සිසුවා ඉවත් කරගන්නැයි බලපෑම් කළ විදුහල්පතිට නොතීසී බුත්තල දුටුගැමුණු පාසලේ ඉගෙනුම ලබමින් සිටින බාලවයස්කාර සිසුවකු පාසලෙන් ඉවත් කරගැනීමට දරුවාගේ පියාට බලපෑම් කළැයි කියන එම පාසලේ විදුහල්පතිවරයාට ලබන 28 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් වැල්ලවාය මහෙස්ත්‍රාත් කේසර සමරදිවාකර මහතා අද (22) නොතිසි නිකුත් කළේය. 22 June 2017
සයිටම් අර්බුදය සම්බන්ධ විශේෂ විවාදයක් අද පාර්ලිමේන්තුවේදී රටපුරා පැවැත්වෙන වෛද්‍ය වර්ජනය හා ඊයේ(21) සිදුවූ සයිටම් විරෝධී සිසුන්ට පහර දීම සම්බන්ධයෙන් විශේෂ විවාදයක් අද(22) පස්වරු 4.30ට පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙන බව කථානායක කරු ජයසුරීය මහතා සභාවට දැනුම් දුන්නේය. 22 June 2017
පේරාදෙණි සරසවියේ ලක්ෂ 320කට විදලා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ගිණුමක තිබු තිබූ රුපියල් ලක්ෂ 320 ක මුදලක් ලබාගෙන සැඟවී සිටින බව කියන නියෝජ්‍යය මුල්‍ය අධිකාරිවරයකුට එරෙහිව පේරාදෙණිය විශ්ව විද්‍යාලය මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. 22 June 2017
තඹුවා අල්ලන්න තාවකාලික අවසර පත්‍රයක් තඹුවා මත්ස්‍යයින් ඇල්ලීම සඳහා තාවකාලිකව අවසර පත්‍රයක් ලබාදීම සම්බන්ධයෙන් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ අවධානය යොමුව තිබේ. 22 June 2017
අයි.එස්. ත්රස්තවාදීහු අල් නූරි මහ පල්ලිය වනසති අයි.එස් සංවිධානය ඉරාකයේ මොසුල් නුවර අල් නූරි හි පිහිටි මහ පල්ලිය විනාශ කර ඇතැයි එරට හමුදාව ප්‍රකාශ කරයි. 22 June 2017
ශ්‍රී ලන්කන් මිලදී ගන්නේ නෑ-එමිරේට්ස් ශ්‍රී ලන්කන් ගුවන් සමාගම හෝ ලොව වෙනත් කිසිදු ගුවන් සමාගමක් හෝ මිලදී ගැනීමට සැලැසුම් කර නැතැයි එමිරේට්ස් ගුවන් සමාගම පවසයි. 22 June 2017
උදෑසන අටේ සිට වෛද්‍යවරු වැඩ වරති සෞඛ්‍ය අමාත්‍යංශයට කඩා වැදුණු විශ්ව විද්‍යාල සිසුන්ට පහර දීමට සහ සයිටම් ආයතනයට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට උදෑසන 8.00සිට වැඩ වර්ජනයක නිරත වන බව එම සංගමය කියයි. 21 June 2017
ලක් සිසුවිය බංගලාදේශයේදී කෙළසලා බංග්ලාදේශයේ චිතගොං ප්‍රදේශයේදී එරට තරුණයෙකු විසින් උසස් අධ්‍යාපනය ලබමින් සිටි ශ්‍රී ලාංකික ශිෂ්‍යාවක් දූෂණයට ලක්කොට ඇතැයි එරට පළවන ‘ද ඩේලි ස්ටාර් ‘ පුවත්පත් වෙබ් අඩවිය සඳහන් කර සිටී. 21 June 2017
‘කඩුගන්නාව - බලන අතර දුම්රිය මගේ දැනට අවදානමක් නෑ‘ කඩුගන්නාව හා බලන දුම්රිය ස්ථාන අතර ඉනිමග රවුම සිංහ කට බිං ගෙයට ඉහළින් ඇති ගල් පර්වතයෙන් දැනට අවදානම් තත්වයක් ඇති නොවුනත් ඊට පිළියම් නොකළහොත් ඉදිරියේදි නායාමේ අවදානමක් ඇතිවිය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරින්ට ප්‍රදේශවාසීහු පෙන්වා දුන්හ. 21 June 2017
පුත්තලම ප්‍රා සභාවේ හිටපු මන්ත්‍රී රිමාන්ඩ් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගනු ලැබූ පුත්තලම ප්‍රාදේශීය සභාවේ හිටපු ප්‍රාදේශීය සභා මන්තී‍්‍ර ලාල් පි‍්‍රයන්ත පීරිස් ලබන 27 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණී ආටිගල මහත්මිය නියෝග කළාය. 21 June 2017
