ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ
ඇමැතීනි විජයකලා මහේෂ්වරන්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අද (3) පාර්ලිමේන්තුව තුළ ඇති වු ගැටළුකාරි තත්ත්වය තුළ දී පාර්ලිමේන්තු සම්ප්‍රදායට විරුද්ධව හැසිරුණු විමල් වීරවංශ සහ ප්‍රසන්න රණවීර යන මන්ත්‍රීවරුන්ට කතානායක කරු ජයසුරිය මහතා තදින් අවවාද කළේය.
ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයා සෙංකෝලය උස්සාගෙන යාමට උත්සහ කළ අතර එය වළක්වා ගැනීමට දැඩි ප්රයත්නයක් දැරීමට සිදුවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊයේ පෙරේදා පාර්ලිමේන්තුවට තල්ලු වෙලා ඇවිල්ල ඉන්න හින්ද වීරකම් පෙන්නලා ලකුණු ටිකක් දා ගන්න ඕන කියල හිතෙන්න ඇති.
අවවාද කරන්න ඕනි විජයකලාට !
ඔය සෙංකෝලය විතරද? ඕක ඇතුලේ උස්සන්න පුළුවන් දේකට තිබෙන්නේ?
උත්තරීතර පාර්ලිමේන්තුවේ ගෞරවය රකින්න. ශිෂ්ට සම්පන්න මහත්වරුන් ලෙස විරෝධය දක්වන්න. දේශප්‍රේමය ඇඟපත පුරා දෝරෙ ගලා යන්න දෙන්න එපා.
නියම සිංහල රණවිරුවන් ගොඩක් මරුණා යුද්ධයේදී. ඉතිරි වුණු ටිකදෙනාවත් හිරේට ගාල් කළා මොන බොරුව හරි කරලා. ඒ මිනිස්සු අද හිටියා නම් මේ කෙනාගේ විතරක් නෙමෙයි, උතුරේ ඉන්න ප්‍රසිද්ධියේ කියවන කොටි දේශපාලකයන්ගේ ඔළු කුඩුවෙන්න තියයි. මේ මහ පොළවේ පය ගහලා ඉන්න සෑම සිංහල, බෞද්ධ, ක්‍රිස්තියානි, මුස්ලිම් මිනිහෙක්ම ණයයි..
සම්පත් මහතා - පිස්සුද කාන්තාවන් නාග සිටුවන්න ඕනේ. තරවටු කරන්න හොද නැහැ. ඒවා බාල වැඩ.
දැන් අවවාද කරන්න ඕනේ විජේකලාටද, විමල්ටද? අනේ කතානායකතුමෝ ඔබතුමාගේ පක්ෂග්රාහී වැඩ දැන්වත් නවත්වන්න
මේ නම් ඕවර් ඇක්ටිං...
විජයකලා ඔය කියන කතාව කරපු භාෂාව මට තේරෙන්නේ නැහැ. මාධ්‍ය වලින් දුන්නු අර්ථකථනය පමණයි අසන්න ලැබුනේ. ඒ නිසා කතාව පරිවර්තනය කින් අප දැනුවත් විය යුතුයි. ය ඇත්ත වශයෙන්ම ඔය කියන ආකාරයේ දේශද්‍රෝහී ප්‍රකාශයක් කර ඇත් නම් නියත වශයෙන්ම සුදුසු දඬුවමක් දිය යුතුයි. `වීරවන්සලා අර තමාගේ පවුලේ උන්ට ලාබෙට ගෙවල් දුන්නා වගේ` නැත් නම් අහවලා `චීනගෙන් සල්ලි කුට්ටි ගැහුවා වගේ` පට්-පට් ගාලා වැඩ කොරන්න බැහැ. පාර්ලිමේන්තුවේ සමහරුන්ගේ හැසිරීම අනුව පෙනෙන්නේ හිරේ නැත් නම් පිස්සන් කොටුවේ සිටිය යුතු අමනයන් කීප දෙනෙකුත් ඉන්න බවයි. "අපේ කට්ටියට දඬුවම් වානා! උන්ගේ කට්ටියට දඬුවම් වහාම ඕනා!" ඒ බමුණු ප්‍රතිපත්ති හෙලා දකිමු. කතා නායකතුමා ළඟ පැකට් කරපු රෙඩිමේඩ් දඬුවම් නැහැ!
කොහොමත් තුම්මුල්ලේ විමලේ කතා කරන්නේ නම් චන්ඩියෙක් වගේ තමයි. බොරුවට ගිරිය පුප්ප ගෙන කෑ ගහනවා. කරන්නේ වංචාවල් හොරකම් .