ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ
රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය යාපනයේ දී කළ ප්‍රකාශයට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් දිගින් දිගටම ප්‍රශ්න කරන්නට වීම නිසා පාර්ලිමේන්තුව හෙට (4) සවස දක්වා කල් තැබීමට කථානායක කරු ජයසුරිය මහතා පියවර ගත්තේය.
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු කණ්ඩායම ඉල්ලා සිටියේ එක්සත් ජාතික පක්ෂය මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා තුරු සති දෙකකට පාර්ලිමේන්තුව තහනම් කරන ලෙසයි.
ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මියගේ ප්‍රකාශය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා මතු කළ ප්‍රශ්නයට අකිල විරාජ් කාරියවසම් මහතා පිළිතුරු දුන්නේය.
ඉන්පසු විමල් වීරවංශ,ප්‍රසන්න රණවීර, දයාසිරි ජයසේකර මන්ත්‍රීවරු කතානායකවරයා ඉදිරියට පැමිණි උද්ඝෝෂණයේ යෙදුණහ.
ඉන්පසු පස්වරු 2.25ට හෙට (3) සවස දක්වා පාර්ලිමේන්තුව කල් තැබිණි.
28535
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යූ.ඇන්.පී එක දොස් කියන්න ඇති මහින්දට යුද්දේ ඉවර කල නිසා මේ ඔක්කොම ප්‍රශ්න කියල එයාල මේක අනුමත කරන්න ඇති......
අර හිට්ලර් ගේ කතාවට ප්‍රතිචාර දක්වපු උනන්දුව මේකටත් තියේවිද? අපේ අගමති තුමාටයි ජනාධිපති තුමාටයි. අපි ඔබතුමාලගේ ප්‍රතිචාරය බලාපොරොත්තු වෙනවා !
විරෝදය පාල විතරක් මදි. අයව වහාම අත්අඩංගුවට ගන්න ඕනේ. අනෙක LTTE කියන්නේ මහා භයානක් සංවිධානයක්, ලෝකේ රටවල් කිහිපයක්ම මේ සංවිධානය තහනම් කරලා තිබුන.
ජාතික වාදය කියන්නේ ප්‍රාථමික මිනිස් ලැදියාවල් පැලපදියම් කරවන ,හරිම අවාසනාවන්ත අදහසක්. අනෙක් ජාතිය අවිශ්වාස කිරීම , නොදන්නා දෙය අවිචාරශිලිව ප්‍රතික්ෂේප කිරීම සහ තමාගේම ගෝත්‍රයේ කුරිරුකම පවා අගය කිරීම ජාතිකවාදයේ ගැඹුරින් මුල් බැහැපු පිළිකුල් සහගත අදහසක්.
LTTE කියන්නේ මහා භයානක් සංවිධානයක්, ලෝකේ රටවල් කිහිපයක්ම මේ සංවිධානය තහනම් කරලා තිබුණ නේ ...................
හිට්ලර්ට "විපක්ෂයි "..ප්‍රබාකරන්ට "පක්ෂයි " මීට ..ජනපති අගමැති ප්‍රමුඛ යහපාලන රජය
උතුරට එල්ටීටීය හෝ දකුණට හිට්ලර් හෝ වෙනුවට කඩිනම් නඩු ඇසීම සහ එල්ලුම් ගස අවශ්‍ය වේ.
එතුමිය ඕක විහිලුවට කීවේ. ගණන්ගත යුතු නැත.
හිටපු මලයාසිය අගමැති සිර බාරයට. හේතුව දුසන සහ වංචා. සිරි ලකේ බැරි ඇයි?
මෙතුමිය අනාගත ජනපතිවරිය වීමටත් ඉඩ තියනවා. හිට්ලර්ට වඩා හොඳයි මැය
ඉස්සර ත්‍රස්තවාදීන් හිටියේ උතුරේ බංකර් ඇතුළේ... යහපාලනෙට පින් සිද්ද වෙන්න දැන් ත්‍රස්තවාදීන් ඉන්නේ ආණ්ඩුවේ. රටට දෙයියන්ගේම පිහිටයි.
එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ දුර්වලකම තමයි මෙයා මෙහෙම ප්‍රකාශ කරන්නේ... මීට කළිනුත් මෙයා මේ වගේ ප්‍රකාශ කරලයි තියෙන්නේ... පක්ෂ නායකත්වය ගැන කිසිම බයක් හෝ ගරුත්වයක් හෝ නැහැ. ජේ.ආර්., ප්‍රේමදාස යුගයේ නම් මෙවැනි ප්‍රකාශ කරන එක කොහොම වුණත් හිතන්නවත් බැහැ.
යහපාලන රජය සාමය, සංහිඳියාව, සහජීවනය වෙනුවෙන් සෑමවිටම පෙනී සිටිනවා... විජයකලා මැතිණියගේ ප්‍රකාශයේ ලොකු ප්‍රශ්නයක් නෑ... හිට්ලර්ගේ කට්ටිය තමයි බොරුවට කෑ ගහන්නේ.
