චමිල් රූපසිංහ
අන්සතු කෙඩ්‍රිට් කාඩ්පතක් භාවිතා කරමින් රුපියල් 10,000 ක භාණ්ඩ මිලදී ගත් සහකාර විදුහල්පති ශ්‍රේණිය සමත් ගුරුවරියකට මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉන්දික අත්තනායක මහතා ලක්ෂය බැගින් ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට ඊයේ (26) නියෝග කළේය.
අදාළ සැකකාර ගුරුවරිය සිසිටීවී දර්ශන මගින් පේරාදෙණිය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. මෙම ගුරුවරිය එම මුදල් භාවිතා කර ඇද ඇතිරිලි පහක් හා සාරි දෙකක් මිලදී ගෙන ඇත.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධිය හදාරණ ගුරුවරියක් තමන්ගේ කෙඩ්‍රිට් කාඩ්පත පසුගිය 20 වැනි දා නැතිවු බවත් පස්වරුවේ දී තමාගේ ජංගම දුරකථනයට රුපියල් 10,000 ක් අර ගත් බවටත් මහනුවර වෙළඳසැලක නමකින් තමන්ට පණිවුඩයක් ලැබුණු බවයි.
එවිට තමන්ගේ අත් බෑගය නිරික්ෂණය කරද්දී කෙඩ්‍රිට් කාඩ්පත නැතිවී ඇති බව දුටු බවත් ඒ සම්බන්ධව පේරාදෙණිය පොලිසියට පැමිණිලි කර තිබේ.
ඉන්පසු පේරාදෙණිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක මහින්ද කල්දේරා මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් පරික්ෂණ සිදුකර එහිදී බැංකු කාඩ් භාවිතා කර මුදල් යෙදවීමේදී දුරකථනයට ලැබුණු පණිවුඩය මත භාණ්ඩ මිලදී ගත් වෙළඳසැලට ගොස් සීසීටීවි දර්ශන නිරික්ෂණය කිරිමේදී කාඩ්පත නැතිවු ගුරුතුමිය විසින් කාඩ්පතෙන් මුදල් ගනුදෙනු කළ ගුරුවරිය හඳුනාගෙන ඇත.
එහිදී ඇයව පොලිසියට ගෙනවිත් ප්‍රශ්න කරන අවස්ථාවේදී කාඩ්පතක් වැටී තිබෙනු දුටු බවත් එය තමන් ඇහිද ගත් බවත් තමන් නොදැන කර වරදක් බවත් පොලිසියේ දී පිළිගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන ගුරු ශ්‍රේණියක් අදාලවෙන්නේ කොහොමද? අනික අනුන්ගේ කාඩ් එකකින් බඩු ගන්න එක වැරදියි කියලා දන්නේ නෑ කියන්නේ කොහොමද?
ගුරුවරියක්, නියෝජ්‍ය විදුහල්පතිවරියක් බිම වැටිලා තියලා අහුලගත්තද? නොදැන කලවරදක්ද? කුමන ආගමක වුවත්, අන්සතුදේ ළඟ තබා ගැනීම සුදුසු නැත. සිසු සිසුවියන්ට කියලා දෙන්නේ මොනවද? මෙම ප්‍රශ්නවලට පිළිතුරු ඇගේ ළඟ තියනවද? අනේ අපගේ අනාගත පරපුරට වන අපරාදය... වහාම අධ්‍යාපන රාජ්‍ය සේවයෙන් නෙරපන්න.
කිතුල් ගහේ ගිය කෙනාටත් නිදහසට කාරණා තිබුණාලු. පරමාදර්ශී සේවයක් රැකියාව ලෙස කරන ගමන් අන් සතු බැංකුකාඩ් පතකින් හොරෙන් සල්ලි අරන් දානයක් දුන්නත් වැරදියි. මෙහෙම දේවල් දැන, උගත් කෙනෙක් නොදැන කළා වෙන්නේ කොහොමද? ගත්තු සල්ලි තමන්ගේ බැංකු ගිණුමේ සල්ලි නොවන බව දන්නවානේ. මේ ගුරුවරිය හොඳ වෙලාවට බැංකුවේ රස්සාවකට නොගියේ. එහෙනම් නොදැනුවත්කමින් කියමින් බැංකු සේප්පුවටත් වග කියාවි.
මෙතුමියට රටේම උත්තරීතරයි කියාගන්නා තැනක අවුරැදු පහේ රස්සාවට යන්න මූලික සුදුසුකමක් මේක.
පරමාදර්ශී සේවයක් තම රැකියාව ලෙස කරන මෙවන් උගත් තැනැත්තියක් මේ තත්වයට පත් වූ පසුබිමත් මේ සමගම විමසා බැලීම වටී.
වාතයක්, බොම්බේ කරන්න එපා. මෙතනට ඒ තැනැත්තියගේ තරාතිරමෙන් වැඩක් නැහැ. මේවැනි දෑ නොදැන කරනවානම් එතුමිය ගුරුවරියක් වෙන්න බැහැ.
වැදගත් උදවිය කියනවා වගේ මතක නැහැ කීවානම් අහවරනේ...
ඇගේ දක්ෂකම් ගැන නිකං ඉරිසියා කරන්න එපා. ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට අරගෙන ඇමැතිකමක් දෙන්න සුදුසු කෙනෙක් කියලයි මට හිතෙන්නේ. අඩුම තරමින් ප්‍රාදේශීය සභාපතිකමක් වත් දුන්නොත් නොම්මර එකට සංවර්ධනේ කරාවි !
හරියට කැකිල්ලේ කතන්දර වගේ
ඉතින් ඔබම එයාගේ තරාතිරම කතා කොරනවානේ. එයා ගුරුවරියක් ලෙස ඔබම හඳුන්වනවානේ. මොනවද මේකතා. හොරකමේ බර තරාතිරම අනුව වෙනස් බව දන්නේ නැද්ද. පාසල් සිසුවෙක් කරන හොරකමයි ඒ හොරකමම ගුරුවරයා කිරීමයි අතර වෙනස ඔබ දකින්නේ කොහොමද?