ලොව සුප්‍රකට පොත් සල්පිලක් වන ‘බිග් බෑඞ් වුල්ෆ්’ පොත් අලෙවිසැල අද (28) ආරම්භ විය.
දෙවැනි වරටත් පැවැත්වෙන මෙම පොත් සල්පිල ජූලි මස (8) වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.
කොළඹ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්වෙන මෙම පොත් සල්පිට ඇතුළු වීම සඳහා කිසිදු මුදලක් අය නොකරන බව ද සංවිධායකයෝ සඳහන් කරති.
විවිධ ප්‍රභේද 20,000 වැඩි පොත් මිලියන 1.5කට වැඩි සංඛ්‍යාවක් සියයට 60ත් 80ත් අතර වට්ටමක් යටතේ මිලදී ගැනීමට මෙහිදි අවස්ථාව සැලසෙයි. දින 11ක් මුළුල්ලේ පැය 24ම විවෘතව තැබෙන මෙම පොත් සල්පිල අඛණ්ඩව පැය 255ක් විවෘතය පවතී.
පොත් සල්පිලට සමගාමීව ‘බිග් බෑඞ් වුල්ෆ්’ කණ්ඩායම පසුගිය වසරේ මෙන්ම මේ වසරේදීද සමාජ සත්කාරක වැඩසටහන් කිහිපයක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
ඒ අනුව තෝරාගත් පාසල් පුස්තල රැසකට පොත් දහසකට වැඩි ප්‍රමාණයක් නොමිලේ ලබාදීම සහ පොත් මිලදී ගැනීමට පැමිණෙන පාඨකයන් ද එකතු කරගනිමින් පොත් පරිත්‍යාග කිරීමේ ‘රෙඞ් රීඩර්හුඞ්’ වැඩසටහන ද මෙවර දියත් කෙරේ.
ඊට අමතරව අධ්‍යාපන අමාත්‍යාංශය හා එක්වෙමින් අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයෙන් ඉහළම ප්‍රතිඵල ලබාගත් සිසුන් පොත් ප්‍රදර්ශනයට සහභාගී කරවා ගනිමින් ඔවුන්ට අවශ්‍ය පොත් නොමිලේ ලබාගැනීමේ අවස්ථාවක් ද සලසා තිබේ.
‘බිග් බෑඞ් වුල්ෆ්’ජාත්‍යන්තර පොත් සල්පිලේ විශේෂ ප්‍රදර්ශනයක් ඊයේ (27) පැවැත්වුණු අතර අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ද ඊට සහභාගී විය.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමත් ඊයේ ගියා. පොත් සල්පිල හොදයි නමුත් දැන් පොත් ගන්න එන ජනතාව වැඩි නිසා අධික තදබදයක් තියෙනවා. ලබන අවුරුද්දෙ මේ ප්‍රදර්ශනය හොදට ඉඩකඩ තියෙන තැනක (BMICH වගේ ) තියෙනවානම් හොදයි.
ඔව් අනේ මෙතන ඒ ප්‍රශ්නේ ගිය අවුරුද්දේත් තිබුනා ලබන පාර වත් හරිගස්සන්න ( BMICH එකෙත් පොත් ප්‍රදර්ශනේ තැලෙන්නේ පොඩි වෙන්නේ නැත්තේම නැහැ නෙව )