නාලක සංජීව දහනායක
තැපැල් සේවකයින් විසින් ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් එකතු වී තිබූ සියළුම ලිපි ලේඛන හා පාර්සල් දින තුනක් ඇතුළත බෙදා අවසන් කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසීය.
දින 16 ක් පුරා පැවති තැපැල් වැඩවර්ජනය හේතුවෙන් දේශීය ලිපි හා විදෙස් ලිපි ලක්‍ෂ පහලොවකට අධික ප‍්‍රමාණයක් එකතු වී තිබෙන බවත් මෙම ලිපි හා පාර්සල් බෙදාහැරීම සඳහා දැනටමත් විශේෂ වැඩපිළිවෙලක් සකස් කර තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.
තැපැල් සේවක වෘත්තීය ගැටලූ කිහිපයකට විසඳුම් දෙන ලෙස ඉල්ලා තැපැල් සේවකයින් දින 16 ක් පුරා ක‍්‍රියාත්මක කළ වැඩවර්ජනය ඊයේ (26) රාත‍්‍රී නතර කළද තමන් තවදුරටත් අකුරට වැඩකිරීමේ වෘත්තීය ක‍්‍රියාමාර්ගයක නිරත වන බවද චින්තක බණ්ඩාර මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ දවස් 16ක වැඩ, දවස් 3කින් කරන්න පුළුවන් විදිහට ලේබර් කැපෑසිටි එකක් ඉන්නවා. ඒ කියන්නේ 1ට 5ක් ඉන්නවා. එයාලට ගෙවන්නේ අපෙන් ගන්න ටැක්ස් වලින් නේද?
මේ ගොල්ලන්ට සතියට දවස් තුනක් පමණක් පාර්ට් ටයිම් රැකියා දෙන්න
බොහෝ තැපැල් කාර්යාලවල වැඩ කරන්නේ ශිෆ්ට් ක්රමයට. බොරු අතිකාල කරන ක්රමයක් තැපෑලේ නැහැ. පළපුරුදු සේවකයින් දරන සාමුහික උත්සාහයකින් වැඩ අවසන් කල හැකිය. තාක්ෂණික දැනුම තැපැල් කාර්යාල ප්රයිජනයට ගන්නවා. අනෙක කාරය මණ්ඩලය දෙපාර්තමේන්තුව අනුමත කල සංඛාව ඉක්මවන්නේ නැත. පළපුරුදු තැපැල්කරු මහතකුට තමන් දන්නා විදියක, පාරක කෙතරම් ලිපි තිබුනත් අපහසුවක් නැහැ.
දාපු මුදල් ගන්නත් ක්රමයක් නැද්ද.?