කාංචන කුමාර ආරියදාස
මහින්ද රාජපක්ෂ රජය වසර තුනක් ඇතුළත යුද්ධය අවසන් කොට ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කළ බවත් නව රජය බලයට පත්ව වසර තුනක් ඇතුළත ප්රරජාතන්ත්රවාදය පමණක් නොව රටම විනාශයට පත් කළ බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද ගලේවෙල නගරයේ දී පැවසීය.
"එළිය " නමින් සංවිධානය කරගෙන යන වැඩසටහන් මාලාවේ මාතලේ දිස්ත්‍රික් වැඩසටහන ගලේවෙල ටි .බි . තෙන්නකෝන් අනුස්මරණ ශාලාවේදී පැවැත්විණි. හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්, පළාත් සභා හිටපු අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ඇතුළු පිරිසක් ද එළිය වැඩසටහනට සහභාගී වූහ.
එහිදී පැමිණ සිටි ජනතාව අමතමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියේ මේ වන විට රට විශාල ආර්ථික අර්බුදයකට ඇද වැටී තිබෙන බවයි. එදා බටලන්ද වධකාගාර පවත්වාගෙන ගිය පිරිස් මේ වන විට රටේ ප්රජාතන්ත්රවාදය ගැන කතා කිරන බවත්, තිස් වසරක් පැවති යුද්ධය අවසන් කොට රටේ සංවර්ධනය ස්ථාපිත කොට ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කිරීම මහින්ද රාජපක්ෂ යුගයේ දී සිදුකළ බවත් මේ වන විට වර්තමාන රජය ඒ සියල්ල විකෘති කරමින් රට විශාල විනාශයකට ඇද දමන බවත් ඔහු සඳහන් කළේය.
මේ වන විට රට පුරා දිනපතා අපරාධ රැල්ල වැඩිවී ඇති බවත් දිනපතාම මිනීමැරුම් රැසක් අසන්නට දකින්නට ලැබෙන බවත්, භික්ෂූන් වහන්සේලාට ජම්පර අන්දවන යුගයක් රට තුළ ක්‍රියාත්මක වන බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
ආචාර්ය පාලිත කොහොන , රියර් අද්මිරාල් සරත් වීරසේකර, වීශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල, ආචාර්ය නාලක ගොඩහේවා යන මහත්ම මහත්මීහුද මෙම වැඩසටහනේදී අදහස් දැක්වූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ආණ්ඩුවට, රටවැසියාට, පාස්පෝර්ට් දෙන්න බැරි වෙලා, අන්තිම අසාර්ථක ආණ්ඩුවක්... විකුණන්න විතරක් දන්නවා. පාස්පෝර්ට් එකක් මුද්‍රණය කරන්නෙත් පගාව ඉල්ලලා. මගේ පාස්පෝර්ට් එක, දින පනින්න එනවා. හිතේ අමාරුවෙන් ඉන්නේ පිටරටක. ලංකාවට ඇවිල්ල ගන්න ALL කන්ට්‍රි අලුත් පාස්පෝර්ට් ඉවරවෙලා. දෙන දවසක් කියන්න පුළුවන්ද?. ඡන්දයක් ආවම අපි පාස්පෝර්ට් දීලා ගෙදර යවමු.
ජවිපෙ මල්ලිලා සැම විටම කතා කොරන්නේ ඔබගේ තිබුණා.... යයි කියන සුදු වෑන් ගැනය. නමුත් 1989 රටේ පවතී මර්දනයට විශාල වශයෙන් දායක වූයයි ඔවුන්ම සහෝදරයින් පවසන ඔවුන් අත්දැකීම් ලද බටලන්ද වදකාගාරය ගැන කිසිම කතාවක් නැත මොවුන් මා දුටු නොම්මර එකේ කුහකයින්ය.
ඒ තිබ්බ තරු පහේ ප්රජාතන්ත්රවාදයත් , ආශ්චර්යයත් අපිට ඩබල්, ට්‍රිබල් කරලා නැවතත් දෙන්න මහත්තයෝ, අපි දෙන්නම් ඡන්දය...
මෙයාට නැවතත් ලංකාව මතක් වුනේ අයියා රජා වුනාට පාස්සේ. එහෙම වුනෙත් ඇමරිකාවේ හරිහමං රස්සාවක් නොතිබුණ නිසයි.
බලන් හිටපල්ලා හිට්ලර් එනකම්..උබලට දෙයි ආශ්චර්ය..මල්ලි හොරකම් කරපු දේවල් අයියත් කරයි. කතා කෙරුවොත් උබලා ඔක්කොම ඉවරයි.රටම ඉවරයි.. මුන් 1994 ඉදන් ආණුඩුවල හිටිය. බටලන්ද ගැන කතා විතරයි.දන්නවානම් නඩු දානවකො. මල්ලි ගියෙ ජිනීවා 89..මුකුත් උනාද? බොරු බයිල.
