(අංජුල මහික වීරරත්න)
රට පුරා සංවර්ධනයේ නව පෙරලියක් ඇති කිරීම සඳහා මේ වසරේදී සහ ලබන වසරේදී රුපියල් බිලියන 160 – 200 අතර මුදලක් වියදම් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පන්විල කැලෑබොක්කේදී අද (1) පැවැසීය.
ඉඩම් නැති ජනතාවට ඉඩමක අයිතිය ලබා දීම ඩි.එස්. සේනානායක යුගයේ සිට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය බව කී අග්‍රාමාත්‍යවරයා හිට්ලර්ගේ සහෝදරයාට මෙවැනි දේ කරන්නට නොහැකි වූවාට තමා කරන්නේ කුමක්දැයි ප්‍රශ්න කළේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුයේ වතු කම්කරු ජනතාවට ඉඩම් අයිතිය ලබා දීම සඳහා රාජ්‍ය ව්‍යවසාය සහ මහනුවර සංවර්ධන අමාත්‍යාංශය ඇරඹූ හරිත භූමි වැඩසටහනට සහභාගී වෙමිනි.
කැලෑබොක්ක රජයේ වතුයායේ ක්‍රීඩාපිටියේදී මෙම උත්සවය පැවැත්විණි. වතු කම්කරු ජනතාව සඳහා පර්චස් 7 බැගින් ඉඩම් කැබලි 500ක් මෙහිදී පවරා දෙනු ලැබීය.
ඡායාරුප- ජයමාල් චන්ද්‍රසිරි





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බිලියන 200 ක් කියන්නේ කෝටි 20000 ක්. පහුගිය කාලේ බදු ගැහුව ගැහිල්ලට ඔය ගාන ආණ්ඩුව හොයාගෙන තියෙන්නේ. ඊ පී එෆ් එකෙන්ම කෝටි 3000 ක් ගන්නවලු. සංවර්ධනය කියන්නේ සල්ලි වියදන් කරන එකට නෙමෙයි. නාස්තිය අවම වෙන විදියට හොඳ සංවර්ධන සැලැස්මක් හදලා ක්‍රියාත්මක කලොත් වරදින්නේ නැහැ.
ඕවා කරනකොට අශ්වයා ගිහිල්ලා ඉවරයි මහත්තයෝ...
අනේ මෙයාගේ සංවර්ධනේ... කටෙන් පමණයි..
අන්තිමට බැලුවාම සංවර්ධනය වෙලා තිබෙන්නේ ඒගොල්ලන්ගේ කට්ටිය.
දියවන්නාවේ ඉන්න කට්ටිය සංවර්ධනය කරන්නේ නැද්ද?
කොහෙන් හිනාවෙන්නද මන්ද!! අත් දෙක සාක්කුවට දාගෙන කරන සංවර්ධනය. මහ බැංකුවේ සල්ලි තියනවද?
බිලියන 200ක් වියදම් කරනවා...? ඔය වියදම් කිරීම කොයි විදියට වෙයිද කියලා හිතාගන්න පුළුවන්. ඇමැති හා නියෝජ්‍ය අැමැති කටු ටික වැඩිකරලා මොකද්ද මේ කරන්න හදන්නේ කියල හිතාගන්න පුළුවන්... යන යකා කොරහත් බිඳගෙන වගේ යන්න යන්නේ...
ලංකාවට විදේශ විනිමය ගෙනෙන තේ කර්මාන්තයේ ප්‍රධානතම සහ මුලිකම කාර්යයේ යෙදෙන වතු කම්කරුවන්ට එක්සත් ජාතික පක්ෂය විසින් ලංකාවේ පුරවැසිකම ලබාදීමෙන් පසු ඔවුනට නොමිලයේ ඉඩම් දීම අගයකළ යුතුය. මෙම ඉඩම් ලබාදීම තවතවත් වටිනාකමක් ලැබෙන්නේ ලබාදුන් ඉඩම්වල එකම සැලසුමකට අනුව ජලය විදුලිය සමග පහසු ගෙවීමේ ක්‍රමය යටතේ නිවාස ඔවුනට ලබාදීමෙන්ය. එවිට එකම සැලසුමකට අනුව සෑම නිවසක්ම ඉදිවේ. රජය මේ සඳහා අවධානය යොමුකළ යුතුය. දේශීය සමාගමක් හෝ විදේශීය වගකීමක් සහිත සමාගමක් මගින් මෙය කඩිනමින් කිරීමට හැකියාව පවතී. එසේ නොවන්නේ නම් ඉඩම් ලාභීන් ඔවුන්ගේ හැකියාව සහ ඔවුනට අවශ්‍ය ආකාරයට (සැලසුමක් නොමැතිව) නිවාස ඉදිකිරීමෙන් නොමිලේ ලබාදුන් ඉඩම්වල වටිනාකමත් පරිසර හානියත් ඇතිවීම පමණක් නොව වෙනත් ගැටළු පවා මතුවිය හැකිය.
මට නම් ඉර හඳ වගේ විශ්වාසයි බිලියන 200 ම වියදම් කරනවා විතරක් නෙමෙයි තව මදි වෙලා ණයටත් අරන් වියදම් කරන බව. වටේ ඉන්න කට්ටිය දැක්කහම ඇඟ හීතල වෙලා යනවා අයිබොවන්.
ඔය යනවිදියටනම් රටම කැලි කැලි වලට කඩලා බෙදයි වගේ තමයි.
ඔක්කොටම කලින් මහබැංකුවෙන් හොරා කාපු සල්ලි ටික දීල ඉන්න..
බිලියන ගණන්... වියදම් කරලා හරි වැඩක් කරන්න දැන් කාලේ ඇතිද?