ඩයනා උදයංගනී
නැවත වතාවක් එල්.ටී.ටී.ඊය අත එසවිය යුතු බවට ප‍්‍රකාශ කරමින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ද උල්ලංඝණය කළ විජයකලා මහේෂ්වරන් රාජ්‍ය අමාත්‍යවරිය සම්බන්ධයෙන් නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.
එමෙන්ම ඇය නියෝජනය කරන එක්සත් ජාතික පක්‍ෂයෙන් ද ඇයගේ ප‍්‍රකාශය සම්බන්ධව විනය පරීක්‍ෂණයක් කළ යුතු බව ශාන්ත බණ්ඩාර මහතා සඳහන් කළේය.
අහිංසක දරුවන් අතර ආයුධ දෙමින් ඔවුන්ගේ ජීවිත විනාශ කළ එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදය අගය කරමින් ඇය කළ ප‍්‍රකාශය එල්.ටී.ටී.ඊ හිතවාදී ඡන්ද ලබා ගැනීමේ අරමුණින් කළ එකක් විය යුතු බව කී සභාපතිවරයා විද්‍යා දැරියගේ ඝාතකයින් ආරක්‍ෂා කරගැනීමට ඇය කටයුතු කළ ආකාරය උතුරේ ජනතාවට අමතක කරවීම මෙම ප‍්‍රකාශයේ අරමුණක් විය හැකි බව ද කීවේය.
ශාන්ත බණ්ඩාර මහතා මේ බව පැවසුවේ කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (3) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිකම් බොරු ප‍්‍රකාශ නිකුත් කරන්න එපා. ඔබතුමා දරන සංස්ථා සභාපතිධූරය ඔබට ලැබී ඇත්තේ යූ.ඇන්.පී - ශ්‍රී.ල.නි.ප ජරා පාලන මංගල්‍යෙයන්. ඒවා බුක්ති විදිමින්, ජනතාවවන අපට බොරු ටෝක් දෙන්න එපා. අවන්කනම්, කොන්දේ පන තියනවානම්, ඔය දිගය නවත්වා, විදිනා තනතුරු අත්හැර ඒකාබද්ධ විපක්ෂයමෙන් අවංක වී, මේ පාලනය අවසාන කරන්න.