ඩි.ජී.සුගතපාල
යළිත් එල්.ටි.ටී.ඊ.සංවිධානය අවශ්‍ය බවට කාන්තා හා ළමා කටයුතු නියෝජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් ප්‍රසිද්ධියේ කරන ලද ප්‍රකාශයට විරෝධය පලකරමින් දකුණු පළාත් සභාව නියෝජනය කරන ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් අද (3) දකුණු පළාත් සභාව ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වුහ.
මෙම උද්ඝෝණයට විපක්ෂ නායක තෙන්නකෝන් නිළමේ මහතාද එක්ව සිටීම විශේෂත්වයකි.
හත්වැනි දකුණු පළාත් සභවේ පස්වැනි සැසිවාරය දකුණු පළත් ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා මහතා විසින් උත්සවශ්‍රීයෙන් විවෘත කර ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරිමෙන් පසුව සභාපතිවරයා විසින් සභාව කල් තැබීමෙන් පසුව පළාත් සභා ගොඩනැගිල්ල ඉදිරිපිටට පැමිණි මන්ත්‍රීවරු පිරිසක් මෙසේ විරෝධතාවයේ යෙදිණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිව්යෝක් ටයිම්ස් සිද්ධියෙන් කට උත්තර නැතිව හිටපු අයට හොද ගොදුරක් හම්බවුණා. ඒ සිද්ධිය යටගහගන්න මේ විදිහට නාට්‍යයක් රගපානවව
අැයි? මේකට මේ ඒකාබද්දේ කට්ටිය ලොකුවට විරෝධය දක්වන්නේ?