විනාශ කරන්න රටක් ඉතිරි කරලා ගියේ නැහැ. රටම විනාශ කළ නිසා තමයි එලවලා දැම්මේ... තවත් එනවා රටේ විනාශය ගැන කතා කරන්න ලැජ්ජා නැතිව... මිග් ගනුදෙණුව, එයාර් බස් ගනුදෙණුව, හෙජින් ගිවිසුම ග්‍රීක බැඳුම්කරය, හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපොළ, දක්ෂිණ අධිවේගි මාර්ගය වැනි ව්‍යාපෘති හරහා ඩොලර් මිලියන ගණන් ගසාකාලා මේ රට විනාශ කලේ රාජ නඩය බවට දැන් ජාත්‍යන්තරයෙන් පවා සාක්ෂි ලැබෙන මොහොතක තව දුරටත් කිඹුල් කඳුලු හෙලමින් රටේ ජනතාව රැවටීමේ උත්සාහය අනිවාර්යෙන්ම පරාජය කළ යුතුය.
බැලු බැලු අතේ හොරු. හොරු හොරුන්ට අභියෝග කරනවා. හොරු හොරුනව ආරක්ෂා කොරනවා. හොරු හොරුන්ගෙනුත් හොරකම් කොරනවා. මේක තමයි සංවර්ධනයට යන එකම පාර! ඔය මහත්තුරුන්ගේ සමාගම රට කාපු තරමට නම් කාලිංග මාඝ වත් කෑවේ නැහැ කියල හිතෙනවා මහත්තයෝ. ඉතුරු ටිකත් කන්න එපා .. අපිට ඉන්න හිටින්න තැනක් නැති වේවි!
වෙස් මුහුණු බැදන් ආවට අපි නැහැ රැවටෙන්නේ !
එළිය නොවේ බලිය...
අපිට දැන් රට ගැන කියන්නේ හිට්ලර්ලා... අද අඩුගානේ මෙහෙම කතා කරන්නවත් පුළුවන්... එදා රට ගැන කතාකරන්න තියා මේ අයියලා මල්ලිලා පාරෙයද්දි අපිට පාරක යන්නවත් දුන්නද? යුද්ධයට බයේ රටින් පැනල ගිය අය..
එතකොට යුද්දකලේ කවුද ? ‘එර්දි ‘ ගේ බාප්පද ? පුදුම කුහක මිනිස්සු ඉන්න රටක්. දැන් බලනකොට යුද්දේ කරලා තියෙන්නේ වෙන අය. හැබැයි , මානව හිමිකන් නඩු දල , කොටින්ව මැරුව කියල හිරේ දන්නේ යුද්දකලේ පැනලගියා කියල කියන ඝෝට ට .
තාමත් බොරුවට බටලන්ද ගැන කතා කරනව. බටලන්ද කොමිසම පත් කලේ චන්ද්‍රිකා, වාර්තාවට මොකද වුනේ.. ඊට පස්සෙ ගොට්ලර්ටයි, මහින්දටයි ඒක ප්‍රසිද්ධ කරන්න තිබ්බනෙ.. ඇයි නොකලෙ.. ? රනිල්ගෙ නම ඒකෙ නැති නිසා...මොන වැරදි තිබුනත් රනිල් තාමත් උසාවි ගිහින් වාරණ නියෝග ගත්තෙ නැහැ.. බටලන්ද කොමිසමටත් ගිහින් සාක්කි කූඩුවේ ඉඳන් සාක්කි දෙනව හැමෝම දැක්ක.
ඔය සංවිධානයට අපේ ගමේ මිනිස්සු කියන්නේ " බඩ එළිය " කියලයි. මොකද දන්නේ නෑ.
යුද්ධය ඉවර කල එකේ ගෞරවය රටේ මිනිස්සු ඉහලින්ම දුන්න නේද? එහෙම රජ වෙලා ඊළඟට මේ රට හදන්න දුටුගැමුණු රජ්ජුරුවන්ට ලැබූන අවස්තාව වගේ ස්වර්ණමය, සියලු බලතල සහිත අවස්තාවක් ලබා දුන්න නේද? මොකද කලේ? රට හැදුවද? පුළුවන් තරම් සකල සනුහරේම හොරකම් කරන්න පටන් ගත්ත. ඒවා ගැන තොරතුරු දන්නා කට අරින එවුන් අතුරුදහන් කළා. දිව්‍යලෝක සුඛ විහරණ මෙහෙදීම ලබා ගත්ත. දැන් ඒවා නැති දුකට අඬනවා මිසක් මොනවද මේ කියන්නේ? නන් දෙඩවිලි පමණයි.
