(සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව ගිය වසරේදී රුපියල් කෝටි 760 ක පාඩුවක් ලබා ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.
දුම්රිය සේවය ඊට කලින් වසරේ (2016) සිදු වූ පාඩුවට සාපේක්ෂව ගිය වසරේ සිදු ව ඇති පාඩුව රුපියල් කෝටි 80 කින් ඉහළ ගොස් ඇති බව එම වාර්තාවේ සඳහන් වේ.
ඒ අනුව දුම්රිය සේවය 2016 වසරේ ලබා ඇති පාඩුව රුපියල් කෝටි 680කි.
මේ අතර දුම්රිය සේවයේ ආදායම ද ගිය වසරේ දී රුපියල් කෝටි 650 කින් අඩු වී ඇත.
දුම්රිය සේවයේ මෙහෙයුම් කටයුතු වලට බාධා ඇතිවන ආකාරයට දුම්රිය සේවකයින් ක්‍රියාත්මක කළ අනපේෂිත දුම්රිය වැඩ වර්ජනය නිසා ආදායම මෙසේ අඩුවීමට බලපෑ බව ශ්‍රී ලංකා මහබැංකු වාර්තාවේ සඳහන් වේ.
දුම්රිය සේවයේ මෙහෙයුම් වියදම ද ගිය වසරේ දී සියයට 5.1 කින් ඉහළ ගොස් තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වසරකට දුම්රිය භාවිතාකරන මගීන් සංක්‍යාව මිලියන 140 ක් විතර වියදම කෝටි 2900 අදායම කෝටි 700 ක් විතර. ශ්‍රී ලන්කන් එයාර් ලයින් මගීන් සංඛ්‍යාව මිලියන 5 ට අඩුයි සහ පාඩුව වසරකට කෝටි 3000 ක් විතර. එමනිසා ප්රතිලාභ ලබන මගීන් සංඛ්‍යාව සැලකිල්ලට ගත්විට දුම්රියෙන් වන පාඩුව විඳ දරා ගන්න අමාරුවක් නැහැ.
පාඩුව සේවක වර්ජන නිසා නම් එක සේවකෛන්ගෙන් කපාගෙන පාඩුව පියවන්න. එතකොට පාඩුව හරියනවා . දුම්රිය සේවයට ආදරේ නිසානේ රට වෙනුවෙන් මෙහෙම ටික් කරන්නේ.