විනීතා එම් ගමගේ
ඉදිරි මැතිවරණවල අපේක්ෂකයින් කවුරු වුවත් ඒ මැතිවරණ කරා යා යුත්තේ මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක් ලෙස යැයි ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරණයක් පැවැත්වීම නැවැත්විය යුතු බවත් ඒ සඳහා ජනමත විචාරණයක් ලබා ගැනීමට උත්සාහ කළ යුතු බවත් එය පවාසිදුවිය යුත්තේ මහින්ද රාජපක්ෂ මහතා ගේ නායකත්වයෙන් යුතුව බවත් හෙතෙම කියා සිටියේය.
ඉදිරියේ හැදෙන ආණ්ඩුවක මුලික ලක්ෂණ වියත් මඟ ඉදිරිපත් කරන වැඩ පිළිවෙලෙහි ඇතැයි ඔවුන් පවසන කතාව පරස්පර යැයි කී නානායක්කාර මහතා මහින්ද චින්තනය ජනතාවාදී බවත් මහින්ද පෙරටු කර ගත් ඔහු අගමැති කරගත් රජයකින් මැතිවරණ මෙහෙය විය යුතු බවත් ප්‍රකාශ කළේය.
මන්ත්‍රීවරයා මේ අදහස් පළ කළේ බොරැල්ල ඇන් ඇම් පෙරේරා මධ්‍යස්ථානයේ අද (02) පැවැති සමාජවාදී ජනතා පෙරමුණේ මාධ්‍ය හමුව අමතමිනි. එහි දී තව දුරටත් අදහස් දැක්වූ වාසුදේව නානායක්කාර මහතා මෙසේ ද කීය.
‘‘ මේ ආණ්ඩුව කඩලා මහින්ද මහත්තයා මේ පාර්ලිමේන්තුවේ අගමැති කරන්න අපට වුවමනයි. ඒ සඳහා වැඩ පිළිවෙළ සරල බහුතරය කඩා අපේ පැත්තට මන්ත්‍රීවරුන් ගැනිමයි. මහින්ද මහත්යාගේ නායකත්වයෙන් මිස වෙනත් නායකත්වයන් ආදේශ කරන්න බැහැ. මහින්ද මහත්තයාගේ නායකත්වයට මුවාවෙලා ඒ නායකත්වය යට කරගෙන එන්න දෙන්න බැහැ. තුනෙන් දෙකක බලයක් ගෙනත් විධායක ජනපතිවරණයක් අනවශ්‍ය තැනට ගෙනෙන්න.
මේ වැඩ පිළිවෙළ මොකක්ද කියලා අහනවා. අපේ වැඩ පිළිවෙළ යාවත් කාලීන කළ මහින්ද චින්තනයයි. වියත් මග නොවෙයි. ‘‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාසු, ඔබ තනිව විපතට පෙර පින්කම් කරන්න.
වියත් මඟ මගින් ක්‍රියාත්මක වෙන්නේ මේ රටේ ඉන්න උගත්ම පිරිසේ සැලැස්මකට අනුව රට දියුණු කිරීමේ වැඩ පිළිවෙල නම් එයට ජනතාව විරුද්ධ වෙන්න හොඳ නෑ. නූගත් දේශපාලකයන්ට අවස්ථාව දුන්නා හොඳටම ඇති. උගතුන් මූලික වෙලා මේ රට ගොඩ දානවා නම් අපි සහයෝගය දෙන්න ඕනෑ.
ඉදිරි වැඩපිළිවෙල රට හූරා කාපු (මහජන මුදල්) කොමිස් ගහපු අයට, 'දඬුවම් දීමේ මග' යනුවෙන් වෙනස් විය යුතුයි. ඒක තමයි රට දියුණු කිරීමේ එකම වැඩ පිළිවෙල... මෙය උගත්ම පිරිසේ සැලැස්ම යනුවෙන් නිවැරැදි කරන්න.
දැන්ම ඉඳන්ම කා කොටා ගන්නවා ලොකු කුට්ටිය අයිතිකර ගන්න. වියත් මග කෙසේවෙතත් මහමග තමයි කට්ටියටම ඉතිරිවෙන්නේ.
ලෝයර් වාසු දැන් වයසයි. නැත්නම් පැරිස් හොටෙල් යූරෝ 20000ක් දවසට අපේ මුදල් නාස්ති කළාද?
වියත් මගේ ඉන්නා වියතුන් කියාගන්නා උදවියට ගෝඨාභය නියෝජනය කරන කණ්ඩායමේ ඉතිහාසය පිලිබඳ අවබෝධයක් ඇත්තේම නැද්ද? අද රටේ පවතිනවා යැයි විවිධ මාධ්‍ය ආයතන මඟින් පතුරුවා තිබෙන මතයන් හේතුවෙන් දැඩි තීරණ ගත හැකි නායකයෙකුගේ අවශ්‍ය තාවයක් පිලිබඳ කතිකාවක් ආරම්භවී "හිට්ලර් වගේ වැඩ කලත් අවුලක් නැතැයි" කියන තැනට වර්ධනයවී ඇත. හිට්ලර්ට ආරෝපණය කල හැක්කේ විනාශය, ඝාතනය සහ අමානුෂිකත්වය පමණකි. වෙන කිසි චරිතාංගයක් හෝ දේශපාලනික ලක්ෂණයක් හෝ නැත. කොටින්ම, තව කෙනෙකුට අනුකරණය කිරීමට සුදුසු කිසිවක් හිට්ලර් ළඟ තිබුනේ නැත. ඔහුව මොන පැත්තකට හරවා බැලුවත්, ඔබට පෙනෙන්නේ ඝාතකයෙකි. උන්මත්තකයෙකි. අමනුස්සයෙකි. මීට වෙනස් ඕනෑම අර්ථයක් හිට්ලර් නැමැති නාමයේ ඇතොත් උපුටා පෙන්වන ලෙසට ‘වියත් මගේ’ වියතුන්ගෙන් සියලු දෙනාම ඉල්ලා සිටිය යුතුය.
'සාදුකින් පෙලෙන උන් දැන් ඉතින් නැගිටියව් ' උස් හඬින් ගායනා කල වාසු සහෝදරයා ,මාක්ස්, ලෙනින් පසකට තල්ලු කර,'වියත් මග' නොව වෙනත් මගක් තෝරා ගැනීමට යෝජනා කරයි. වඩාත් ජනතාවාදී මහින්ද චින්තනය බව පවසයි. අපොස සා.පෙළ නැති මන්ත්‍රීවරු වෙනුවට වියතුන් තෝරා ගැනීම මහින්ද චින්තනයට වඩා නිවැරදි නැත්ද?
කට වැරැද්ද ගන්න එපා . පරලෝකප්රාප්ත වෙන්න ටිකකට කලින් සුදු වන සංචාරයක් ඔබටත් ලැබේවි.
පැසුණු වට්ටක්කා චීනයට ඕනෑකර තිබේ.
මස්සිනාද කොන්ත්‍රාත්තුව දුන්නේ?