මොවුන්ට වියත්තු කියනවානම් නිසි අද්යාපනය ලැබූ වියතුන්ට කව්රුන් කියලද කියන්නේ ? ලෝකයේ කුරිරු පාලකයෝ හරි හමන් අද්යාපනයක් නොලද්දෝය ..
මොවුන්ගේ යුගයේ එක්තරා උද්ගෝෂණයක රාජකාරී කරමින් සිටි පොලිස් උසස් නිලධාරියෙකුට අර වන්සක්කාර ඇමතිගේ සෙල්ෆෝනය මගින් වහාම ඔතනින් පිටවෙලා ගියෙනැතිනම් බලාගනින් කියා තර්ජනය කරන මොහුගේ හඬ සහිත වීඩියෝවම ඇති ප්‍රධාන සාක්ෂියට මොහුට ජම්පරේ අඳින්න . දැන් නිකන් කතාකරනවා මොකුත් නොකරපු තොත්ත බබෙක් වගේ ?අපේ කාර්ය භාරය මෙවැනි අධමයන්ගෙන් රට බේරා ගැනීමයි .
විනාසය කොහොම උනත් ඔය විදිහේ අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් මේවගේ ආණ්ඩුවක් තියෙන නිසා . හිට්ලරුයි එයාගේ අයියයි පාලනය කරන කාලේ, බඩ පලලා මුහුද මැද්දේ තමයි නතරවෙන්නේ. ධම්මික පෙරේරා
ආන් රට විනාස කරපු හැටි නිව්යෝක් ටයිම්ස් එකේ දාල තියෙනවා....
ප්රජාතන්ත්රවාදය කියන වචනේ වත් හරියට කියාගන්න බැරුව ජාති මාමකත්වය ගැන මොන කතාද මහත්තයෝ? ඔය ඔක්කොම අයගේ කෙරුවාව අපි පහුගිය මුළු කාලය පුරාම දැක්කා. පුම්බගෙන අලි, කොටි දෙනවා කියලා එනවා. අන්තිමට දුප්පත් අපිට මොකවත් නැහැ. ඔයගොල්ලෝ පවුල් පිටින් අපේ සල්ලිවලින් පිටරට වාසය කරනවා. නමුත් අපි මෙහෙ සදාකල්ම කාණු පල්ලේ...
බඩ පලපු එක්කෙනෙකුගේ නමක් කියන්න අපිටත් දැනගන්න.
පට්ට හොරුන්ට මෙහෙම කතා කරන්න පුළුවන් අපේ රටේ විතරයි. ඇමෙරිකන් කාරයෙක් වුනත් මෙහෙට වෙලා ඉන්නේ එ්කනේ... අපේ ගොන් වාහෙලත් යනවා මේ වගේ අයගේ කතා අහගෙන ඉන්න...
මේ දොඩමලු බමුණා ඔච්චරම මේ කොලම් එකේ ඉඩහසර නාස්ති නොකර අඩු ගානේ පන්දම් පාලි ප්රචාරක පත්‍රිකා ටිකක් ගහල බෙදා හරින්න වත් හිතුවොත් හොඳයි නේද? හිතාගන ඉන්නේ නොදන්නා මගුලක් නැහැ කියලයි. කියන දේවල් වලින් පෙනෙනවා එක්කෝ මෙලෝ හසරක් නොදන්නා බක පණ්ඩිතයෙක් නැත් නම් පරවේණි වහල් මානසිකත්වයෙන් හෙඩ්පීස් එක අංජබජල් ගහපු අසරණයෙක් වෙන්න පුළුවනි.
රට විනාශ කලේ අවුරුදු 70ක් මේ රට පාලනය කල දේශපාලන පක්ෂ දෙක සහ හැමදාම රැවටෙන අපි. නැවත වතාවක් බලය ගන්න දැන් බණ කියනවා.වෙස් මුහුණු පාට කරනවා. හිට්ලර්ලා එනකම් බලා ඉන්නවා. අපි අනිවාර්යෙන්ම රැවටෙනවා. නව මාවතක් තෝරා ගන්න අපි බයයි. බයට වඩා තිබෙන්නේ උප්පැන්න සහතිකයෙන් උරුම වෙලා තිබෙන ආගම, ජාතිය, කුලය වගේ පක්ෂයත් අමතක කරන්න බැරි කාලකන්නිකම. බුදලයක් වගේ පවත්වා ගෙන යන දේශපාලන පක්ෂ පල් ගොහොරුවෙන් ගොඩ එන්න අකමැති මහිෂ රංචුවක් අපි. සුදු වෑන් , කළු වෑන් ,බටලන්ද ගැන කතා කිරීම නොව ඒවා ප්‍රතික්ෂේප කර නව දේශපාලන ප්රවාහයකට යොමු වෙමු. රටට , ජනතාවට ආදරය කරන තරුණ මිනිසුන් නැතිව නොවේ.