අමදෝරු අමරජීව
සේරුනුවර පොලිස් වසමට අයත් කාවන්තිස්සපුර ප්‍රදේශයේ ගෙවත්තක අලීන්ගෙන් බෝග ආරක්ෂා කිරිමට අදින ලද අනවසර විදුලි වැටක පැටලි අද (1) පුද්ගලයකු මිය ගිය බව පොලිසිය පවසයි.
ඒ සම්බන්ධයෙන් අනවසර විදුලි රැහැන් ඇද්ද කාන්තාවක අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ මියගියේ සේරුවිල කාවන්තිස්සපුර පදිංචි එච්.ඩි.සෝමසිරි (62) නැමැති පුද්ගලයෙකි.
මියගිය අය උදෑසන බෝගවලට තෙල් ඉසින යන්ත්‍රය ලබාදිමට විදුලි රැහැන අදින ලද අල්ලපු ගෙදරට ගොස් ආපසු එද්දී මෙම අනවසර විදුලි වැටේ පැටලී විදුලිසැර වැදීමෙන් මරණය සිදුවි තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ විදියට විදුලි කම්බි හොරෙන් දැම්මත් ඒ පිළිබඳව හැමෝම දැනුවත් කරන්න ඕනෑ. අඩුමගානේ "අන්තරාදායකයි" කියල බෝර්ඩ් එකක්වත් එල්ලන්න ඕනෑ. අනික දවල් වරුවේදී විදුලිය විසන්ධි කරන්න පුළුවන්නේ.
අලි වගා බිම්වලට කඩා වදින හින්දා ඒ මිනිස්සු කරන්ට් දානවා. හරි කියලා අනුමත කරන්න බැහැ. අපි ඉන්න පළාත් වලත් හරක් තේ ඉඩම් වල පැල පාගලා විනාශ කරනවා. පොලිසි ගියාම අවවාද කරලා එවනවා. ආයි එ්කමයි. සත්තුන්ට ගහන්නත් බැහැ. ඒ මිනිස්සුත් ජීවත් වෙන්නනේ මේ හැමදේම කරන්නේ. අන්තිමට හිරේ යන්නත් ඕනේ...