පසුම්බියට විද්ද සොරා අල්ලන්න චීන ජාතිකයා දුම්රියෙන් පනියි කළුතර සිට දුම්රියෙන් කොළඹ පැමිණෙමින් සිටියදී සිය මුදල් පසුම්බිය සොරා ගෙන දුම්රියෙන් බිමට පැන්න සොරකු හඹායාමට දුම්රියෙන් බිමට පැන්න චීන ජාතිකයකු තුවාල ලබා රෝහල් ගත කරනු ලැබ ඇතැයි පොලිසිය කියයි. 21 June 2017
සිසු විරෝධතාව විසිරුවද්දී 87කට තුවාල අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාව විසිරුවා හැරීමේදී තුවාල ලැබූ 87 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව රොහල් ආරංචි කියයි. 21 June 2017
පර්පෙචුවල් සමාගම ආදායම් බදු ගෙවා නෑ අනෙකුත් ප්‍රාථමික ගැණුම්කරුවන් අතුරින් පසුගිය කාලයේ වැඩිම ලාභය වු රුපියල් කෝටි 504ක් ලබාගෙන ඇති පර්පචුවල් ටේරෂරීස් සමාගම 2015/2016 මුදල් වර්ෂය සඳහා ආදායම් බදු හෝ ගෙවා නැතැයි බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් ශ්‍රී ලංකා මහා බැංකුවේ බැංකු නොවන ආයතන අධීක්ෂණ දොපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂක සුරේෂ් ප්‍රසන්න සේදර මහතා අද (21) හෙළි කළේය. 21 June 2017
එජා ලේකම්ගේ තරුණ කටයුතු නියෝජිත ලංකාවෙන් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ තරුණ කටයුතු පිළිබඳ නව නියෝජිත ලෙස ශ්‍රී ලංකාවේ ජයත්මා වික්‍රමනායක මහත්මිය පත්කළ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. 21 June 2017
සරසවි පිවිසුම් ලිපි ප්‍රමාදය ගැටලුවක් නෑ අපොස උසස් පෙළ 2016 විභාගයේ කඩයිම් ලකුණු මත ඒ ඒ උපාධි පාඨමාලා සඳහා ලියාපදිංචි වීමට සුදුසුකම් ලැබූ සිසුන්ට ලිපි නිකුත් කර තිබෙන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා මහතා පැවසීය. 21 June 2017
සයිටම් විරෝධී සිසුන්ට කඳුළු ගෑස් - සෞඛ්‍ය අමාත්‍යංශයෙන් එළියට ඇද දමති අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සංවිධානය කරන සයිටම් විරෝධී පාගමන විසිරුවීමට පොලිසියට කටයුතු කළ අතර තුවාල ලැබූ සිසුහු දස දෙනෙක් කොළඹ ජාතික රෝහලට ඇතුළු කරනු ලැබූහ. 21 June 2017
හදවත් සැත්කමෙන් දෙමස් වියැති බිළිඳා මියයයි හදවතේ සිදුරක් සහිත වු මාස 02 ක් පමණ වයසැති දරුවකු ළමා හෘද රෝග විශේසඥ වෛද්‍යවරයාගේ අනුදැනුමකින් තොරව කරනු ලැබු ශල්‍යකර්මයකින් පසුව මියගොස් ඇතැයි ගාල්ල කරාපිටිය රෝහල් ආරංචිමාර්ග පවසයි. 21 June 2017
හිස් වූ උතුරු පළාත් අමාත්‍යධුර විග්නේෂ්වරන් පවරාගනී උතුරු පළාත් කෘෂිකර්ම ගොවිජන සේවා අමාත්‍යංශය සහ පළාත් අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍යංශය උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වෙත පවරාගනිමින් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වි විග්නේෂ්වරන් මහතා අද (21) උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනොල්ඞ් කුරේ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. 21 June 2017
බලහත්කාරකමේ ගිය පොලිස් සැරයන් ගුටි කා රෝහලේ කාන්තාවකට බලහත්කාරයෙන් ලිංගික අතවර සිදු කිරීමට තැත් කළ බව කියන පොලිස් සැරයන්වරයෙකුට එම කාන්තාව පොල්ලකින් පහරදී ඇති අතර බරපතල තුවාල ලැබූ පොලිස් සැරයන්වරයා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත. 21 June 2017