රොත්ත බුරුත්ත පිටින් කරපු වැරදි ගැන කියන කතා යට ගසා තබන්න , තව මාසයක් විතර කබලේ දාගෙන පෙරලා පෙරලා රෝස් කරමින් ලෙව කකා මහා ජනතාවගේ ඔළුගෙඩි කුරුවල් කරන්න තවත් තලගොයෙක් අහුවෙලා වගෙයි. එතකොට අර නිව්යෝක් ටයිම්ස් පත්තරයේ කතාව යට කරගෙන , මේක කරපින්නාගෙන යන්න හැකි වෙයි නේ ?
මේ අයගේ හැසිරීම කනගාටුදායකයි.
මොකද්ද මේ වෙන්න යන්නේ ජනාධිපතිතුමත් අගමැතිතුමාත් මෙයට දක්වන ප්‍රතිචාරය දැනගන්න කැමතියි. සංහිදියාව මේකද ? ලාංකිකයාගේ කරුමෙට පත්වුණා යහපාලනය.
දැන් නම් නාට්‍යය නැගල යනවා , නිව්යෝර්ක් ටයිම්ස් කියපුව ඉක්මනට අමතක වෙයි , කොහොමද අපේ පාලකයින්ගේ ටිකිරි මොලේ
දිවියා මැරූ 10 දෙනා යළි රිමාන්ඩ්- ඇප නොදීමට හේතුව? ගෝඨාභයට වෙන නීතියක්ද ? ගෝඨාභය ගේ නඩු ඇසීමට විරුද්ධව නඩු අසන්නේ මොකද? නිතිය සැවොටම එක හා සමානද? එසේ නොවුනහොත් උතුරට එල්ටීටීය හෝ වෙනත් සංවිධානයක් ඒම සහ දකුණට හිට්ලර් ඒම වැළකිය නොහැක.
මෙතුමියව එම්.ආර්.අයි. පරීක්ෂණයකට ලක්කරන්න. එකපාරටම වැළඳුන මොලේ අමාරුවක්ද දන්නේ නැහැනේ?
මේ අයගේ අසීලාචාර, වාචාල කටවල් නිසා අද කළයුතු දේ හෙටට කල්දැමීමට සිදුවීම අපරාධයක් නොවේද?" මෙවන් මිනිස්සු අපගේම මහජන නියෝජිතයන් වීමත් අපගේ මව්රටට මහත් අවාසනාවකි. අතීතයේ දේශද්‍රෝහින්ට කුමක් ලැබුණේද යන්න මෑත අතීතය වන 2009 හොඳින් මෙන්ම නැවත වරක් අප සියල්ලන්ටම සිහිගන්වා ඇතිබව "ශෂිකලා, අරකලා මේකලා, ලලිතකලාට අප නැවත වරක් මතක්කර දීමට කැමැත්තෙමු. අපගේ මව්බිමට ආදරය කරන අප ජාතිවාදීන් නොවන්නෙමු. නමුත් රට බෙදීමට වචනයකින් හෝ අනුබල දෙන්නෝ අවජාතකයන් මෙන්ම ජාතිවාදීන් බව ශෂිකලාට අප නැවතවරක් කීමට කැමැත්තෙමු. එමෙන්ම ශෂිකලාට මෙයද මතක් කිරීමට කැමැත්තෙමු. " ඔහේ අද දවසේ වේල හරිකර ගත්තෙත්" දුප්පත් සිංහල, ද්‍රවිඩ, මුස්ලිම් ජනතාවගේ බදුමුදල් වලින් බව පවසන්නේ සියුම් වූ සතුටකිනි. එබැවින් කන බත්පතට වත් රට වෙනුවෙන් මොලය පෑදේවා යන්න අපගේ ප්‍රාර්ථනයයි.
විජයකලා කිව්වා නම් කොටි ඝාතනය කළ ඇගේ ස්වාමිපුරුෂයා ටී. මහේස්වරන් නැගිටිය යුතුය කියා අපි කව්රුවත් ගණන් ගන්නේ නැත. කොටි නැගිටිය යුතුය කියා ඇය කිව්වට කොටි නැගිටිනවට උතුරේ මහා ඇමැති , ටී.එන්.එල්. ඇතුළු විශාල පිරිසක් විරුද්ධ වෙනවා.
උතුරේත්, දකුණේත් සමහර උදවියට කොටි නැතුව පාළුයි වගේම පාඩුයි.
ඒ මනුස්සයා කතා කෙරුවේ සිංහලෙන් හෝ ඉංගිරිසියෙන් නොවන නිසා මට නම් මොකවත් තේරුනේ නැහැ. ඒක සමහර විට නිවැරදි වෙන්නත් බැරි නැහැ. ඒ කොහොම වුනත් නරකද ඔය කියන කතාවේ නියම පරිවර්තනයක් ලබා ගෙන ඊට පස්සේ සටනට බැස්සා නම්? දැන් එල්.ටී.ටී.ඊ. කියන්නේ හිටපු ආණ්ඩුව ජනතාව රවටන්න මවන බිල්ලෙක් පමණයි. අපේ ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා මහත්තය හමුදාවට නායකත්වය දීල කොටි සෙල්ලම ඉවරයක් කෙරුව. ඒත් වලිගෙ කොටස තවමත් වැනෙනවා වගේ සමහරුන්ට හීනෙන් පේනවා. උන් කැමතියි ඒකට.
