(ඩයනා උදයංගනී සහ නිමල කොඩිතුවක්කු)
දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට බව කියමින් අධ්‍යාපන ක්‍ෂේත්‍රය සඳහා වැරදි අයුරින් පත්වීම් ලබාදීමට රජය ගන්නා උත්සාහයට විරෝධය පා ගුරු, විදුහල්පති ඇතුළු අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ වෘත්තීය සමිති රැසක් හෙට (4) දීප ව්‍යාප්ත සංකේත වැඩවර්ජනයක නිරත වන බව අධ්‍යාපනය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව පවසයි.
මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, නීතිය හා සාමය රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරුන් සමඟ වෘත්තීය සමිති සාමාජිකයින් පිරිසක් අද (3) පස්වරුවේ සාකච්ඡාවක නිරත වුවත් එය අසාර්ථක වූ බව අධ්‍යාපනය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව නියෝජනය කරන ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාර්ලින් මහතා ලංකාදීපයට පැවසීය.
ඒ හේතුවෙන් තීරණය කළ පරිදි අද දිනයේදී වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන්නට අධ්‍යාපනය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව තීරණය කළ බව ද ස්ටාර්ලින් මහතා සඳහන් කළේය.
අධ්‍යාපන පරිපාලන සේවය, අධ්‍යාපනඥ සේවය, විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් යන අධ්‍යාපනය හා සම්බන්ධ සේවාවන් 4ම මෙම වැඩවර්ජනයට එක්වන බව කී ස්ටාර්ලින් මහතා මෙලෙස අධ්‍යාපනයේ සියලු අංශ එක්වර වැඩවර්ජනයකට එක්වන්නේ ඉතිහාසයේ පළමු වරට බව ද කියා සිටියේය.
ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයට, ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයට හා ශ්‍රී ලංකා විදුහල්පති සේවයට බඳවා ගැනීම සඳහා විධිමත් ක්‍රමවේදයක් තිබියදී දේශපාලන පලිගැනීම්වලට ලක්වූවන්ට සාධාරණයක් ඉටුකිරීමට බව කියමින් දේශපාලන ලැයිස්තුවකට අනුව එම පත්වීම් ලබාදීමට වත්මන් රජය ගන්නා උත්සාහය අනුමත කළ නොහැකි බව ද ලේකම්වරයා ප්‍රකාශ කළේය.
දේශපාලන පළිගැනීම් කමිටු නිර්දේශ මත අධ්‍යාපනය වැනි සේවාවක් සඳහා මෙලෙස පත්වීම් ලබාදීමෙන් එම සේවයේ ගුණාත්මක භාවයට හානි වන බව ස්ටාර්ලින් මහතා සමස්ත දරු පරපුර වෙනුවෙන් එයට එරෙහිව සටන් කරන බව ද සඳහන් කළේය.
ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා වෘත්තීය සංගමය, සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා වෘත්තීය සංගමය, ලංකා ගුරු සංගමය, ලංකා ගුරු සේවා සංගමය, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය, ශ්‍රී ලංකා පොදුජන ගුරු සංගමය, ස්වාධීන අධ්‍යාපන සේවක සංගමය, පොදු ගුරු වෘත්තිකයන්ගේ සංගමය, ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමය, ප්‍රගති ගුරු සංගමය, ශ්‍රී ලංකා මහජන ගුරු සංගමය, ඒකාබද්ධ ගුරු දේවා සංගමය ඇතුළු වෘත්තීය සමිති ගණනාවක නියෝජිතයෝ මෙම වැඩවර්ජනයට එක්වන බව ද ඔහු සඳහන් කළේය.
මේ හේතුවෙන් පාසල්වල කටයුතු අඩාල විය හැකි නමුත් මෙය සමස්ත දරු පරපුර වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ගයක් බවද ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජෝශප්ල එක්ක සාකච්ඡා එපා. හෙට වර්ජනය කරන්නේ අතළොස්සයි...
මගේ දරුවට ටියුෂන් දෙන ගුරුවරුන් තිදෙනාගෙන් එක්කෙනෙකුත් දේසපාලන පලිගැනීමට ලක්වුන ගුරුවරයෙක් .එකෙන් පෙනියනවා පලිගැනීමට ලක්වුන ගුරුවරුන් මේ රටේ සිටින බව. ගුරුවරුන් වැඩ වර්ජනය කොලොත් පාඩුව සිදුවන්නේ ටියුෂන් ලබාදෙන්න බැරි දුප්පත් දෙමාපියන්ගේ දරුවන්ට බව අද්යාපනය සුරකිනවා කියන මේ උතුමන්ලාට පෙනෙන්නේ නැද්ද?
පසුගිය යුගයේ කුමක් සිදු වුනත් කාගේ වත් උසස් වීමකට බාධා එල්ල වුණේ නැහ. අධ්‍යාපන නිල තල සදහ දේශපාලන හෙන්චයියන් යොදා ගැනීම අවාසනාවක්.
අද දවසේ උපාධිය සහිත ගුරුවරියකගේ වැටුප 33,000.... කිසිදු දිරි දීමනාවක් නැත. බොහෝ පාසල්වල හරිහැටි වැසිකිලි පවා නොමැත. සැම වසරකටම වරක් ලැබෙන 330 වැටුප් වර්ධකය නිසිපරිදි නොලැබේ. ගුරු මාරුවීම් කිසිදු ප්‍රතිපත්තියක් නොමැත. බොහෝවිට ගුරුවරුන් පුද්ගලික පන්ති පවත්වන්නේ ලැබෙන අදායම යහපත් කරගැනීම සහාය . ගුරුවරුන් සඳහා නිසි ඇගයීමක් කලයුතුය. නිදහසේ ඉගැන්වීමට හැකි පරිසරක් ඇතිකළ යුතුය. ටැබ් හෝ ලැප්ටොප් සමඟ නව තාක්ෂණය සමඟ ඉගැන්වීම දරුවනට ලබාදිය පිළිබදව සලකා බැලීම් සුදුසුය.