(සුජිත් හේවාජුලිගේ)
හම්බන්තොට වරාය ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව දීම සඳහා රාජපක්ෂ රජයේ මැතිවරණ ව්‍යාපාරයට චයිනා හාබර් සමාගමෙන් ඇමරිකානු ඩොලර් මිලියන 7.6 ක් ගෙන ඇති බවට නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ පළවු ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කල් තැබීමේ විවාදයක් පවත්වන්නැයි සමාජ සවිබල ගැන්වීමේ හා සුභසාධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා කතානායක කරු ජයසුරිය මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.
මේ සිද්ධිය රටේ මහත් ආන්දෝලනයකට ලක්වී ඇති හෙයින් සිද්ධිය ගැන ජනතාව දැනුවත් විය යුතු නිසා මේ අවස්ථාවේදී කල් තැබීමේ විවාදයක් පැවැත්වීමට ඉතාම වැදගත් බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැවසීය.
නිව්යෝක් ටයිම්ස් පුවත බොරුවක් නම් ඒ පුවත්පතට විරුද්ධව එන්තරවාසියක් යැවිය හැකි වුවත් මෙතෙක් එවැනි ක්‍රියාමාර්ගයක් නොගැනීමෙන් සැකය තව තවත් වර්ධනය වන බව කී රාමනායක මහතා ප්‍රවෘත්තිය බොරුවක් බව පවසා එන්තරවාසියක් යවා පෙන්වන්නැයි තමා හිටපු නායකයන්ට අභියෝගයක් කරන බවද ප්‍රකාශ කළේය.
රන්ජන් රාමනායක මහතා මෙසේද පැවසීය.
පුවත බොරු නම් ඒ ක්‍රියාමාර්ගයට යන්න පුළුවන් හිටපු නායකයාගේ පවුලේ නීතීඥවරයකු ඉන්නවා. ඇමෙරිකානු පුරවැසියන් දෙදෙනකු ඉන්නවා. මේ අයට හෝ මැදිහත් වෙලා මේ එන්තරවාසිය යවන්න පුළුවන්. නමුත් කවුරුත් ඒක කරලා නැහැ.
සාමාන්‍යයෙන් මෙවැනි වගකිව යුතු පුවත්පතක් කිසිදු වගකීමක් නැතිව පුවතක් පළ කරාවි කියලා හිතන්න බැහැ. මම මේ ගැන විමර්ශන අංශ කීපයකට පැමිණිලි කරලා තියෙන්නේ. දැනටමත් ඒ පිළිබඳ විමර්ශන සාර්ථකව යනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම හොඳයි ..ඒ වගේම අර එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්මන්ට් එක ගැනත් ඔය විදිහටම විවාදයක් ඉල්ලන්නකෝ..ඔබතුමාට ඒ ගැන කීප දෙනෙක්ම අභියෝග කලත් කිසිම සද්දයක් නැහැනේ ඒ ගැන
මේ ගැන කොමිසමක් පත් කරලා නඩු දාන්න කටයුතු කරන්නේ නැත්තේ මොකද?
යුද්දේ නතර කිරීම සහ සාම දුතයන් පලවා හැරීම තුළින් අපු බිල්ලෙක් මේ. .
අනිවාර්යෙන්ම මේ ගැන පාර්ලිමේන්තු විවාදයක් පමණක් නොව තේරිම් කාරක සභාවක් හරහා පරීක්ෂණයක් කළ යුතුයි. එම පරීක්ෂණය කර අවසන් වන තුරු චයිනා හාබර් සමාගමේ සියලු කටයුතු ලංකාව තුළ තහනම් කල යුතුය.
හැමෝගෙම කිල්ලෝටවල හුණු ටිකටික තියනවා කියන්නේ මේවට තමයි. 2010 ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකාටත් ඔහොම ඩොලර් 5000ක් විතර ඇමරිකාවෙන් ලැබුණා කියලා මට මතකයි...
ස්ත්‍රී දුෂකයෝ පාර්ලිමේන්තුවේ ඉන්න එක ගැනත් විවාදයක් ඉල්ලන්න ඕනේ. ඒවා මෙයට වඩා බරපතල වැරදි .
බැංකු හොරා බෙදපු සල්ලි ගැන විවාදයක් තිබ්බද? මට පෙනෙන විදියට බැකු හොරගෙන් සල්ලි ගත්තු 118 දෙනා ගැන යටපත් කොරන්න ප්ලෑන් කරලා මුදල් දී ප්‍රචාරය කොරපු එකක්. යුරෝපේ කොටියෙකු ලවා මේවගේ වැඩක් කොරගන්න හරිම ලේසි
රන්ජන් කරන්නේ මේ රට විනාශ කරන කොන්ත්‍රාත්තුවකි. එයට ඩොලර් මලුපිටින් ලැබෙන බව කිව යුතුයි.
අර බැඳුම්කරේ යට ගහන්න ගන්න උත්සාහයක් නෙමෙයි නේද? ඔය කාටකාටත් සාධාරණයක් වේවිද?
" වගකීමක් නැතිව පුවතක් පළ කරාවි කියලා හිතන්න බැහැ." ඔහෙට හිතන්න බැරිදෙවල් ලෝකේ ඕනෑතරම් සිදුවෙනවා.