මෙතන අදහස් දක්වන අය සම්බන්ධව මට පැමිණිල්ලක් නැහැ. ජනතා නියෝජිතයින් මීට වඩා සැලකිල්ලෙන්, වගකීමෙන් ප්‍රකාශ නිකුත් කළ යුතුයි. මැය මෙම ප්‍රකාශය කළේ කුමන අදහසකින්ද කියා මට හරි වැටහීමක් නැහැ. නමුත් මෙවැනි අවස්ථාවාදී දේශපාලකයින්ගේ ප්‍රකාශ අප එතරම් සැලකිල්ලක් නොගත යුතුයි කියලයි මගේ අදහස.. හැබැයි ඒ දවස් වල යාපනය තුළ හොඳ නීතියක්.. කාන්තාවකට පාරේ බැහැලායන්න පුළුවන් වාතාවරණයක් තිබූ බව කොටි සංවිධානය ප්‍රත්ක්ෂේප කරන උදවියත් පිළිගන්න කරුණක්, කවුද හදන්නේ කියන එක නෙවෙයි ප්‍රශ්නේ රටට නීතියක් අවශ්‍යයි. කාන්තාවන්ට, කුඩා දරුවන්ට ආරක්ෂාවක් තිබිය යුතුයි. එය කොටි සංවිධානය යාපනේ ඇති කරලා තිබුණා කියලා මම අහල තියෙනවා. අර්ථ ගැන්නූයේ එය විය හැකියි. කෙසේ නමුත් යුද්ධයකින් රටකට හෝ ජාතියකට ලැබෙන දෙයක් නැත. නැවත මේ රට තුළ එවැනි තත්වයක් උදා නොවීමට 30 වසරක් යුද්ධයෙන් බැට කෑ අප සිහි තබාගත යුතුය.
තව මොනවා බලන්නද? වහාම ඒ අයව අත්අඩංගුවට ගන්න.. මේක සුළුවෙන් හිතන්න එපා.. එදා මායිම් ගම්මානවල කොච්චර අහිංසක මිනිසුන්ව මැරුවද, ගෙදර නිදාගෙන හිටපු අයව ගිනිතියලා මැරුවා, පිළියන්දල බස් බෝම්බය, මහා බැංකු බෝම්බය, දෙහිවල කෝච්චියේ බෝම්බය.. කොච්චර අහිංසක මිනිසුන් එදා මැරුණද..? යුද්ධයට කිසිම සම්බන්ධයක් නැති… දැන් මේවා ඔක්කොම අනුමත කරනවද? එජාපය නිකන් තමන්ගේ පක්ෂේ ගැන හිතන වෙලාවක් නෙමේ මේක.. මේක මුළු රටටම බලපාන දෙයක්. පක්ෂ, පාට භේදයක් නැතිව අැගේ කතාවට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න ඕනේ..
එල්.ටී.ටී. එක නැතිව විජයකලාට වැඩේ කරගන්න බැහැවගේ... මේ කෙනා ප්‍රසිද්ධියේ සමාව ඉල්ලිය යුතුයි.
විජයකලාගේ මේ තස්ත්‍රවාදී ප්‍රකාශයට රටේ විධායක ජනාධිපතිවරයාට ඇය අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කල හැකියි. මේ ප්‍රකාශයෙන් රටේ ආරක්ෂාවට එල්ලකොට තිබෙන්නේ විශාල අභියෝගයක්. පාර්ලිමේන්තුවේ ඇතිවූ තත්ත්වයත්, කලට වෙලාවට නිසි එඩිතර තීන්දු නොගැනීම නිසා ඇතිවූවක්. ඒත් විමල් වීරවංස මන්ත්‍රී වරයා පමණ ඉක්මවා ගියා.ඔහුගේ අතීතය දිහා බැලීමේදී මෙවැනි දේට හඬ නැගීමට ඔහුට අයිතියක් නැහැ.කෙසේ නමුත්, විජයකලාට ඉක්මනින්ම දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක විය යුතුයි.
මිනිසුන්ගේ බදු සල්ලි දහස ගාණක් විනාශ කලා. අනේ මෙහෙමත් අපේ මෝඩ මිනිස්සු ඉන්නන රටක්.
.....අපරාධ රැල්ල ඒ විදියට නතර කරන්න කියල . එහෙම නැතිව හිට්ලර් වගේ මිනිස්සු ගෑස් කාමරවල දාල මැරුවා වගේ වැඩ කරන්න නොවේ. ඉතින් බලන්න මේකනේ ඇත්ත ....