(නිමල කොඩිතුවක්කු)
රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය සිකළ ප්‍රකාශය එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය නොවන බව එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
විජයකලා මහේෂ්වරන් මහත්මිය සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මේ වන විටත් විනය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවද පිටකෝට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද (3) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා කීවේය.
එම ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යයට පිළිතුරු ලබාදීම සඳහා ලබන සිකුරාදා දිනයේ දී ඇය කොළඹට කැඳවීමට පියවර ගන්නා බවද හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
දකුණට හිට්ලර් කෙනෙකු හෝ උතුරට ප්රභාකරන් කෙනෙකු ගෙන ඒමට එක්සත් ජාතික පක්ෂය කිසි ලෙසකින් වත් ඉඩ නොතබන බවද අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් කීවේය.
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිට්ලර් හෝ ප්රභාකරන් හෝ එපා! එපා!! එපා !!!
විජයකලාගේ ප්‍රකාශය එජාපයේ ස්ථාවරය නොවේ කියල ඇග බේරගන්න හදන්න එපා මේක මුළු රටටම කැළලක් ලාංකිකයන් හැටියට අපි හැමෝම මේ කියමනට විරුද්ධ වෙන්න ඕනේ තස්ත්‍රවාදීන්ට අපසු නැගිටින්න නොදෙන්න ඕන
දකුණටත් - උතුරටත් එක හිට්ලර් කෙනෙක් පතනවා. මෙරට හිට්ලර් කෙනෙකුට නැතිව පම්බයෙකුට හදන්න පුළුවන් රටක් නොවෙයි.
ශ්‍රී ලංකාවේ බහුතරය යූ.එන්.පී..යට වෛර කරයි.
හරින් මලයා හැරෙන තැපෑලෙන් අපට සුදුළූණු පොඩි කරනවා නේද? හරින් මල්ලියේ බයිලා එපා... ඒ අවස්ථාවේ ඔහෙලගේ වරිගේ කීදෙනෙක් හිටියාදැයි මලය දැක්කේ නැද්ද? ඒ කවුරුවත් එම දේශද්‍රෝහී නිවට ගැහැනියගේ කතාව ප්‍රතික්ෂේප කළාද?
ඕනෙම කතාවක් කරපුවම , එකෙන් ගැලවෙන්න කියන්නේ "එක පක්ෂයේ මතය නෙමෙයි " . 2015 දී මෙහෙම වේවි කියල මත ප්‍රකාශ කරාම කිව්වේ කොහොමද " බේසමේ කිඹුල්ලු දකිනවා " කියල . දැන් කිඹුලන්ට පන එමින් ඉන්නවා කියන එක පැහැදිලි. ඒ වගේම යූඑන් එකේ චෝදනා වලටත් කිව්වේ "බොරු විදුලි පුටුවක් ගැන කතා කරනවා " කියල . ඒ උනාට අද ඒවා ක්‍රමානුකුලව කෙරීගෙන යනබව ඉතාම පැහැදිලි . කෝ අද ෆීල්ඩ් මාර්ෂල් ගේ එඩිතර කම . ඒ ඔක්කොම තියෙන්නේ හරි දේශපාලන නායකත්වයක් තියෙනවනම් විතරයි.