගැටුමක්ම කෘතීම අන්දමින් නිර්මාණය කරන්නේ එක පංතියක් තුළ සංහිඳියාවක් ඇතිකර ඒ පන්දමෙන්ම පීඩිතයාට ආලෝකයක් දෙනවා වෙනුවට ඒ අසරණයාගේ හිස ගිනි තැබීමටය. අපි කොතෙක් කල් මේ සංදර්ශන නරඹමින් ඉන්න අදහස් කරමුද?
දැන් එතකොට චීනුන්ගෙන් සල්ලි අරන් රට විකුණපු අය අමතක කරන්නද කියන්නේ??
සංහිදියාව නැතිවෙන්න පුළුවන්. නික්කන් ඉන්න
ආණ්ඩුව හොරෙන් කරන වැඩේ විජේකලා ප්‍රසිද්ධියේ කිව්වා. එච්චරයි වෙනස
විජේකලාගේ ප්‍රකාශය ගැන හොයන්න පැහැදිලි කරගන්න අමුතුවෙන් උපදෙස් ගන්න දෙයක් නෑ ඕක තමයි අද රටේ නූතන සංහිදියාව.
සත්‍ය පව්සෙඉමෙන් වෙන විපාකය .ආණ්ඩුව හොරෙන් කරන වැඩේ විජේකලා ප්‍රසිද්ධියේ කිව්වා.
2015 යහපාලන ඉල්ලපු ලක්ෂ 62ට සැපද ???? සතුටුද????. දැන් උතුරේ ත්‍රස්තවාදීන් නැහැ කියලා කියන්න පුලුවන්ද ආණ්ඩුවට ?
අදහස් ප්‍රකාශ කරන්න අයිතිය දැන් ඕනම කෙනෙක්ට තියෙනවා..... ඔවා පොර වෙන්න කියන බොරු ටිකක්............ නමුත් මේ කතාවේ අවනීතික බවක් ඇති නම් ඒ ගැන හොයලා නීත්‍යානුකූලව කටයුතු කළ යුතුයි..... කතාව විවේචනය කිරීම අපේ අයිතියක්......
කිව්වේ ඇත්තක් උනත් මෙයා කොටින්ගේ නම සදහන් කරලා තියෙනවා ඒක නිසා - මෙයා ජාතියෙන් සමාව ගතයුතුයි.
කතානායකට අබ අැටයකවත් මොලයක් හා කොන්දක් නැද්ද? මේකට විරුද්ධ තීරණයක් ගන්නට. රනිල්ගේ පදයට නටන්නේ
විජේකලාගේ මේ කතාව මහින්දගේ වැඩක් කියල හිතෙනවා ... නිව්යෝර්ක් ටයිම්ස් කතාව යට ගසන්න .