නිමන්ති රණසිංහ
හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග යන අය මෙරටට පැමිණීමට කැමැත්තක් ඇත්නම් ඒ බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෆෙඩරල් අධිකරණයට සඳහන් කර අවසර ලබා ගන්නා ලෙස නීතිපති නියෝජනය කරමින් රජයේ නීතිඥ උදාර කරුණාතිලක මහතා සඳහන් කරයි.
මිග් යානා ගනුදෙනුවට අදාළ නඩුව අද (29) කැඳවු අවස්ථාවේ දී රජයේ නීතිඥවරයා මේ බව සඳහන් කළේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ දීය.
එසේම මිග් යානා සිද්ධියට අදාළව ගුවන් හමුදාවේ හිටපු හමුදාපතිවරයකු ඇතුළු ඉහළ නිලධාරීන් 5 දෙනෙකුෙග් බැංකු ගිණුම් 40 ක් පරීක්ෂා කිරීමට ද අධිකරණයේ අවසර ලැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ එයාගේ කැමැත්තෙන් එන්න බැරිද? අවසර ගන්න ඕනි කියන්නේ එහෙ උසාවියටත් මෙයාව ඕන කරලා තියෙනව නම් නේද? ඒ කියන්නේ එයා එහෙත් විත්ති කාරයෙක්ද? එයාව ගෙන්වලා දෙන්නම් කියපු අය මේවා දන්නවා ඇතිනේද? මොකුත් නොදන්නා මිනිස්සු ඉන්නේ අපි විතරක්ද? වෙන්න ඇති නේද?
ගෝටා කොහේ හරි ගෑවිලා තියනවද කියල අත්තා මුත්තා පනත්තගේ ඉදල හොයනවා. ඔහොම ගෑවිලා ඉන්න එවුන් අත්අඩංගුවට ගන්න බලනවා නම් ලංකාවට කිට්ටුව තව දුපතක් හදන්න වෙනවා හිර ගෙවල් හදල මේකේ ඉන්න මේ දේශපාලකයෝ ටිකයි අර නිලධාරී ටිකයි දා ගන්න.
යුද්ධය කියන්නේ පාලකයන්ගේ බිස්නස් එකක්. ඒකයි වසර තිහක් තිස්සේ යුද්ධ දිග් ගැස්සෙන්නත් හේතුව උනේ. සරත් ෆොන්සේකා මේ යුද්ධය අවසන් කල වරදට තමයි ජම්පරය ගහාගෙන වැලිකඩට යන්න උනේ .
මේවා සේරම සංදර්ශනය පමණයි.
මේවා නිකම් ඵලයක් නැති පරීක්ෂණ විතරයි.
ඒ කියන්නේ උදයංග ඉන්නේ ඩුබායි අත්අඩංගුවේ.. එහෙනම් මස්සිනා කියන්නේ එයා ගෙන්නනවා කියලා...
මේ අයව ගාවන්න දෙයක් නැහැ.. එයා දන්න නිසා තමයි වාරණ ඉල්ලන්නේ...