ඥානසාර හිමිට නඩු තුනෙන්ම ඇප බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව පැවැති තවත් නඩුවකදී ඒ හිමියන් රුපියල් 10000ක මුදල් හා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද(21) නියෝග කළේය. 21 June 2017
ප්‍රශ්න ඇසූ නිතිඥයාට විනිසුරුගෙන් අවවාද පේ‍්‍රමලාල් ජයසේකර මන්ත්‍රීවරයා ඇතුළු පිරිසකට එරෙහිව විභාගවන නඩුවේ දී පැමිණිල්ලේ සාක්කිකරුගෙන් ආවේගශීලී නොවී ප්‍රශ්න අසන්නැයි රත්නපුර මහාධිකරණ විනිසුරු නීතිඥවරයාට අද(21) උපදෙස් දුන්නේය. 21 June 2017
කරදියාන පාරේ කුණු දැමූ 40කට නඩු ඉදිරිපිට මාර්ගයේ දෙපසට කසළ මුදා හැරි බව කියන සැකකරුවන් 40 දෙනකුට එරෙහිව නඩු පැවරූ බව පිළියන්දල පොලිස් පාරිසරික ඒකකය කියයි. 21 June 2017
ඥානසාර හිමිට යළිත් ඇප සංවිධානාත්මක අපරාධ මැඩලීමේ ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා ඇප නියම කළේය. 21 June 2017
ඥානසාර හිමි අත්අඩංගුවට ප්‍රකාශයක් ලබාදීම සඳහා සංවිධානාත්මක අපරාධ මැඩලීමේ ඒකකයට ගිය බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගනු ලැබූ බව එහි ආරංචි පවසයි. 21 June 2017
එස්බී අස්ගිරි මහ නාහිමියන්ගෙන් සමාව ගනී සමාජ සවි බල ගැන්වීම් හා සමාජ සුභ සාධන අමාත්‍ය එස් බී දිසානායක මහතා අස්ගිරි මහ නාහිමියන් ඇතුළු මහා සංඝ රත්නයෙන් අද (21) පෙරවරුවේ සමාව ඉල්ලා සිටියේය. 21 June 2017
ඇතැම් ක්‍රීඩකයන් සෙල්ලම් කරන්නේ ඉන්දියාවට - ක්‍රීඩා ඇමති ඇතැම් ක්‍රීඩකයන් ලංකාවෙන් ශාරීරික යෝග්‍යතාවය (ෆිට්නස්) හදාගෙන ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩා කරන බව ක්‍රීඩා ඇමැති සහ කැබිනට් සම ප්‍රකාශක දයාසිරි ජයසේකර මහතා අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී කීවේය. 21 June 2017
ගිනි නිවන හමුදාවට බොරු කළ අයෙක් සොයයි කොම්පඤ්ඤවීදිය වෑකන්ද ප්‍රදේශයේ බේකරියක් ගිනි ගන්නා බවට ගිනි නිවන හමුදාව වෙත ව්‍යාජ පැමිණිල්ලක් කළ පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට කොම්පඤ්ඤවීදිය පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත. 21 June 2017
ඥානසාර හිමි අපරාධ මැඩලීමේ ඒකකයට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඇප මත මුදා හරිනු ලැබූ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සංවිධානාත්මක අපරාධ මැඩලීමේ ඒකකයට පැමිණියේය. 21 June 2017
හෙරොයින් ප්‍රවාහනය කළැයි දිවි ඇති තෙක් හිරගෙට හෙරෝයින් මත් කුඩු සන්තකයේ තබාගෙන ප්‍රවාහනය කළ සිද්ධියක් සම්බන්ධයෙන් පුත්තලම මහාධිකරණයේ වැරදිකරුවකු වු පුද්ගලයකුට ඡීවිතාන්තය දක්වා සිරදඩුවම් නියම කිරීමට පුත්තලම මහාධිකරණ විනිසුරු ඇන්ටනී කීටස් ඩෙප්ත් මහතා අද (21) නියම කළේය. 21 June 2017
දුම්රිය වැඩ වර්ජනය අත්හිටුවයි ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය රියදුරන් හා නියාමකවරුන් ක්‍රියාත්මක කිරීමට සිටි වැඩ වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව දුම්රිය නියාමකවරුන්ගේ සංගමයේ සභාපති ජානක ප්‍රනාන්දු මහතා පවසයි. 21 June 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026