(ටී.කේ.ජී.කපිල )
මත් කුඩු ගුලි ගිල දමා පැමිණි බ්‍රසීල ජාතිකයන් දෙදෙනාගෙන් මේ වන විට කොකේන් කිලෝ ග්‍රෑම් එකයි ග්‍රෑම් 950ක් එළියට ගැනීමට හැකි වී ඇතැයි පොලිසිය කියයි.
ගුලි 163ක තිබූ එම කොකේන් තොගයේ වටිනාකම රුපියල් හාර කෝටි අසූ පන් ලක්ෂයක් (4,85,00,000) බව ද පොලිසිය පවසයි.
30 හැවිරිදි පළමුව පැමිණි බ්‍රසීල ජාතිකයාගෙන් කොකේන් ගුලි 91 ක් සහ 24 හැවිරිදි දෙවෙනුව පැමිණි බ්‍රසීල ජාතිකයාගෙන් කොකේන් ගුලි 72 ක් ද ඒ ආකාරයට එළියට ගෙන තිබේ.
මොවුන් දෙදෙනා ඉකුත් 6/30 දින සහ 7/01 දින උදෑසන දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ යානා වලින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙත්දී නියෝජ්‍ය රේගු අධිකාරීවරුන් වන නුවන් අබේනායක සහ ශ්‍රීලාල් විජේවර්ධන යන මහත්වරුන් විසින් අත්අඩංගුවට ගනු ලැබ වැඩිදුර පරීක්ෂණ සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත බාරදී තිබිණි.
මෙම බ්‍රසීල ජාතිකයන් දෙදෙනා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ දින 7 ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම සඳහා මීගමුව මහේස්ත්‍රාත්වරයා අවසර ලබාදී තිබේ.
නියෝජ්‍යය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ උපදෙස් මත, පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී ටී.සී.ඒ.ධනපාල මහතාගේ අධීක්ෂණය සහ මෙහෙයවීම මත පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීහු පිරිසක් මේ පිළිබඳව පරීක්ෂණ පවත්වමින් සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔතැනින් ඔය සිද්ධිය ඉවරයි. මේ දෙන්නට සමහර විට දඬුවමක් ලැබෙයි. හැබැයි, මහ ඒජන්ත උන්නාන්සෙලා කවුද කියලා කවදාවත් එළියට එන්නේ නෑ. ප්‍රශ්න විචාරන කට්ටිය ඒක කවදාවත් එළියට දෙන්නේ නැහැ.
දැන් මෙහෙම මේ අයගේ මුහුණ ප්‍රසිද්ධ කළාම, මේ අයගේ මහා මොලකාරයින් ටික සීන් එකෙන් මාරු වෙන්න හදයි කියලා හරි මේක මේ දෙන්නගේ මානව හිමිකම් කඩවීමක් වෙනවා කියලා හරි හිතන්න මොලයක් නැද්ද?
මහලොකුවට ප්‍රචාර දෙන්න එපා... කරුණාකරලා ඔය වැඩ වල මුදුන් මුල හොයලා ඒවාට පිළියම් කරන්න... අපේ සිංහල මිනිස්සුන්ට හැමදේම මතක තියෙන්නේ බොහොම ටික කාලයක්... පාලකයෝ මොනවද කරන්නේ..? අපේ ඡන්දෙන් පත්වෙලා ගිය මිනිස්සු.. කෝ මොනවද කරන්නේ රටට... කතා කරලා වැඩක් නැහැ... කලකිරෙනවා කතා කලොත්...
ලංකාවේ කාගෙහරි ඇනවුමකටනේ මේවා ගේන්න ඇත්තේ. දැන් ඉතින් ඇනවුම් කල අයගේ විස්තරත් මේ දෙන්නගෙන්ම අහල දැන ගන්න ඕනෑ...