අංජුල මහික වීරරත්න
උපාධිධාරීන්ට පත්වීම්දීමට පවතින නෛතික බධා පිළිබඳව වහාම කරුණු වාර්තා කරන ලෙස රජය නීතිපති දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ.
රජය ඉහත දැනුම්දීම් කර ඇත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දුන් උපදෙස් අනුවය.
උපාධිධාරීන් 5000කට පත්වීම් ලබාදීමට වූ යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් වූ අවස්ථාවේ එය යළි සලකා බැලිය යුතු බවට අදහස් ඉදිරිපත් කෙරුණි. පත්වීම් ප්රදානය කිරීමට තොරාගත් උපාධිධාරීන් අතර රජයේ විශ්ව විද්‍යාලවලින් බාහිර උපාධිය ලැබූ උපාධිධාරීන්ද සිටීම අමාත්‍ය මණ්ඩලය අදාල පියවර ගැනීමට හේතු විය.
විශ්ව විද්‍යාල උපාධිධාරීන් සමඟ බාහිර උපාධිධාරීන්ට පත්වීම් ප්රදානය කිරීමේ විධිවිධාන කැබිනට් සංදේශයට ඇතුළත් කර තිබු හෙයින් එයට ඇතැම් අමාත්‍ය මණ්ඩල සමාජිකයන්ගේ එකඟත්වය පළ නොවීය. ඉහත පසුබිම් යටතේ විශ්ව විද්‍යාල උපාධිධාරීන්ට හා බාහිර උපාධිධාරීන්ට පත්වීම් දීමට අදාළව මීට පෙර ඉදිරිපත් වූ අමාත්‍ය මණ්ඩල පත්‍රිකා සටහන් අධ්‍යයනය කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව පියවර ගත්තේය.
සියලුම උපාධිධාරීන්ට පත්වීම්දීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ස්ථාවරය වන බැවින් විශ්ව විද්‍යාල හා බාහිර උපාධිධාරීන් 5000 කගේ පත්වීම් සම්බන්ධයෙන් පවතින නෛතික බධාව වහාම දැනුම් දෙන ලෙස නීතිපති දෙපාර්තමේන්තුවට දුන් උපදෙස්වල සඳහන්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකනේ වැඩේ. හැම දේකටම උපදෙස් අහ අහ ඉන්න ගියොත් වැඩක් කරන්න වෙන්නේ නැහැ. ඒකට ඉස්සර හිටපු කට්ටිය. කිසිම ඇහිල්ලක්, බැලිල්ලක් නැහැ. හිතුන හිතුන දේ හිතුන හිතුන වෙලාවට කෙරුවා. "මයි කාර් මයි පැට්‍රොල්" කියලනේ සියලුම දේවල් කලේ. හිට්ලර් වගේ වැඩ කරන අයට සමහරු සාදු කියන්නේ මොකද කියලා තේරුම් අරගෙන වැඩකළොත් ගොඩ නැත්නම් සොරි ඩොට් කොම් තමයි ඉතින්..
කොහොම වුනත් රටක් විදියට අපිට ඉස්සරහට යන්න බැරිවෙනවා මේ ප්‍රශ්න විසඳා ගත්තේ නැත්නම්... අද දකින සුලභම කරුණ තමයි කැම්පස් යන්න සුදුසුකම් නැති අය පවා (සා.පෙ ගණිතය අසමත්) බාහිර උපාධිය කරනවා. තියෙන ලේසිම කලා (ආර්ට්) විෂයන් ටික තෝරාගෙන. ඊට පස්සේ එයාලත් අර රැකියා විරහිත ගොඩට එකතු වෙනවා. මේකට විසඳුමක් විදියට කරන්න පුළුවන් කලා (ආර්ට්) විෂයයන්ට ගන්න ප්‍රමාණය අඩු කරලා, තාක්ෂණික, ප්‍රායෝගික අංශවලට හා ප්‍රයෝගිකව දැනුම සංවර්ධනයට යෙදවෙන අංශවලට (පරිගණක, ඉලෙක්ටෝනික්, ජංගම දුරකථන වගේ) වැඩියෙන් බඳවා ගන්න ඕනෑ.
අනේ මන්ද .... රැකියාවන් තිබේනම් , "සුදුසුකම් " තිබෙන අයදුම් කරුවන් ඉන්නවනම් ඇයි උපදෙස් ගන්නේ ?? මොකක්ද මේ තිබෙන ගැටලුව කියලයි අපට තිබෙන " ගැටලුව " ??
විදේශ විනිමයෙන් නේද රට රැකෙන්නේ..... විදේශගත වෙලා ඉන්න අපේ දරුවෝ උපාධියක් අරගෙනත්....... අසාධාරනේ හරිද?
ඒ වුනාට ලංකාවේ පුරවැසිකම නැති මිනිහෙකුට මහබැංකු අධිපතිකම දුන්නා. එ්කාබද්ධ විපක්ෂයේ විරෝධතාවත් නොතකා. ඒවාට නීතිපති උපදෙස් ගත්තේ නැත්තේ මොකද? මේ හදන්නේ රැකියා දීම තවත් කාලෙකට කල්දමන්නයි.